DIALOG STAR POINTS වලින් වැඩක් ගන්නේ කොහොමද?

DIALOG STAR POINTS කල් ඉකුත්වෙන්න වෙන්න කලින් රීලෝඩ් එකක් දාගන්න.



හැමෝම වගේ දන්නව ඇති Dialog Star Points ගැන. අපි Star Points වලට සම්බන්ධ වෙළඳ ආයතන වලින් බඩු ගන්නකොටයි, Dialog සිම් එකක් පාවිච්චි කරනකොටයි ඉබේටම මේ Star Points අපේ ගිණුමට එකතු වෙනවා. Star Points වල වටිනාකම කියනවා නම්, 

1 Star Point = 1 LKR (රුපියල් 1)

සාමාන්‍යයෙන් අපි Dialog සිම් එකක් පාවිච්චි කරනකොට, ඒ කියන්නෙ Calls, Data, SMS වගේ දේවල් වලට ඒවට යන මුදලෙන් 1.5% ක් හැම තිස්සෙම Star Points වලට එකතු වෙනවා.

හැම අවුරුද්දකම දෙසැම්බර් මාසෙ කියන්න‍ෙ Star Points කල් ඉකුත්වෙන මාසෙ. හැම අවුරුද්දකම දෙසැම්බර් 31 න් පස්සෙ මේ Star Points කල් ඉකුත් වෙනවා.

ඒ නිසා අපිට පුළුවන් කල් ඉකුත් වෙන්න කලින් ඒ Star Points වලින් රීලෝඩ් එකක් දාගන්න. නැත්නම් මාසෙ බිලෙන් අඩුකරගන්න. ඒක කරන්නෙ මෙහෙමයි. 

මුලින්ම අපි Star Points කීයක් තියෙනවද කියල බලමු. ඒකට Dialog ෆෝන් එකෙන්  #141*1*1#  ඩයල් කරන්න. එතකොට Star Points කීයක් තියෙනවද කියලා පෙන්නයි.

ඔයාගේ ගිණුමේ Star Points 100 ට වඩා තියෙනව නම් ඔයාට ඒකෙන් රීලෝඩ් එකක් දාගන්න පුළුවන්. 100 ට අඩුවෙන් තියෙනවා නම් ඒක ඔයාට වියදම් කරන්න බෑ. 

ඔයාට වියදම් කරන්න පුළුවන් Star Points ගාණ හොයන්නෙ මෙහෙමයි.
ගිණුමේ තියෙන Star Points ගාණ - 100 = ඔයාට වියදම් කරන්න පුළුවන් Star Points ගාණ

උදාහරණයක් විදිහට ඔයාගෙ ගිණුමේ Star Points 129.64 ක් තියෙනවා නම්,
129.64 - 100 = 29.64

ඔයාට Star Points 29 ක් පාවිච්චි කරන්න පුළුවන්.

ඒකෙන් රීලෝඩ් එකක් දාගන්නෙ මෙහෙමයි. පසුගෙවුම් (bill connection) එකක් නම් ඊළඟ බිලෙන් ගාණ අඩුකරගන්නෙත් මෙහෙමම තමයි. 

ඔයාගෙ Dialog ෆෝන් එකෙන් STAR<හිස්තැනක්>PAY<හිස්තැනක්>අර වියදම් කරන්න පුළුවන් කියලා කලින් හොයාගත්තු ගාණ ටයිප් කරලා 141 ට SMS එකක් යවන්න. 

උදාහරණයක් විදිහට කලින් අපි ගත්ත උදාහරණයේ වියදම් කරන්න පුළුවන් Star Points ගාණ 29.64 ක් නිසා,
STAR PAY 29.64 ටයිප් කරලා 141 ට යවන්න.

ටික වෙලාවකින් ඔයාට රීලෝඩ් එකක් එයි. නැත්නම් බිලෙන් ඒ ගාණ අඩුවුණා කියලා SMS එකක් එයි. 

Star Points ගැන වැඩි විස්තර දැනගන්න ඕනෙ නම් www.starpoints.lk වෙබ් සයිට් එකට යන්න. 

එහෙනම් දෙසැම්බර් 31 ට කලින් Star Points වලින් වැඩක් ගන්න. නැත්නම් අපරාදෙනෙ

(උපුටා ගැනීම (http://www.sathsayura.lk)


ලිපිය වටිනවනම්,
ඔබේ අදහස්,යෝජනා, චෝදනා, පහතින් comment කරන්න
ඔබේ යහලුවන්ගේ දැනුවත්කම උදෙසා මෙම ලිපිය share කරන්න..

මෙවන් තවත් වටිනා ලිපියකින් නැවතත් හමුවෙමු.


Post a Comment

0 Comments