ටයර් වලට නිකන්ම හුලං නොගහා නයිට්‍රජන් ගහන එකෙන් ලැබෙන වාසි,අවාසි මොනවද?

❌ටයර් වලට නිකන්ම හුලං නොගහා නයිට්‍රජන් ගහන එකෙන් ලැබෙන වාසි,අවාසි,ආතල් මොනවද?❌

වාහන පදින ගොඩක් අය නිකන්ම කම්ප්‍රෙශර් එකෙන් හුලං ගහගන්නේ නැතුව නයිට්‍රජන් ගහනවා.ඕකෙන් වාසි අවාසි දෙකම තියනවා.මේ ලියන එකෙන් එක පැත්තකට අදින්නේ නැතුව දන්න දේ ලියන්නේ.නයිට්‍රජන් ගහන අයයි,නොගහන අයයි කුලප්පු වෙනවනම් එන්න අපි කමෙන්ට් වලින් මරාගමු😌😌😌


මුලින්ම බලමු දුවන වාහනේක ටයර් එකකට නයිට්‍රජන් ගහන එකෙන් මොන වගේ වාසිද ලැබෙන්නේ කියලා

✔️  ටයර් වල ප්‍රෙශර් අඩු වෙන්න ටිකක් කල් යනවා

  නයිට්‍රජන් අණුවක් ඔක්සිජන් අණුවක් එක්ක බලද්දි ප්‍රමාණයෙන් ලොකුයි.ඒ නිසා පොඩ්ඩක් හරි ඉඩක් තියන තැනකින් ඔක්සිජන් අංශු එලියට යනවට වඩා නයිට්‍රජන් අංශුවක් එලියට යන්න ටිකක් අමාරුයි.ටයර් එකක රබර් එක අතරින් උනත් මේ විදියට වාත අංශු එලියට කාන්දු වෙන්න පුලුවන්.අන්න ඒ නිසා පිරිසිදු නයිට්‍රජන් වලින් ටයර් ප්‍රෙශර් වැඩි කාලයක් තියාගන්න පුලුවන් 

✔️  මොකක් හරි ලෝහමය තැනක ජලවාශ්ප,ඔක්සිජන් අඩුයි කියන්නේ එතන මලකඩ කන්න පුලුවන් හැකියාව අඩු වෙනවා.ඒ නිසා ටයර් වල කම්බි,රිම් වගේ තැන් මලකඩ කන්න පුලුවන් හැකියාව පොඩ්ඩක් අඩු වෙනවා.ඒ වගේම TPMS ( Tyre Pressure Monitoring System ) තියන වාහනේකටත් මේක වාසියක්.මොකද ජලවාශ්ප නිසා මේ සෙන්සර් ආයුකාලය අඩු වෙන්න තියන අවදානම අඩු වෙනවා.

✔️  නයිට්‍රජන් කියන්නේ ප්‍රතික්‍රියාශීලීබව ගොඩක් අඩු වායුවක්.ඒ වගේම රත්වෙනවත් සාපේක්ෂව අඩුයි.ඒ නිසා රත්වෙන,ලොකු ප්‍රෙශර් එකක් එක්ක තියන තැනකදි මේ වායුව පීඩන වෙනස්කම්,ප්‍රතික්‍රියා කරන ගතිය පොඩ්ඩක් අඩුයි.ටයර් එකේ රබර් එක උනත් කාලයත් එක්ක ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුලුවන්.

✔️  නයිට්‍රජන් කියන්නේ සැහැල්ලු වායුවක් නිසා බර අඩුයි.ටයර් එකකට ගැහුවට පස්සේ ඒ වාහනේ ගැස්සිම් අඩු වෙන්න පුලුවන්,සැහැල්ලු වෙන්න පුලුවන්.ඒ නිසා ටයර් ගෙවෙන්න,ඉන්ධන පිච්චෙන්න වගේ දේවල් වලදි පොඩ්ඩක් වාසි පැත්තට බලපාන්න පුලුවන් 

