හරි වාහනයක් ගත්තට පස්සේ ඕක ඔය ගත්ත විදියටම හැමදාම පදින්න පුලුවන් කියලා හිතන් හිටියට අරන් පදිද්දි එකේක කෑලි බෑලි දාන්න වෙනවනේ.ඔන්න ඔය දාන්න වෙන කෑලි ටික මාරු වෙලා එද්දි ඒ ටික හරි පාර්ට්ස් ටික නොදා එහෙන් මෙහෙන් එල්ලද්දි තමයි වාහන අට්ටාල වෙන්නේ
📌️ මොකක්ද මේ ස්පෙයා පාර්ට්ස් වල තියන කතන්දරේ?ස්පෙයාර් පාර්ට්ස් මොන මොන කොලිටීස් වලින්ද ගන්න තියෙන්නේ?මොනවද ඒ එකින් එකට තියන වෙනස්කම්? කොහොමද ඒවා අඳුරගන්නේ වගේම ලංකාවේ ඇත්ත තත්ත්වේ මොකක්ද ?
සාමාන්‍යයෙන් Spare Parts වර්ග 5 කින් වෙන වෙනම මිලදීගන්න පුලුවන්.ඒ වර්ග පහ කොලිටි එක සමාන ඒවා වගේම,කොලිටි එක අඩු වැඩි,මිල අඩු වැඩි විදියට ගන්න පුලුවන්.ඒ වර්ග 5 මොනවද කියලා බලමු.
🔖 Genuine Spare Parts
වාහන නිශ්පාදකයෙක් වාහනයක් සම්පූර්ණයෙන් හදලා එලියට දානකොට ඒකේ තියන දාස් ගාණක් කෑලි ඔක්කොම එයා හදන්නේ නෑ.උදාහරණයක් විදියට සම්පූර්ණ ගෙයක් හදන්න කොන්ත්‍රාත් එක "අංගසාම්යා කන්ස්ට්‍රක්ශන්" එකට දුන්නම දුන්නම එයා තෝරගත්ත හොඳ වැඩකාරයෙක් වෙච්ච "සමෝච්ඡ රේඛා ගාර්ඩ්න්ස්" එකට කියනවා ඒ ගෙදර මිඳුල හදලා දෙන්න කියලා.දෙන්නා එකතු වෙලා ගෙදරයි මිදුලයි දෙකම හදලා අපිට දෙනවා.
✔️ ඔය වගේම තමයි වාහන හදනකොටත්.Toyota එකෙන් හදන වාහනේ Gear Box එක Aisin ලා හදනවා,ඒ වගේම Aisin ලා BMW ලටත් Gear Box හදනවා.Mercedes Benz ලගේ Spark Plugs,Coils ටික Bosch ලා හදනවා, BMW,Mini,Land Rover ලගේ Gear Box ටික ZF ලා හදනවා, Diesel Injectors ගත්තම ඒ ටික Denso ලා හදනවා.Diamond ලා Mini,BMW,Peugeot,Mercedes ලගේ එන්ජින් හදනවා.
අන්න ඒ වගේ නිශ්පාදකයට ඕන කරන පාර්ට් එකේ Measurements වෙන ආයතන වලට දීලා ඒ පාර්ට් එක හදවගන්නවා.ඒ හදන්නේ Part Number එකක් යටතේ.ඒ කියන්නේ ජෙනුයින් ස්පෙයාර් පාර්ට් එකක්නම් අනිවාර්යයෙන් ම පාර්ට් නම්බර් එකක් තියනවා.මේ පාර්ට් නම්බර් එක ඒ අදාල ස්පෙයාර් පාර්ට් එකේ ගහලා එවනවා.
Quality එකෙන් වගේම විශ්වාසවන්ත කමෙන් වැඩිම හොදම තත්ත්වේ ස්පෙයාර් පාර්ට්ස් තමයි මේ ජෙනුයින් ස්පෙයා පාර්ට්ස් කියන්නේ.මේවා හන්දියේ සිල්ලර බඩු කඩෙනුයි හාඩ්වෙයාර් එකෙනුයිනම් ගන්න බෑ.එහෙනම් ගන්න පුලුවන් හැමදාම හොඳම බඩු විකුණන කොකිස් මෝටර්ස් එකෙන්ද?නෑ කොහෙන්වත් ගන්න බෑ.ජෙනුයින් ස්පෙයා පාර්ට්ස් ගන්න පුලුවන් ඒ අදාල වාහන ඒජන්ට්ගෙන් හරි ඒජන්ට් අවසර දීපු Dealership වලින්ම විතරයි.
