Vehicle Headlight කතන්දරේ

👁️ වාහනේ යද්දි Low Beam දාගෙන ගිහිල්ලත් ගෙදර ඉන්න අම්මට හචිං යන්නේ ඇයි ?

👁️ Headlight අලුතෙන් දැම්මට පස්සේ පාර හරියට පේන්නේ නැත්තේ ඇයි ?  


වාහනේ මොඩ්ල් එක හරියටම බලලා ගත්ත හෙඩ් ලයිඩ් දෙක වාහනේට දැම්මට පස්සේ ආයි මොකක්ද මේකේ මෙච්චර තියන කතන්දරේ 🥱🥱

මේකයි කතන්දරේ 👇👇

වාහනයක් ඒකේ මොන පැත්තේ වාඩි වෙලාද ඩ්‍රයිවු කරගෙන යන්නේ කියන එක බලලා මේ ලෝකේ වාහන වර්ග දෙකක් අදුරගන්න පුලුවන්.

✌️ Right Hand Drive / RHD( දකුණෙන් පදින වාහන )

☝️ Left Hand Drive / LHD( වමෙන් පදින වාහන )

👉 මේ දෙකේ RHD වාහන ගත්තම ඒක ඩ්‍රයිවු කරන කෙනා වාඩි වෙලා ඉන්නේ වාහනේ දකුණු අත පැත්තේ.උදාහරණයක් තමයි අපේ රට.ඔයාලා දැකලා තියනවා අපේ වාහන යන්නේ පාරේ වම් පැත්තෙ.ඒ වගේම ඩ්‍රයිවර් වාඩි වෙලා ඉන්නේ දකුණු පැත්තේ.තව උදාහරණ විදියට Australia, New Zealand, India, Japan වගේ රටවලුත් මේ විදියමයි.

👉 මේකෙම අනිත් පැත්ත තමයි LHD වලදි දකින්න තියෙන්නේ. Canada, USA, Korea, Italy,German වගේ රටවල් වල තියෙන්නේ මේ LHD ක්‍රමය.ඒ කියන්නේ වාහනේ ඩ්‍රයිවු වෙන්නේ පාරේ දකුණු පැත්තෙන් වගේම,ඩ්‍රයිවර් වාඩි වෙලා ඉන්නේ වාහනේ වම් පැත්තෙන්.

දැන් බලමු මොකක්ද මේක හෙඩ් ලයිට් එක්ක තියන සම්බන්ධේ කියලා.මේක සිංහලෙන් ලියන පෝස්ට් එකක් නිසා අපි අපේ රටෙන්ම මේක පැහැදිලි කරගමු.

📌️ රෑ වෙලාවක අපේ රටේ ඉදන් අල්ලපු රට ට (දකුණට😌) වාහනයක් පදින වෙලාවක් හිතන්න.දකුණු පැත්තේ වාඩි වෙලා අපි පාරේ වම් පැත්තෙන් මාතර පැත්තට යනවා.මාතර ඉදන් කොලඹ එන වාහනේ එන්නේ අපිට විරුද්ධ පැත්තෙන් ඒ කියන්නේ අපිට දකුණු පැත්තෙන්.පාරේ එහාපැත්තේ ලේන් එකේ.දැන් අපිට හෙඩ් ලයිට් එකේ එලිය ඕන වෙන්නේ මොන පැත්තටද?? 

මාතර ඉදන් කොලඹ එන වාහනේ හෙඩ් ලයිට් වැඩ කරනවනම් අපි එයාට අපේ හෙඩ් ලයිට් වලින් පාර පෙන්නන්න ඕනේ නෑ.ඒක එයා එයාගේ ලයිට් වලින් කරගන්න නිසා අපිට එලිය වැඩිපුර ඕනේ අපි වාහනේ පැදගෙන යන පැත්තට.ඒ කියන්නේ වමට.

☀️ මේක අපිට හොදට මීටර් වෙනවා බයික් එකක් රෑ පදිනකොට.අපි High beam( හෙඩ් එක ගහගෙන) ඇවිල්ලා Low beam (ඩිම් කලාම) ලෝ බීම් එක වදින්නේ පාරේ කෙලින්ම බිමට නෙමෙයි.වමට බරවෙලා බිමට.

