සිංහල භාෂාව ගැන මේ දේවල් දන්නවද?

භාෂා විද්‍යාවෙදි සිංහල භාෂාව සැලකෙන්නේ Left-branching භාෂාවක් විදියට. ඒ කියන්නේ වාක්‍ය ගොඩනැගෙන්නේ වමේ සිට ආරම්භ වෙන විදියට. මේ වර්ගයේ බොහෝ භාෂාවල වගේම සිංහල භාෂාවෙත් වචන රටාව (Word order) යෙදෙන්නේ Subject - Object - Verb (SOV) හෙවත් කර්තෘ - කර්මය - ක්‍රියාව යන අනුපිළිවෙලට.  සිංහලයේ වචන රටාව ඉංග්‍රීසි භාෂාවේ වචන රටාව එක්ක සංසන්දනය කරොත් ඔබට පෙනේවි ඉංග්‍රිසි වචන රටාව SVO හෙවත් Subject - Verb - Object අනුපිළිවෙලට යෙදෙන්නක් බව. 


සිංහල අක්ෂර මාලාව ඇත්තටම ගත්තොත් හෝඩියක් හෙවත් Alphabet එකක් නෙවෙයි. භාෂා විද්‍යාවට ව්‍යංජන සහ ස්වර අක්ෂරවල යෙදීම අනුව විවිධ අක්ෂර මාලාවන් වර්ග 03 කට බෙදෙනවා. කිසියම් ශබ්දයක් ලිවීමේදී ව්‍යංජන අක්ෂරවලට සහ ස්වර අක්ෂරවලට එක සමාන අගයක් සහිත වෙනම ඒකක දෙකක් වශයෙන් යෙදෙනවා නම් ඒ වගේ අක්ෂර මාලාවන් Alphabet. උදාහරණයක් විදියට 'Ki' කියන ශබ්දය ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න 'K' ව්‍යංජන අක්ෂරයත් 'i' ස්වර අක්ෂරයත් එක සමානවම යෙදෙනවා. නමුත් සිංහල භාෂාවෙන් 'කි' ශබ්දයට 'ක' ව්‍යංජනයත් 'ඉ'  ස්වරයත් යෙදුනත් ඒ ශබ්දය ලිවීමේදී ව්‍යංජනය සහ ස්වර අක්ෂරය කියන දෙකම එකම ඒකකයක් බවට පත්වෙනවා. ඒ නිසා සිංහල අක්ෂර මාලාව වැනි අක්ෂර මාලාවන් සැලකෙන්නේ Abugida එකක් විදියට. 


කලින් සදහන් කළ අක්ෂර මාලාවන් වර්ග 03 න් තුන්වැනි වර්ගය තමයි Abjad කියන්නේ. ඒ කියන්නේ ලිවීම සදහා ස්වර අක්ෂර නොයෙදෙන භාෂාවන්. මුල් හීබෘ වැනි භාෂාවන් මේ වර්ගයටයි අයිති.  

ඉංග්‍රීසි හෝඩියේ අකුරු කීයද කියලා ඇහුවොත් බොහෝ දෙනෙක් උත්තරය දන්නවා. ඉංග්‍රීසි හෝඩියේ අකුරු ටික කියන්න බලන්න කිව්වම ඇස් පියාගෙන හුස්ම ගන්නෙත් නැතුවම කියලා දාන්නත් පුලුවන්. හැබැයි ගොඩක් අය සිංහල හෝඩියේ අකුරු කීයද


උපුටා ගැනීම - Prageeth Liyanaarachchiගේ ෆේස්බුක් පිටුව

Post a Comment

0 Comments