🔖 OEM ( Original Equipment Manufacture) Spare Parts
"අංගසාම්යා කන්ස්ට්‍රක්ශන්" එකට ගාර්ඩ්න් හදලා දෙන "සමෝච්ඡ රේඛා ගාර්ඩ්න්ස්" ලා අරයට විතරක් නෙමෙයි මිඳුල හදලා දෙන්නේ.එයාලත් වෙනම එයාලගේ බිස්නස් එක ගෙනියනවා එයාලගේ නමින්.
ඒ කියන්නේ ඒ වාහනේ පාර්ට් එක හදපු කම්පැනි එකෙන් එයාලගේ නමින් වෙනම ඒ පාර්ට් එක ඒ විදියටම එලියට දානවා.ඒ පාර්ට් එක තමයි ඒ වාහනේට එන OEM ස්පෙයාර් පාර්ට් එක.ජෙනුයින් ස්පෙයාර් පාර්ට් එකෙන් පස්සේ දෙවනියට හොදයි කියලා කියන්න පුලුවන් පාර්ට් එක තමයි මේක.
උදාහරණයක් විදියට Mercedes ලට BOSCH එකෙන් හදලා දෙන ස්පාර්ක් ප්ලග් එක Mercedes කියලා ගහපු පෙට්ටියේ දාලා ඒජන්ට් විකුණද්දි ඒ පෙට්ටියෙන් ස්පාර්ක් ප්ලග් එක එලියට ගත්තම ඒකේ ගහලා තියෙන්නේ BOSCH කියලා. ඒ විදියට BOSCH කියලා ගහපු ඒ ප්ලග් එකම OEM පාර්ට් එකක් විදියට බොශ් නමින් විකිණෙනවා.
🔖 Substitute Spare Parts
"සමෝච්ඡ රේඛා ගාර්ඩ්න්ස්" ලා වගේම ඒ Quality එකෙන්ම හෝ,ඊට අඩුවෙන් "ඍජුකෝණී ගාර්ඩ්න්ස්" ලත් මිඳුල හදනවා.හැබැයි "අංගසාම්යා කන්ස්ට්‍රක්ශන්" ලා මිඳුල හදවන්නේ "සමෝච්ඡ රේඛා ගාර්ඩ්න්ස්" ලට කියලා විතරයි.
මේ විදියටම Mercedes ලා එයාලගේ Genuine පාර්ට් එක විදියට BOSCH Spark Plug එක ගන්නකොට වෙනම පාර්ට් නම්බර් එකකින්,ඒ Measurements වලටම NGK එකෙනුත් ප්ලග් එකක් හදනවා.ඒ පාර්ට් එක Substitute Spare Part එකක් විදියට අපිට ගන්න පුලුවන්.Quality එක වගේ විශ්වාසවන්තකම Genuine,OEM තරම් නැති උනාට යම්තාක් දුරකට බලාපොරොත්තු වෙන්න පුලුවන්.
🔖 Duplicate Spare Parts
උඩ කතා කරපු ස්පෙයාර් පාර්ට්ස් ඔක්කොම Genuine එකට බාහිර පෙනුමෙන් හොයන්න බැරි තරමට සමාන කරලා Quality එක සෑහෙන්න බාල විදියට ගොඩක් අඩු මිලකට එලියට එනවා.ජෙනුයින් එකක් දාන ගානට මෙයින් හතරක් පහක් දාන්න පුලුවන් කම තියෙන්න පුලුවන්.හැබැයි විස්වාස කරලා ගමනක් යන්නවත්,ගත්ත දවස තියන කැලැන්ඩර් කොලේ කඩන දවසක් වෙනකන් පාවිච්චි කරන්න පුලුවන් කියලවත් කියන්න නම් බෑ.
