♋♋ටයර් එකක තියන එක එක අකුරු,ඉලක්කම්,සංකේත මොනවද? ඒවා කියවන්නේ තේරුම් ගන්නේ කොහොමද?🤘🤘
මුලීන්ම ටයර් එකේ Brand Name එක ගහලා තියනවා(eg:- Yokohama,Toyotires,Mitchelin)ඒක පැහැදිලි කරන්න දෙයක් නැති නිසා ඊලගට ලොකුවටම පේන්න තියන ගොඩක් අය බලන අකුරු ඉලක්කම් සෙට් එක මේක👇👇
👉 P 215/65 R 15 95H 👈
මෙන්න මේ වගේ ටිකක් තියනවා.එකින් එක ගත්තම,
📌️ මේකේ P කියන එකේ තේරුම Passenger car කියන එක.ඒ කියන්නේ මොන වගේ වාහනේකටද මේ ටයර් එක ගැලපෙන්නේ කියන එක.ඒකට කියනවා Classification Code එක කියලා.මේක හැර,
LT - Light Truck
C - Commercial
Agri - Agricultural Purpose
ST - Special Truck
T - Temporary(Spare Wheel)
වගේ අකුරුත් ඔතන තියෙන්න පුලුවන්.
📌️ ඊලගට මේකේ තියනවා 215 කියලා.මේක ටයර් එකේ පළල(Nominal Sectional Width).ටයර් එක මඩ ගොඩකින් ගියොත් හිටින ටයර් පාරේ පලල කියලා සරලව හිතාගන්න පුලුවන්.මේක මේ විදියට දීලා තියනකොට මේක මිලිමීටර්(mm) වලින් තමයි දීලා තියෙන්නේ.ඒ කියන්නේ 215mm පළල ටයර් එකක් මේක.
සමහර ටයර් වල දැකලා ඇති 9.00/80-20 වගේ ගහලා තියනවා.මේකෙදි මේ 9.00 කියලා තියෙන්නෙත් මේ පළලමයි.හැබැයි මේ වගේ දශම තිතක් තියෙද්දි ඒක අගල් වලින් කියවන්නේ.ඒ කියන්නේ මේකේ හැටියට මේක අගල් 9ක් පළල ටයර් එකක්.
📌️ ඊලගට තියනවා 65 කියලා එකක්.මේක ප්‍රතිශතයක්.ඒ කියන්නේ ඔය තියෙන්නේ 65%ක් කියලා.මේකට කියන්නේ Nominal Aspect Ratio එක කියලා.මේකෙන් කියන්නේ ටයර් එකේ පළලට ටයර් එකේ උස(ටයර් එකේ මුලු උස නෙමෙයි මේ.පහල රූප බලන්න)දක්වන අනුපාතය.මේකේ දීලා තියන එකම පැහැදිලි කලොත් මෙහෙමයි.
225 × (65÷100) කියලා ඕකෙන් කියන්නේ.මේකේ එතකොට ටයර් එකේ උස එන්නේ 145.25mm කියලා.Low profile ටයර් දානවා කියලා කරන්නේ මෙන්න මේ Aspect Ratio එක අඩු ටයර් දාන එක.
📌️ ඊලගට තියනවා R කියලා.ඒකෙන් කියන්නේ ටයර් එකේ Ply තියන විදිය ගැන.Construction Code කියලා කියන්නේ මේකට.මේකේ R කියන්නේ මේක Radial Tire එකක් කියන එක.මේ ඇරුනම,
B - Bias
BB - Bias Belted
D - Diagonal
වගේ අකුරුත් තියෙන්න පුලුවන්.
📌️ ඊලගට තියනවා 15 කියලා.මේ කියන්නේ මේ ටයර් එකට ගැලපෙන රිම් එකේ විශ්කම්භය(Nominal Rim Diameter).මේක දීලා තියෙන්නේ අගල් වලින්.ඒ කියන්නේ උඩ කියපු ටයර් එකට ගැලපෙන්නේ අගල් 15ක ඩයර්මීටර් එකක රිම් එකක්.
📌️ ඊලගට තියන 95H කියන එකේ 95 කියන්නේ Load Index එක.ඒ කියන්නේ මේ ටයර් එක දාපු වාහනේට පටවන්න පුලුවන් උපරිම බර ගැන අදහසක්.