✔️  නයිට්‍රජන් ගහනකොට එතන ජලවාශ්පත් අඩුයි.ජලවාශ්ප අඩු වෙනකොට මලකඩ කන ගතිය අඩු වෙනවා වගේම තව වාසියක් තියනවා.හුලං ගහන වෙලාවට ජලය වාශ්ප විදියට තිබ්බට ඕක ටයර් එක ඇතුලෙදි ද්‍රව ගතියට හැරෙනවා.එහෙම වෙනකොට ජලවාශ්ප පරිමාව අඩු වෙලා ටයර් එක ඇතුලේ පීඩන වෙනසක් වෙන්න පුලුවන්.ජලවාශ්ප අඩු වෙන තරමට ඒ අවාසිය මග ඇරෙනවා

🙏  දැන් ඉතින් අහන්නෙපා ඉස්සර වාහන වලට නයිට්‍රජන් ගැහුවද,ඒ කාලේ නයිට්‍රජන් තිබ්බද,එහෙමයි කියලා ඒ කාලේ ටයර් පිපුරුවද වගේ ආතල් කතා.එහෙමත් අහ අහ තමයි අපේ උන්දැල ටැංකියට ඉකෝ ටැබ්ලට් දාන්නේ.ඒක ගැන පස්සේ මරාගමු😂😂 ඒ කාලේ නොකරන දැන් කරන දේවල් කරන්නේ ඒ කාලේ වාහන නෙමෙයි දැන් තියෙන්නේ.ඒ කාලේ නොදන්න දේවල් තමයි මේ කාලේ අලුතෙන් හොයාගෙන පාවිච්චි කරන්නේ💝

🙏  ආයි කියන්නෙපා කොහොමත් වායුගෝලේ 80%කට කිට්ටු ගානක්ම තියෙන්නේ නයිට්‍රජන් නේ.ඉතුරු 20% වගේනේ අනිත් දේවල් තියෙන්නේ,ඒ නිසා කොහොමත් එකයිනේ ඉතින් ඉම්හි ඉම්හී කියලා.ඒ 20%න් ලොකු බලපෑමක් කරන්න පුලුවන්.හයිස්පීඩ් ස්ටීල් හදද්දිත් ඒකට කාබන් දාන්නේ 0.75-1.20%ක් වගේ පොඩි ප්‍රමාණයක් විතරයි.


අපි මෙහේ පියෝ නයිට්‍රජන් ම ගහනවා කියලම හිතන අයට අපි බලමු ඕකේ අවාසියක් දෙකක් තියනවා,ඒ මොනවද කියලා 

❓  ලොකුම අවාසිය තමයි එක ටයර් එකකට 50ක් වගේ ගානේ දීලා(සමහර පැති වල ගාන ඊටත් වැඩියි) රෝද හතරේ වාහනේට හුලං ගහන්නම 200කට වැඩි ගානක් යට කරන එක

❓   ඊලග එක තමයි හදිස්සියේ හුලං ගහගන්න ඕන වෙලාවක දහ අතේ නයිට්‍රජන් තියන තැනක් හොයන්න වෙන එක.ඊට පස්සේ හොයාගන්න බැරිම තැන නිකන්ම හුලං ගහගෙන ආයි යන ගමන් හුලං ඔක්කොම ඇරලා ආයි නයිට්‍රජන් පුරවන එක ( අඩු පුරවනවට වඩා ගාන වැඩියිනේ ඉතින් ඔක්කොම ගහන්න ගියාම )

  රේසින් කාර්,ගුවන්යානා වගේ ඒවට මේ නයිට්‍රජන් ගහන්නේ ඒක ගොඩක් බලපෑමක් තියන දෙයක් නිසා.මොකද රේසින් කාර් එකක් දුවද්දි,ගුවන්යානයක් ලෑන්ඩ් කරද්දි ටයර් වලින් දුම් දාන්න රත් වෙනවා.මේ වෙලාවට ටයර් ඇතුලේ ක්‍රියාකාරී වායුවක් වෙන ඔක්සිජන් තිබ්බොත් මේක ලොකු විනාසයක් වෙන්න පුලුවන්.ඒ වගේම ගුවන් යානයක් ලෑන්ඩ් කරද්දි රත් වෙනවා වගේම,අඩි දහස් ගානක් උඩ තියෙද්දි කූල් වෙනවා.මේ වගේ උශ්ණත්ව,පීඩන වෙනස්කම් නිතරම වෙනකොට සක්‍රීය වායුවක් ටයර් වල තියන එක අවාසියක්.