උදාහරණයක් විදියට BOSCH ලා ගහන ස්පාර්ක් ප්ලග් එක නිවුන්නු වගේ ඒ වගේම ප්ලග් එකක් ගහනවා ශැංකින් සුදුයකඩ වැඩකරුවෝ වගේ තව මොකක් හරි සෙට් එකක් එකතු වෙලා සත 85කට විතර😌
🔖 Used Spare Parts( ලංකාවේ කට්ටිය නම් රීකන්ඩිශන් කියලා කියන්නේ )
අපේ රටේ වාහන පට්ට ගගහා හද හද අවුරුදු පනහ හැට පැද්දට පිටරටකදි මේක වෙනස්.පාවිච්චි කරලා අයින් කරපු,ඇක්සිඩන්ට් නිසා අයින් කරපු වාහන ඒ රටවල් වලදි කෑලි කරලා මෙහෙට පටවනවා.ඒ කෑලි අපිට Used ස්පෙයාර් පාර්ට්ස් විදියට මෙහෙදි ගන්න පුලුවන්.හැබැයි මේකෙන් අපිට හැම පාර්ට් එකක්ම ගන්න බෑ.මොකද Air FilterOil Filters වගේ නැවත පාවිච්චි ක්රන්න බැරි පාර්ට් එකක් මෙතනදි බලාපොරොත්තු වෙන්න බෑ..ඒ ඒ පාර්ට් එකේ තත්ත්වය Genuine එක තරම්ම Quality වෙන්නත් පුලුවන්,Duplicate එකකටත් වඩා අන්ත වෙන්නත් පුලුවන්.මිලනම් ඉතින් අපේ අයියලා මාමලා එවෙලෙට කියන ගානක් තමයි 😁
✋😎 ඔය ටික මං මේ නිකන් ආතල් එකට කිවුවේ.ඔය කතන්දර ලංකාවේ අයියලට අදාල කාරණා නෙමෙයි 😌😌 ලංකාවේ තියෙන්නේ වෙනම කතන්දරයක්.අපි ගිහිල්ලා ස්පෙයාර් පාර්ට් එක ඉල්ලන්නේ කොහොමද?
😾 මේක ජපන් එකක් දෙන්න,
😏 ජපන් එක එපා තායිවාන් එකක් දෙන්න.
🤨 අයියේ අහවල් වාහනේ ඔරිජිනල් අහවල් එකක් දෙන්න.
😃 මල්ලි මේකේ ජෙනුයින් එක දෙන්න ( මේ ඒජන්ට් ගාවට ගිහිල්ලා නෙමෙයි කියන්නේ ඈ.හාඩ්වෙයාර් එකට ගිහිල්ලා😁 )
ඉතින් පැලතවානේ එකා මොකෝ කරන්නේ.මහත්තයා ඉල්ලන එක මොකක්ද කියලා හොඳට කනට දාගත්තා.ඒ නම පෙට්ටියේ ගහපු බඩ්ඩක් රාක්කෙන් අරන් දුන්නා.ඉල්ලපු නමේ හැටියට ගාන කැපුවා.හැබැයි රාක්කේ තියන හැම පෙට්ටියක් ඇතුලෙම තියෙන්නේ මොනවද🤔 චීනගේ බඩු මල්ලි චීනගේ බඩු😂😂 ඕකට කවුරු හරි නෑ නෑ නෑ එහෙම නෑ කියලා එහෙම කමෙන්ට් දාන්නෙපා හොදේ.මගේ ලිස්ට් එකේ ඉන්නවා ඔවාලගේ ජපන් පෙට්ටියට චීන කෑලි දාන අය.එයාලා ඔයාලට හප් කියයි😌
ඕන්නෝකයි මේ දූපතේ තත්ත්වේ.ඒජන්ට් ළඟ මේන්ටේන්ස් ඔක්කොම කරපු,පිළිවෙලට ඒවා වල රෙකෝඩ්ස් තියන් ඉන්න වාහනේකට සාමාන්‍යයෙන් වටිනාකමට වඩා සාමාන්‍යයෙන් ලොකු ගානක මාකට් එකක් හැදෙන්නේ ඔන්න ඔය හේතුව නිසා.කම්පැනි මේන්ටේන් කියලා කැප්ශන් එකක් එක්ක වාහනයක් විකුණන්න දැම්මම ගෝත කමෙන්ට් දානවට වඩා ඔන්න ඕක ඔලුවේ තියාගන්න එක වටිනවා😌😌
😌😌උපුටා ගැනීම - සචින්ත සේනාරත්න 😒😒
ජයවේවා🇱🇰💝
0 Comments