ශ්‍රී ලංකාවේ ඩ්‍රෝන සම්බන්ධ නීති රීති

ශ්‍රී ලංකාවේ ඩ්‍රෝන සම්බන්ධ නීති රීති  Drone rules and regulations in Sri Lanka


ඩ්‍රෝන යානා යනු නියමුවන් රහිත ගුවන් යානා වලට පොදුවේ හදුන්වන වචනයයි. ඉංග්‍රීසි බසින් Unman aerial vehicle (UAV) ලෙසින් හදුන්වයි. මෙම යානා වලට පවතින නීති රීති ස්කන්ධය අනුව ඛාණ්ඩ 4ක් යටතේ වර්ග කරයි.


A – 25KG > ට වැඩි

B – 1KG -25KG ත් අතර
C – 1KG – 200g ත් අතර
D – 200g < ට අඩු

A වර්ගය -

කැමරාවක් නොමැති 200g ට අඩු ඩ්‍රෝනයක් තම පුද්ගලික භූමියක යැවීමට අවසර ගැනීම අවශ්‍ය නොවේ.
තමාට හිමිකමක් නොමැති භූමියක යැවීමේදී අදාල භූමිය හිමි අය/ආයතනයෙන් ලිඛිත අවසරයක් ගැනීම අවශ්‍ය වේ.
යැවිය හැකි උපරිම උස ප්‍රමාණය - අඩි 150ක් (46m) පමණි. (තම භූමියේ හෝ වෙනත් ස්ථානයක වුවද) – [පියවි ඇසට පෙනෙන මානයෙන් ගුවන් ගත කිරීම සිදුකල යුතුවේ]

කැමරාවක් සහිත 200g ට අඩු quad copter යානයක් ගුවන් ගත කිරීමට නම්, (තම පුද්ගලික භූමියක වුවද) අන්තර් ජාතික සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් අවසර ගැනීම කලයුතුවේ.

[ප්‍රායෝගිකව මෙය කිරීම අපහසු බැවින් Toy grade drone එකක් නම් පමණක්ලගම පොලිස් ස්ථානය දැනුවත් කර තිබීම යෝග්‍ය වේ. - (මන්දඅසල් වැසියන්ගේ පෞද්ගලිකත්වයට මෙමගින් බලපෑමක් ඇතිවන බැවිනි)]

B වර්ගය - 

කැමරාවක් නොමැති 200g ත් 1KG ත් අතර පවතින ඩ්‍රෝනයක් තම පුද්ගලික භූමියක යැවීමට අවසර ගැනීම අවශ්‍ය නොවේ.
තමට හිමිකමක් නොමැති භූමියක යැවීමේදී අදාල භූමිය හිමි ආයතනයෙන් ලිඛිත අවසරයක් ගැනීම අවශ්‍ය වේ.
යැවිය හැකි උපරිම උස ප්‍රමාණය - අඩි 150ක් (46m) පමණි. (තම භූමියේ හෝ වෙනත් ස්ථානයක වුවද)

කැමරාවක් සහිත 200g ත් 1KG ත් අතර පවතින quad copter යානයක් ගුවන් ගත කිරීමට නම්(තම භූමියේ හෝ වෙනත් ස්ථානයක වුවද) අන්තර් ජාතික සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් අවසර ගැනීම කලයුතුවේ.

[ප්‍රායෝගිකව මෙය කිරීම අපහසු බැවින් Toy grade drone එකක් නම් පමණක්ලගම පොලිස් ස්ථානය දැනුවත් කර තිබීම යෝග්‍ය වේ. - (මන්දඅසල් වැසියන්ගේ පෞද්ගලිකත්වයට මෙමගින් බලපෑමක් ඇතිවන බැවිනි)]