සාමාන්‍ය වායුගෝලයෙන් නයිට්‍රජන් වෙන් කරනවා කියන්නේ ගොඩක් සරල දෙයක් නෙමෙයි.ඉතින් සංකීර්ණ ක්‍රියාවලියකින් පස්සේ ගන්න නයිට්‍රජන්,ටයර් 4කට රුපියල් 200කට ගහයි කියලා හිතනවද? එහෙනම් එක ටයර් එකකට අඩුම 1000/=ක්වත් ගන්න වෙයි.ඒ වගේ පියෝ නයිට්‍රජන් ගහලා උඩ කියපු වාසි හරියටම ගන්න ඕනෙනම් නයිට්‍රජන් පුරවපු ටැංකියක් සල්ලි දීලා අරන්,රෙගියුලේටර් එකක් ගහලා ටයර් වලට ගහගන්න😎😎


එතකොට මොකක්ද මේ ලංකාවේ නයිට්‍රජන් ගහනවා කියලා කරන්නේ🤔

👉  ලංකාවේ Filling Station Machine එකේ Dust and Moisture remover එකක් තියනවා.ඒ කියන්නේ වෝටර් සෙපරේටර් එකක්.ඒ වගේම ෆිල්ටර්ස් තියනවා ඔක්සිජන් වෙන් කරන්න පුලුවන් විදියේ ( හැබැයි ගොඩක් තැන් වල කම්ප්‍රෙශර් බටේම ගහලා තමයි සල්ලි අරන් නයිට්‍රජන් කියලා නිකන් හුලංම ගහන්නේ ඈ😂😂 ) මේකෙන් ඔක්සිජන්,ජලවාශ්ප යම්තාක් දුරකට අයින් කරනවා.සම්පූර්ණයෙන්ම නෙමෙයි.මේ දේ හරියටම වෙනවා කියලා හිතන්න පුලුවන් පැය භාගයක් විතර අරන් හිමීට හුලං ටික ගහනවනම්.ඒත් මේ ගහන ස්පීඩ් එකට ඔය වැඩේ හරියටම වෙනවා කියලා හිතන්න අමාරුයි.ඒ කියන්නේ ඇත්තටම නයිට්‍රජන් ගහන්නේ නෑ.ඔක්සිජන්,ජලවාශ්ප යම් තරමක් අයින් කරපු වායු මිශ්‍රණයක් ම තමයි පම්ප් වෙන්නේ(හැබැයි මෙතන අනිවාර්යයෙන් ම නයිට්‍රජන් ගොඩක් දුරට වැඩියි)

❌❌ ඕකෙන් වෙන්නේ මොකක්ද,වාසි අවාසි වගේම දැන් බලමු මොකක්ද මේ අපේ අය ගන්න ආතල්ලෙක කියලා 😌😌

 👉  මුලින්ම මෙහෙම දෙයක් තියනවා.ලංකාවේ වාහන කියන්නේ උපරිම 100Kmph-1 ක වගේ වේගයක් එක්ක දුවන වාහන(නීත්‍යානුකූල විදියට) එතකොට මේ ටයර් පුපුරන්න තරම් රත් වෙනවා කියන එක තේරුමක් නැති කතාවක්.( බ්‍රේක් බයින්ඩ් එකක් එක්ක දුවනවා වගේ වෙලාවකදි රත් වෙන්න පුලුවන් )මොකද මේ ටයර් හදන්නේ >250Kmph-1  තරම් ලොකු ස්පීඩ් වල දුවන වාහන වලටත් ගැලපෙන විදියට

👉  පාරට බැස්සම අලි නාන වලවල්,ඔලුව හුඩ් එකේ වදින ගැටි.ඉතින් මෙතන ගැස්සිම් අඩු කරන්න,ගෙවීම් අඩු කරන්න,කම්බි නොකැඩි දුවන්න කියලා නයිට්‍රජන් වලින් ටයර් පිරෙවුවා කියලා ඇති වැඩක් නෑ

