පොලිස් ස්ථානයකදී කළ පහරදීමකට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග
ලොව තුළ වසන සෑම මනුෂ්‍යයෙකුටම වධහිංසාවලින් මිදී ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට අයිතියක් ඇත.එම අයිතිය කඩ කිරීමට සිවිල් හෝ සිවිල් නොවන කිසිදු තැනැත්තෙකුට නොහැක.මානව හිමිකම් නීතියෙන් පිළිගත් මෙම සිද්ධාන්තය ඉතා නින්දිත අයුරින් උල්ලංඝනය කරනා ආයතනයක් බවට ශ්‍රී ලංකා පොලීසිය පත්ව ඇති බව කණගාටුවෙන් වුවද පැවසිය යුතුය.යම් යම් චෝදනා සම්බන්ධව අත් අඩංගුවට ගන්නා සැකකරුවන්ට පොලිස් ස්ථානයේදී පහර දීම අතිශය සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත.මේ අයුරින් සැකකරුවන්ට පහරදීමට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග සංක්ෂිප්තව සාකච්ඡා කිරීම මෙම ලියමනේ අරමුණ යි.
යම් සැකකරුවකු අත් අඩංගුවට ගෙන පොලිස් ස්ථානයේ දී යම් යම් වධහිංසනවලට හෝ අවමන් සහගත සැලකිලිවලට භාජනය කරයි නම් පහත සදහන් ආයතනවලට දන්වා එය වලක්වා ගැනීමට ඔබට අයිතිය ඇත.
01.මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම.
මානව හිමිකම් කොමිෂන් සභාවට මෙවන් සිදුවීමක් සිදු වී මාසයක් ඇතුලත පැමිණිලි කළ යුතුය.මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ගොස් පැමිණිලි කිරීමට මෙන්ම මාර්ගගත ක්‍රමයට (Online ) www.hrcsl.lk වෙබ් අඩවිය හරහා ද පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.එසේම අවශ්‍ය ඕනෑම අවස්ථාවක 1996 හොට්ලයින් එකට හෝ 0112505580,0112505581 හෝ 0112505582 යන දුරකථන අංකවලට ඇමතුමක් ලබාදීමෙන් ද තොරතුරු විමසීම් කළ හැකිය.
02.ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම.
පොලිස් නිලධාරිනට හෝ පොලිස් සේවයට එරෙහි පැමිණිලි භාරගෙන විභාග කර ඊට අදාල වන නීතීන් යටතේ සහන සැලසීම මෙම කොමිසමේ අරමුණයි.මෙම කොමිසමට ද ඔබට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක.මෙහි වෙබ් අඩවිය වන npc.gov.lk හරහා මාර්ගගත ක්‍රමයට නාමිකව හෝ නිර්නාමිකව වුවද පැමිණිලි කිරීමට අවස්ථාව සලසා ඇත.එසේම අවශ්‍ය ඕනෑම අවස්ථාවක 1960 හොට්ලයින් එකට හෝ 0112166500 දරණ දුරකථන අංකයට ඇමතුමක් ලබා දී මෙම ආයතන වලට ඔබේ පැමිණිලි ඉදිරිපත් කල හැකිය,
0 Comments