ලුණු ව්‍යාපාරය - (Salt business)




මසකට රු.100,000 ට වඩා වැඩි ආදායමක් පහසුවෙන් උපයා ගන්න පුලුවන් බිස්නස් එකක් තමා ලුණු ව්‍යාපාරය (Salt business) කියලා කියන්නේ.ලුණු අලෙවි කිරීමේ විශාල ම වාසියක් වන්නේ එහි සඳහන් කර ඇති මිලෙහි භාගයකටත් වඩා අඩුවෙන් ඔබට ලුණු ලබා ගත හැකි වීමයි.ඊට හේතුව වන්නේ ලුණු මුහුදු ජලයෙන් නිපදවන බැවින් අඩු නිෂ්පාදන පිරිවැයක් වැය වීමයි.

ලුණු අලෙවියේදී කිසිම අවදානමක් නෑ.මොකද ලුණු කියන්නේ කල්තබා ගතහැකි දෙයක්.ප්‍රචාරණ වියදම් වගේ දේවල් අවශ්‍ය වෙන්නෙත් නෑ.මොකද ලුණු කියන්නේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක්.ඒ නිසා ඉතා පහසුවෙන් අලෙවි කරන්න පුලුවන්.

හැබැයි ඔයා ලුණු නිෂ්පාදන ආයතනයක Agency එකක් ගන්නවනම් අඩුම රු.2,500,000 (ලක්ෂ 25 ක් වත්) deposit එකක් තියන්න ඕන.ගබඩා , ප්‍රවාහනය සඳහා වාහන තියෙන බව , මේ දේවල් පෙන්නන්න ඕන.හැබැයි අද කතා කරන්න යන්නේ මේ මුකුත් නැතිව අතේ තියන මුදලට business කරල ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් ගැන.


අලෙවිය ප්‍රධාන වශයෙන් ආකාර 2 ට කරන්න පුළුවන්.


එකක් තමා සිල්ලර කඩ වලට දාන එක.කඩේ රුපියල් රු.50 ට විකුණන ලුණු පැකට් එකක් ඔයා ඇවිත් ගෙනියනවා නම් (රත්නපුර ට) අපට රු.16.50 ට වගේ දෙන්න පුළුවන්.ඒ පැකට් එකක තොග මිල රු.20 ක් වගේ වෙන්නේ.ඒ කියන්නේ කඩවල් වලට දානකොට රු.3.50 ක් ඔයාට එක පැකට් එකකින් ලාභයි.වැදගත්ම දෙය පැකට් විදිහට ලුණු තොග දෙන්නේ නෑ.දෙන්නෙ බන්ඩල් විදිහට.බණ්ඩලයක පැකට් 20 ක් තියෙනවා ඒ කියන්නේ බණ්ඩලයකින් ලාභය රු.70(3.50×20) ක් ඔයාට තියනවා.ඔයා කඩවල් 2000 ක් හොයාගෙන එක බණ්ඩලේ ගානේ දුන්නත් (70×2000) පහසුවෙන් 140,000 ක් හොයන්න පුළුවන්.වියදම් ඇරියාම ඔයාට ලක්ෂයක වගේ ලාභයක් තියෙනවා.මං කඩවල් 2000 ක් කිව්වට බන්ඩල් 2000 ක් විකුණන්න කඩවල් 2000 ක් ඕන ද? අප්පෝ නෑ.කඩේකට අවම bundle 3 ක් වත් දාන්න පුළුවන්.ලොකු කඩ නම් bundle 10 ක් 15 ක් ගන්නවා.

ඔයාට පුලුවන් bundle 3 ක් ගත්තොත් පැකට් 3 ක් bundle 6 ක් ගත්තොත් පැකට් 10 ක් bundle 10 ක් ගත්තොත් බණ්ඩලයක් free දෙන්න.එතකොට අඩු කඩ ගානකින් ලොකු sale එකක් කර ගන්න පුළුවන්.මං කියපු විදිහට free දුන්නා කියලා ඔයාට පාඩුවක් වෙන්නෙ නෑ.ගාන ඔයාම හදලා බලන්න.


හැබැයි ලුණු වෙළඳාමේ වැඩිම ලාභයක් ගන්න පුළුවන් සිල්ලර කඩ වලට දාල නෙමෙයි.ඔච්චර අඩුවට කඩවලට දැම්මත් අපි කඩෙන් ගන්නේ රු. 50 ට.ඒකට හේතුව දෙවැනි අතරමැදියා වන කඩේ මුදලාලි වැඩි ලාභයක් තියාගන්න නිසා.ඉතින් ඔයාට පුලුවන්නම් මෙන්න මේ කියන දෙවැනි අතරමැදියා අයින් කරලා කෙලින්ම පාරිභෝගිකයාට මේ ලුණු පැකට් එක ලැබෙන්න සලස්වන්න.ඔයාට ලොකු ලාභයක් ගන්න පුළුවන්.ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද?

ඔව් පුළුවන් ඔයාට කරන්න තියෙන්නෙ ලුණු පොළවල් වලට දාන එක.මේකෙදි ඔයාට දෙන්නෙක් වගේ වැඩට ගන්න වෙනවා.රු.1000 පඩියට.ඊට අමතරව එක පැකට් එකෙන් රුපියලක වගේ කොමිෂන් මුදලක් දෙන්නම් කියලා එයාලට කියන්න ඕන.එතකොට එයාලා වැඩියෙන් අලෙවි කරන්න පෙළඹෙනවා.ලුණු පැකට් එක කඩේ 50 ක් වෙන නිසා ඔයාට පුලුවන් පැකට් 3ක් 100 ට විකුණන්න.ලාභ නිසා මිනිස්සු අනිවාර්යයෙන්ම ගන්නවා.එතකොට එක පැකට් එකකින් ඔයාගේ ලාභය 16.50 ක් වෙනවා.අපි හිතමුකෝ ඔයා පොලවල් වලට යවපු එක්කෙනෙක් එක දවසකට පාරිභෝගිකයෝ 200 ගානේ දෙන්න 400 දෙනෙක්ට පැකට් 3 ගානේ විකුණුවා කියලා.එතකොට ඔක්කොම ලුණු පැකට් ගාන 1200 යි.ඔයාගේ මුළු ලාභය 16.50× 1200 = 19,800 යි.ඒකෙන් පඩි වලට 2000 ක්, commission එක 1200 ක්, ඔක්කොම වියදම් 4800 ක් ගියා කියන්නකො.ඒත් ඔයාගේ ශුද්ධ ලාභය 15,000 වෙලා මේ විදිහට දවස් 20 ක් ගියොත් ඔයාගේ ලාභය රු.300,000 ක් (ලක්ෂ 3ක් වෙලා).දවස් 10 ක් විතර ගියත් 150,000 profit 1 ඔයාට ඇවිත්.

හැමෝටම මේක කරන්න බෑ තමා.ඒක දන්නවා.ඒත් 100 ක් 200 ක් හරි කරල ගොඩයයි.ඒ නිසයි දැම්මේ.කරන්න බැරි දෙයක් නෙමෙයි.අවදානම අඩු නෙමෙයි.අවදානමක් නැතිව ම ගොඩ යන්න පුළුවන් දෙයක්.

තවත් කෙනෙක්ට බලන්න අනිවාර්යෙන්ම share කරන්න

Post a Comment

0 Comments