H කියන්නේ Speed symbol එක.මේකෙන් කියන්නේ මේ ටයර් එක දාපු වාහනේ උපරිම ස්පීඩ් එක ගැන අදහසක්.මේ දෙක බලාගන්න පුලුවන් චාට් දෙක පහල පින්තූර වල දාන්නම්.
♋ ඒ තමයි සාමාන්‍යයෙන් වාහනයක් පාවිච්චි කරන කෙනෙක්ට ටයර් ගැන දල අදහසක් ගන්න,ටයර් අලුතෙන් දාගන්න වගේ සාමාන්‍ය වැඩකට දීලා තියන ටික.ඒ හැර තව ගොඩක් දේවල් ඕකේ ගහලා තියනවා.
👉 Treadwear 400 Traction A Temperature A 👈
මේ වගේ එකක් තියනවා.මේක UTQG(Uniform Tire Quality Grading) Rating කියලා කියන්නේ.මේකේ කියන්නේ මොනවද කියලා වෙන වෙනම මෙහෙමයි.
📌️ Treadwear - මේක තියෙන්නේ ටයර් එක දුවන්න පුලුවන් කොච්චරක්ද කියලා පොඩි අදහසක් ගන්න.ඒ කියන්නේ හරියටම තියන අගයක් නෙමෙයි.මොකද ඒක එහෙම කියන්න බැරි වාහනේ පදින විදිය,යන්නේ මොන වගේ පාරවල් වලද,කාලගුණ දේශගුණ බලපෑම්,පිටින් වෙන ඩැමේජ්,ටයර් සර්විස් වගේ දේවල් එක්ක මේක වෙනස් වෙන නිසා.එතකොට මේ අපි කියපු Treadwear 400 කියන ටයර් එක Treadwear 200 ටයර් එකකට සාපේක්ෂව දල වශයෙන් දෙගුණයක් දුර දුවන්න පුලුවන් කියලා අනුමාන කරන්න පුලුවන්.
📌️ Traction - මේකෙදි සරලව මෙහෙම දෙයක් බලන්නේ.ටයර් එක දාපු වාහනයක් නිශ්චිත ලෝඩ් එකක්,නිශ්චිත ස්පීඩ් එකක් එක්ක තෙමිච්ච තාර පාරකයි කොන්ක්‍රීට් පාරකයි බ්රේක් කලාම,ලිස්සන්නේ නැතුව නතර වෙන්න පුලුවන් හැකියාව ගැන අදහසක් ගන්න තියන එකක්.
📌️ Temperature Resistance - ටයර් එක නිශ්චිත ප්‍රෙශර් එකක්,ලෝඩ් එකක් එක්ක දුවද්දි උශ්ණත්වය ට කොච්චර දුරට ඔරොත්තු දෙන්න පුලුවන් ද කියලා අදහසක් ගන්න පුලුවන් මේකෙන්.
මේ දෙකේ A වගේ සංකේත වලින් කියවෙන්නේ මොන වගේ දේවල්ද කියලා දැනගන්න චාට් දෙකක් පහලින් දාන්නම්.
👉 DOT 4B08 4DHR 2910 👈
මේකේ තියෙන්නේ Tire Identification Number එකක්.
📌️ DOT කියන්නේ Department Of Transportation කියන එකේ කෙටි නම.මේකේ කියන්නේ DOT එකෙන් සහතික කරපු ඉන්ටර්නැෂනල් කෝඩ් එකක්.
📌️ 4B08 4DHR කියන්නේ Manufacturing Company plant code,Tire size code,Symbol group වගෙ නිශ්පාදකයගේ දත්ත ටිකක් කෝඩ් විදියට.
📌️ 2910 කියන්නේ ටයර් එකේ නිශ්පාදිත කාලය.ඒ කියන්නේ මොන අවුරුද්දේ මොන සතියෙද කියන එක මේකෙන් බලාගන්න පුලුවන්.මුලින්ම තියෙන්නේ සතිය.ඊලගට තියෙන්නේ අවුරුද්ද.මේකේ හැටියට මේ ටයර් එක 2010 අවුරුද්දේ 29 වෙනි සතියේ හදපු ටයර් එකක්.