📌️ වාහනේක හෙඩ් ලයිට් හදනකොට මේක ගැන හිතලා තමයි හදලා තියෙන්නේ.ඒ කියන්නේ එකම මොඩ්ල් එකෙන් රටවල් දෙකකට යවපු RHD වාහනේ හෙඩ් ලයිට් එකයි LHD වාහනේ හෙඩ් ලයිට් එකයි එකට එකක් සම්පූර්ණ ම වෙනස්.පිටින් බැලුවම මේ වෙනස පේන්නේ නැති උනාට ලයිට් එක පාවිච්චි වෙන වෙලාවට මේක හොදට තේරෙනවා.අපි හිතමු අපේ රටේ හෙඩ් ලයිට් එකක්.රෑ ගමනක් යද්දි අපි ලයිට් එක පාවිච්චි කරද්දි ලයිට් එක ඉස්සරහට වදින්නේ වම් පැත්තට වැඩියෙන් වගේම දකුණට අඩු කරලා.වාහනේ හෙඩ් ලයිට් දෙකම ඩිසයින් කරන්නේ මේ විදියට.මේක කොහොමද වෙන්නේ කියලා හොදටම පැහැදිලි වෙන්න මං පහල ඒවා වල පින්තූර ටිකක් දාන්නම්.

👉 හෙඩ් ලයිට් එකේ මේ නිර්මාණය කරලමයි එවන්නේ.ඒ කියන්නේ හයි කරලා ඉවර වෙලා අපිට මේක Adjust කරලයි අරකයි මේකයි කරලා පිටතින් RHD LHD මාරු කරන්න බෑ.ඒ කියන්නේ රිෆ්ලෙක්ටර් එකෙන් එලිය කෙලින්ම වාහනේ ඉස්සරහට දුන්නට බල්බ් එක තිරස් අක්ශයෙන් පැත්තකට ඈන්ගල් කරලා මේක නිර්මාණය කරලමයි එන්නේ.

👉 ලංකාවේ ගොඩක් අය මේ වැඩෙන් අමාරුවේ වැටෙන්නේ මොඩිෆිකේශන් කියලා ලයිට් මාරු කරද්දි වගේ වෙලාවට.මොකද ලංකාවට ඕන වෙන්නේ RHD Headlights උනාට ගොඩක්ම දැන් මාකට් එකෙේ LHD හෙඩ් ලයිට් තියනවා වගේම විකුණන ගොඩක් අය ඕක දන්නෙ නෑ,දන්න අය කියන්නේ නෑ.පිටරටවල් වල කාලෙකට සැරයක් වාහනේ ටෙස්ට් කරද්දි මේ වගේ දේවල් බැලුනට ලංකාවේ මේ දේවල් හරියට වෙන්නේ නෑ.

ඔන්න ඔය හේතුව නිසා තමයි උඩින්ම කියපු කාරණා දෙක වෙන්නේ.

☝️ පලවෙනි කාරණාව- RHD වාහනේට LHD Headlight එකක් දාගෙන පදිද්දි ඕකේ වැඩි එලිය යන්නේ පාරේ එහා පැත්තේ යන එකාගේ මූණට.ඒ කියන්නේ අර උඩ කියපු මාතර ඉදන් කොලඹ එන මිනිහහේ මූණට.ඉතින් ඕක High Beam දැම්මත් Low Beam දැම්මත් ඒ යකාට ඕක වේදනාවක්.මොකද Low Beam ගියත් ඒ වෙලාවටත් ලයිට් එකේ වැඩියෙන් ඉස්සරහට වදින්නේ අපේ ලේන් එකට නෙමෙයි එහා පැත්තේ ලේන් එකට. Low beam දාගෙන ගිහිල්ලත් ගෙදර ඉන්න අම්මට හචිං යන්නේ ඔන්න ඕක නිසා.

✌️ දෙවනි කාරණාව- මොකක් හරි හේතුවක් නිසා වාහනේ හෙඩ් ලයිට් මාරු කරද්දි මේ RHD එකකට LHD එකක් දැම්මම උඩ කිවුවා වගේ ලයිට් වල වැඩි එලියක් අපි වාහනේ පදින පැත්තට වදින්නේ නෑ.ආන්නේනිසා තමයි එලිය නෑ කියලා කියන්නේ.

📌️  ඒ නිසා වාහනේක හෙඩ් ලයිට් එකක් මාරු කරනකොට මෙන්න මේ දේ ගැන හොදට හොයලා බලන්න.ගොඩක් අය නොදැනුවත්කම නිසා වැරදි ලයිට් දාලා එයාලට පාර පේන්නෙත් නෑ එහා ලේන් එකේ අයට පාරේ යන්නත් නෑ


උපුටා ගැනීම -  සචින්ත සේනාරත්න😒😒

ජයවේවා🇱🇰💝


Post a Comment

0 Comments