හොයන්නෙ බලන්නෙ නැතිව වාහනයක් ගන්න එපා



හොයන්නෙ බලන්නෙ නැතුව ලංකාවෙ car sale වලින් වාහන ගන්න එපා.....
( ඔබ වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් අනිවාර්යයෙන් මේක කියවන්න)

ලංකාවෙ car sale වලින් සිදු කරණ මගඩි වැඩ ගැන පහුගිය කාලෙ මම ලොකු අධ්‍යයනයක් කරා, මොකද අපි අලුත් වාහනයක් මිලදී ගැනීමට අදහස් කරගෙන සිටි නිසා. එහිදී මට දැන ගන්නට ලැබුණු තිත්ත ඇත්තනම් 95% sale වල මේ දේවල් වෙනවා, අඩුම තරමේ mileage එක වෙනස් කිරීමවත් කරණවා. මෙහි භයානකම තත්වය, ජපානයේ recycle සඳහා ඉවත් කල වාහන පවා මෙහි ගෙනවිත් විකුණන එක. නමුත් වාසනාවට මෙවන් මගඩි වැඩ සොයා ගැනීමට අපට පහසුකම් තිබුනත්, අවාසනාවට අපි මේ පිළිබඳ දැනුවත් නෑ. මම මේ පිලිබඳ දැනුවත් වී ගිය නිසා අහුවෙන්න ගිහිපු ලොකු උගුලකින් ගැලවුන හැටිත්, ඒ පිලිබඳ ඔබව දැනුවත් කිරීමටත් තමයි පහත උත්සාහය.....
(JAAI , JEVIC certificates, Auction grades ගැන විස්තර කරන්න ගියොත් ලිපිය දිගුවන නිසා; ඉල්ලීමක් ලැබුනොත්, ඉඩක් ලැබුණු වෙලාවට ඒ පිලිබඳවත් ලියන්නම්)
පසු ගිය දිනක අපි නුගේගොඩට ගියේ ප්‍රසිද්ධ web site එකක පලවුණු වාහනයක් බැලීමට. Car sale එකට ගිය පසු අපි බලන්න ආපු වාහනයට වඩා අපිට හිත ගියේ එතන තිබුණු wagon R වර්ගයේ වාහනයකට. එය සාමාන්‍ය Wagon R වාහනයකට වඩා option වැඩි ,තරමක් මිලෙන්ද වැඩි වාහනයක්. (පළමු හා දෙවන ජායාරූප) හොඳට වාහනය පරීක්ෂා කර අපි වාහනය මිලදී ගැනීමට තීරණය කලේ bargain කර මිලෙහි යම් වෙනස් කමක් කල පසුයි. ඉන්පසු එයට අදාල auction sheets, JAAI documents අපි ඉල්ලා සිටියා. එහිදී ඔවුන් අපට document එකක් ලබා දුන්නා, නමුත් මගේ අත්දැකීමෙන් එය preshipment document එක පමණක් බව අවබෝධ උනා. අනෙකුත් ලියකියවිලි පිලිබඳ විමසූ විට ,ඔවුන් කියා සිටියේ එදින ඉරිදා බැවින් ඊලඟ දිනයේදී ඒවා ලබා දිය හැකි බවත්, එදින අත්තිකාරමක් ගෙවන ලෙසත්ය. වාහනයේ chasis number එක ආධාරයෙන් වාහනය පිලිබඳ වාර්තාවක් www.jpcenter.ru/report යන web

Post a Comment

0 Comments