👉  නයිට්‍රජන් ගගහා දුවන එක මහත්තයෙක්වත් සර්විස් එකට ජැක් එකට දාපු වෙලාවකවත් වාහනේ යටට පොඩ්ඩක් රිංගලා බලන්නේ නෑ.නිකමට රිංගලා බලන්න.යට හෝදනවා කියලා ඔයිල් ගහලා රබර් කෑලි ඔක්කොම කාපු පොල් මද වගේ,චෙසි දිරලා,ලෝවර් ආම් අපර් ආම් බුශ් තිබ්බද කියලා නෑ,වාහනේ යද්දි මල්ලක දාලා පොලේ ගහනවා වගේ,වෙල්ඩින් කරලා බොර කඩපු නැති තැන් පවා ඇති,ටයර් එක හදලා අවුරුදු පහකට පස්සේ වාහනේට දාලා මේ වෙද්දි තව අවුරුදු හතරක් පහක් විතර දුවලා( ටයර් එකක නිශ්පාදිත කාලේ බලාගන්න විදිය කලින් පෝස්ට් එකේ කියලා තියනවා )එලයිමන්ට් කරලා නෑ වාහනේ ගත්ත දවසේ ඉදන්.ටයර් බැලන්ස් කලාද ඇහුවම ඒ අහපු එකාගෙන් තොට පිස්සුද කියලා අහනවා.අන්න ඔහොම තියාගෙන තමයි වරද්දන්නේ නැතුව ටයර් වලට නයිට්‍රජන් ටික (ඔක්සිජනුයි වතුරයි අයින් කරපු,නැත්තන් කෙලින්ම කම්ප්‍රෙශර් එකෙන් ගහන හුලං හොදේ) පුරෝගන්න දගලන්නේ.

👉  ලංකාවේ ඔය නයිට්‍රජන් ගහන මැශින් වල ෆිල්ටර්ස් හරි වෙලාවට මාරු වෙනවා කියලා හිතන්න අමාරුයි.ගොඩක් තැන් වල මැශින් එක ගත්ත දවසේ ඉදන් තියන ෆිල්ටර්ස්මයි තියෙන්නේ.ඉතින් ඔක්සිජන්,ජලවාශ්ප අයින් කරන වැඩේවත් හරියට කෙරෙයි කියලා හිතන්න අමාරුයි.

✔️✔️ ටයර් එකකට නයිට්‍රජන්(N2) ගහන එකේ වාසි අනිවාර්යයෙන් ම තියනවා.හැබැයි මේක තමන්ගේ වාහනේකට ගැලපෙනවද නැද්ද කියන එකත් පොඩ්ඩක් හිතන්න.වෙලාවට ටයර් රොටේශන් කරලා,සති දෙකකට සැරයක් වගේ ටයර් ප්‍රෙශර් චෙක් කරලා,එලයිමන්ට් එක වෙලාවට කරගෙන,නිශ්පාදිත වර්ශේ අලුත් ටයර් දාගෙන පදිනවනම් ඔය එක හෙනයක්වත් ගහන්නේ නෑ ඔය ටයර් වලට😃😃😃


( මේ වාසි අවාසි හැමදේම කොච්චරක් දුරටද කියලා කියන්න බෑ.තියරියක් විදියට මේවා පැහැදිලි කලාට ප්‍රැක්ටිකලි මේවා අඩු වැඩි හෝ ඇත්තෙම නැති වෙන්නත් පුලුවන් )


වාහනයක ටයරය සම්මන්ධව මීට පෙර ඉදිරිපත් කල ලිපි

01 - https://whoknoweverything.blogspot.com/2021/11/01.html

02 - https://www.blogger.com/blog/post/preview/607106195240062622/5826347072977055435


😌😌උපුටා ගැනීම- සචින්ත සේනාරත්න😒😒

ජයවේවා🇱🇰💝 


Post a Comment

0 Comments