කට්ට ගෙවෙනකන්ම ටයර් එකක් පාවිච්චි කරන්න බෑ.නිශ්පාදිත කාලේ ඉදන් අවුරුදු 5කට වඩා වැඩි වෙනකොට ටයර් එකක් පාවිච්චි කරන එක අවදානම් කියන වෙලාව පටන් ගන්නවා.
👉 Max Load Single 2000kg(4410lbs) AT 760kPa(110psi) COLD 👈
මේකෙන් කියන්නේ උපරිම බර( Maximum Load Capacity ),උපරිම වායු පීඩනය( Maximum Air Pressure ) කියන දෙක ගැන.
📌️ ටයර් පාවිච්චි කරන්න පුලුවන් මොන වගේ දේශගුණික තත්ත්වයකද කියලා කියන්න Comfortable Condition කියන ලකුණු පාවිච්චි කරනවා.
👉 M+S කියලා ගහලා තියනවා Mud+Snow(මඩ සහ හිම) කියන එක.ඒ කියන්නේ ඒක All season Tire එකක් කියන එක.
👉 Winter Tires වලදි වෙන සංකේතයක් පාවිච්චි වෙනවා.ඒක පහල පිංතූර වල දාන්නම්.
📌️ මේ ඇරුනම ටයර් එකේ අමතර දේවල් විදියට ටයර් එකේ පර්ෆෝමන්ස් ගැන,පාවිච්චි කරන්න උපදෙස්,මාරු කරන්න උපදෙස්,ටයර් එක දැම්මට පස්සේ ඒක කැරකෙන්න ඕන පැත්ත,ටයර් එක දාන්න ඕන පැත්ත(දැම්මට පස්සේ එලියයි ඇතුල් පැත්තයි),නැවත කට්ට කපන්න පුලුවන් ද කියන එක(Regroovable)වගේ පොඩි පොඩි දේවල් ගැනත් ටයර් වල ගහලා එවනවා.
💥 TWI(Tread Wear Indicator)
ලංකාවේ ගොඩක් අය බලන්නේ නැති,ගනන් ගන්නේ නැති,දන්නේ නැති තව දෙයක් ටයර් එකේ තියනවා.ඒ TWI Mark එක.එහෙම නැත්තන් Treadwear Indicator එක.මේක උදවු කරගෙන බලාගන්න පුලුවන් ටයර් එක පාවිච්චියෙන් අයින් කරන්න ඕනේ කොයි තරම් ගෙවුනමද කියලා.ටයර් එකේ සයිඩ් වෝල් එකේ ත්‍රිකෝණ ලකුණක් හරි TWI කියලා හරි ගහලා තියන තැන් තියනවා.සාමාන්‍යයෙන් ටයර් එකේ තැන් තුන හතරකම තියෙන්න පුලුවන්.ඒ තැන් වලට ඇතුලට වෙන්න,ටයර් එකේ කට්ට අතරේ තියනවා පොඩි ඉස්සුන ගැට්ටක් වගේ එකක්.(පින්තූර වල දාන්නම්)ඒක තමයි මේ මාක් එක.ඒ මාක් එක ලගට වෙනකන් ගෙවුනා කියන්නේ ටයර් එක පාවිච්චියෙන් අයින් කරන්න ඕනේ.මේ ටයර් වල කට්ට ගැඹුර මනින්න පුලුවන්(මනින විදියට පහල පින්තූර වල දාන්නම්).මේක Depth Gauge එක ඇරුනම Vernier Caliper එකක් පාවිච්චි කරලත් මනින්න පුලුවන්.
👉 නීතියක් විදියට(ලංකාවෙනම් මේවා බලන්නෑ😁) මේ කට්ට ගැඹුර 1.6mm ට වඩා අඩු වෙන්න බෑ.ඒ තත්ත්වෙට ආපු ගමන් ටයර් මාරු කරන්න ඕනේ.මේකට කියනවා Legal Tire Tread Depth එක කියලා.ටයර් එකක් මේ දීලා තියන මිනුම පහු කලාට පස්සේ දුවන හැම දුරක්ම වාහනේ ඇතුලේ ඉන්න අයයි,වාහනෙයි දෙකම අවදානමක් එක්ක දුවන්නේ.
01 කොටස👇 https://whoknoweverything.blogspot.com/2021/11/01.html
😌😌උපුටා ගැනීම - සචින්ත සේනාරත්න😒😒
ජයවේවා🇱🇰💝
0 Comments