ඉඩමක් මිලට ගැනීමේදි මූලිකව සැලකිලිමත් විය යුතු කරුණු




1) ඉඩමේ අයිතිය විකිණුම්කරුවන් සතුවිය යුතුය. අයිතිකරුවන් නොමැතිකමින් අයිතිකරුවන්ගේ ඇටෝනි බලපත්‍රකරුට පැවරීම කළ හැකි මුත් ඒ සඳහා විශේෂයෙන් බලය ලබාදී තිබිය යුතුය.

2) ඔබගේ නීතිඥ/නොතාරිස්තැන ලවා වසර 30ක් අතීතයට ඉඩමේ පත්තිරු පරීක්‍ෂා කරවා ගන්න. පත්තිරු ඉඩමේ මුල් ඔප්පුව ඉඩම් ලියාපදිංචි කාර්යාලයෙන් ලබාගත හැකිය.





3) නොබෙදූ ඉඩමක් නම් හවුල් අයිතිකරුවන් සියල්ල පැවරුම් ඔප්පුවට අත්සන් කළ යුතුය. ඔප්පු ත්‍යාගයක් සහ එය නැවත අවලංගු කළ හැකි පරිදි ලියන ලද්දක්ද, ජීවිත භූක්තියට පවතීද යන්නත් සොයා බලන්න.

4) දේපොළ විකිණුම්කරුට රජයේ ප්‍රධානත්වයෙන්, බලපත්‍රයක් යටතේ ලැබී ඇත්නම් ඔබ එය මිලදී නොගත යුතුය. එහෙත් රජයෙන් සින්නක්කර එය විකුණා ඇත්නම් ඔබ ආරක්ෂිතය.

5) ඉඩමේ කොටසක් හෝ රජයට පවරා ගැනීමට යටත්ද යන්න සොයා බලන්න. මෙය පළාත් පාලන ආයතනයෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සොයාගත හැකිය.

6) ඔබ මිලදී ගැනීමට යන කොටස මුල් ඔප්පුවේ උපලේඛනයට අයත් විය යුතුය. ඉඩමකට ඇති මාර්ග අයිතිය (පුද්ගල/පොදු) ඔප්පුවේ සඳහන්වී තිබිය යුතුය.

7)ඉඩම මිලදී ගැනීමේදී ඉඩමේ සාමාන්‍ය වෙළෙඳ පොළ තත්සේරු වටිනාකම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබාගන්න. ඔබ මුද්දර ගාස්තු ගෙවිය යුත්තේ එම වටිනාකමටය.

උපුටා ගැනීම - සරසි නෙත්මිණි











Post a Comment

1 Comments