B ඛාණ්ඩයට අයත් Quad copter සදහා උදාහරණ Syma X5C / SHDH5…


C වර්ගය - 

කැමරාවක් නොමැති 1KG -25KG ත් අතර පවතින ඩ්‍රෝනයක් තම පුද්ගලික භූමියක යැවීමට අවසර ගැනීම අවශ්‍ය වේ. – 
[ස්කන්ධය වැඩි බැවින්ද,ප්‍රබලතාවය වැඩි වීම නිසාවෙන් ද,අනතුරක් සිදුවුවහොත් එමගින් තෙවන පාර්ශවයට හෝ දේපලකට හානි ඇතිවිය හැකි බැවින් Quad copterයානය හා තෙවන පාර්ශවයක් සදහා පූර්ණ රක්ෂණාවරනයක් ලබාගෙන තිබිය යුතු වේ. (දේපල හා පුද්ගල හෝ සතුන් සදහා)]

තමට හිමිකමක් නොමැති භූමියක යැවීමේදී අදාල භූමිය හිමි ආයතනයෙන් ලිඛිත අවසරයක් ගැනීම අවශ්‍ය වේ.
යැවිය හැකි උපරිම උස ප්‍රමාණය - අඩි 150ක් (46m) පමණි. (තම භූමියේ හෝ වෙනත් ස්ථානයක වුවද) - 
[පියවි ඇසට පෙනෙන මානයෙන් ගුවන් ගත කිරීම සිදුකල යුතුවේ]

C ඛාණ්ඩයට අයත් Quad copter සදහා උදාහරණ DJI Pantom 3 Standed, DJI Pantom 4 Pro…


D වර්ගය - 

මෙම ඛාණ්ඩයේ ඩ්‍රෝන යානා - (Quad copter) ලෙස සලකනු නොලබන අතර මෙම යානා පැදවීම සදහා සාමාන්‍ය මගී ප්‍රවාහන ගුවන් යානයක් පැදවීමට තිබිය යුතු සියලුම සාධක සපුරා තිබිය යුතු වේ.මෙම යානා සාමාන්‍ය ගුවන් යානයක් සේ සලකනු ලබයි.


අවසර ගැනීම සදහා කලයුතු පියවර -


 ප්    ප්‍රථමයෙන් අන්තර් ජාතික සිවිල් ගුවන් සේවා අධිකාරියෙහි ඔබගේ යානය හා ක්‍රියාකරු වන ඔබ ලියාපදිංචි වියයුතු වේ.(වලංගු කාලය වසර 2කි. නැවත අලුත් කලයුතු වේ.)

·        ක්‍රියා කරවන භූමියේ ස්වභාවය අනුව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව/වන සංරක්ශණ දෙපාර්තුමේන්තුව වැනි ස්ථානයට අදාල රාජ්‍ය ආයතන වලින් අවසර ගැනීම කලයුතු වේ.

·         ඒ සදහා නියම කරනු ලබන ගෙවීම් සිදු කර වෙන්කරගත් කාලය තුල ගුවන් ගත කිරීම් සිදුකලයුතු වේ.

·        යානය මගින් තෙවන පාර්ශවයකට සිදුවිය හැකි හානි සදහා පූර්ණ රක්ෂණාවරනයක් ලබාගෙන තිබිය යුතු වේ. (දේපල හා පුද්ගල හෝ සතුන් සදහා)

ඉහත ලිඛිත ලියකියවිලි හා ලියාපදිංචි වීමෙන් තොරව ඩ්‍රෝන යානා භාවිතය විශාල දඩ මුදලක් හා අවුරුදු දෙකක සිරදඩුවමකට යටත්වේ. (යානය රාජසන්තක කෙරේ)


ලිපිය වටිනවනම්,
ඔබේ අදහස්,යෝජනා, චෝදනා, පහතින් comment කරන්න
ඔබේ යහලුවන්ගේ දැනුවත්කම උදෙසා මෙම ලිපිය share කරන්න..


මෙවන් තවත් වටිනා ලිපියකින් නැවතත් හමුවෙමු.


Post a Comment

0 Comments