එන්ජිමක සිලින්ඩර් හෙඩ් ගෑස්කට් ඩැමේජ් එකක් විශේෂ උපකරණ පාවිච්චි නොකර සරලව පරික්ශා කරගැනීම(Visually inspect)
පෙට්‍රල් ඩීසල් ඕනම එන්ජින් එකක සිලින්ඩර් හෙඩ් ගෑස්කට් එකෙන් කරන්නේ එන්ජින් හෙඩ් එකයි බ්ලොක් එකයි,බ්ලොක් එක හරහා හෙඩ් එකට යන ඔයිල් ලයින්,කූලන්ට් ලයින්,සිලින්ඩර් කියන ඔක්කොම එක එකක් අතරේ ලීක් වෙන්න නොදී සීල් කරන් ඉන්න එක.එතකොට ගෑස්කට් එකේ ඩැමේජ් එකක් තියන තැන අනුව ලීක් එක වෙනස් වෙනවා.
📌️ගෑස්කට් ඩැමේජ් උනාම එන්ජින් ඕවර්හීට් වෙනවා වගේම තමයි වෙන හේතුවක් නිසා(කූලන්ට් අඩුවෙන් දුවලා,රේඩියේටර් බ්ලොක් එකක් වගේ නිසා) එන්ජින් එක ඕවර්හීට් උනාම ඒකත් ගෑස්කට් යන්න ලොකුම හේතුවක්.ඒ හැර,👇👇
👉 තත්ත්වයෙන් බාල ගෑස්කට් දැම්මම
👉 රෙපෙයාර් එකකින් පස්සේ එන්ජින් හෙඩ් බෝල්ට්(ඇණ) අක්‍රමවත්ව තද කලාම හෝ ඔක්කොම සමාන ටෝක් එකෙන් තද නොකලම(එන්ජින් හෙඩ් එකක් තද කරන්න ක්‍රමයක් තියනවා.මැද බෝල්ට් වලින් පටන් අරන් දෙපැත්තට පිලිවලකට.ඒ වගේම ඔක්කොම බෝල්ට් නිශ්පාදකයා දීලා තියන ටෝක් එකකට.පහල පිංතූර බලන්න👇)
👉 සිලින්ඩර් හෙඩ්,බ්ලොක් ඇද උනාම,ක්‍රැක් උනාම
වගේ හේතු නිසාත් හෙඩ් ගෑස්කට් එක ඩැමේජ් වෙන්න පුලුවන්.ඩැමේජ් වෙන තැන අනුව එලියට එන ලෙඩේ වෙනස් වෙනවා.
⚠️️ සිලින්ඩර් එකකුයි කූලන්ට් ලයින් එකකුයි අතරේ ගෑස්කට් ඩැමේජ් එකක් උනාම👇
📌️ එන්ජින් කම්ප්‍රෙශන් ස්ට්‍රෝක් එකේදි කම්ප්‍රෙස් වෙන ගෑස් එක ගෑස්කට් එක අතරින් කූලන්ට් ලයින් එකට ලීක් වෙන නිසා මේ වෙලාවේ වතුර කෝප්පෙකට බීම බටයක් දාලා අපි පිම්බම වගේ බුබුලු එනවා කූලන්ට් එකට.ඒක එලියට එන්නේ රේඩියේටර් එක මුදුනෙන්.හැබැයි රේඩියේටර් කැප් එක ඇරලා බලලා එතන බුබුලු එනවා,කූලන්ට් කැලතෙනවා කියලා ගෑස්කට් ගිහිල්ලමයි කියන්න බෑ.හේතුව වෝටර් පම්ප් එක වැඩ කරද්දි එතනින් ඇතිවෙන පෙන ගතියක් කැලතීමක් උනත් රේඩියේටර් එක උඩින් පේන්න පුලුවන් නිසා.මේකට සරලව කරන්න පුලුවන් පොඩි වැඩක් තියනවා.
විනිවිද පේන බෝතලේකට භාගයක් වගේ වතුර පුරවලා,රේඩියේටර් කැප් එක ඇරලා රේඩියේටර් කටේ බෝතලේ කනපිට හරවලා අල්ලගන්නවා(කට ලග හොදට සීට් වෙන්න ඕනේ.වටපිට වාතය බෝතලේ ඇතුලටවත්,බෝතලේ වතුර එලියටවත් යන්නේ එන්නේ නැති විදියට)ඊටපස්සේ වාහනේ ස්ටාර්ට් කලාම අර ගෑස්කට් ඩැමේජ් එකෙන් එන වායු බුබුලු බෝතලේ ඇතුලට එනවා කඩින් කඩ එක දිගටම(පහල වීඩියෝ එකක් දාලා තියනවා)
📌️ ආයි ඒ වගේම අනිත් පැත්තට සක්ශන් ස්ට්‍රෝක් එකේදි කූලන්ට් ටික සිලින්ඩර් එක ඇතුලට ඇදලා ගන්නවා.මේ ඇදලා ගන්න කූලන්ට් ප්‍රමාණේ පොඩ්ඩක් නම් ඒ ටික සිලින්ඩර් එක ඇතුලේ පිච්චිලා එලියට යන්න පුලුවන්.මේ වෙලාවට එක්කෝ වාහනෙන් සුදු දුමක් දානවා.දාලා තියෙන්නේ කූලන්ට් නම් මේ දුම පොඩ්ඩක් මින්ට් සුවදක් එනවා.එක්කෝ සයිලන්සර් එකෙන් වතුර බේරෙන්න ගන්නවා
(ඩෝං💥)ඒ නිසා සයිලන්සර් එකෙන් වතුර එනවා දැක්ක ගමන් ටියුනප් සුපිරි කියලා තාවකාලික ආතල්ලෙකක් ගන්නෙපා😂😂
🚫 හැබැයි කූලන්ට් ලොකු ප්‍රමාණයක් සිලින්ඩර් එකට ඇද්දොත් දුම බල බල ඉන්න වෙන්නේ නෑ.එන්ජිම කොහෙන් කොහෙන් හරි ඇදකුද වෙලා කෑලි වෙලා යනවා.මුලින්ම කනෙක්ටින් රොඩ් එක ඇදවෙලා පිස්ටන් උනත් පුපුරන්න පුලුවන්.හේතුව වායුවක් කම්ප්‍රෙස් කරනවා වගේ ද්‍රවයක් කම්ප්‍රෙස් කරන්න එන්ජින් එකකට බැරි නිසා.මේකට කියනවා එන්ජින් එකක් හයිඩ්‍රොලොක් වෙනවා කියලා
⚠️️ කූලන්ට් ලයින් එකක් ඔයිල් ලයින් එකක් අතර ගෑස්කට් ඩැමේජ් එකක් උනාම👇
මෙහෙම ඩැමේජ් එකකදි වෙන්නේ එන්ජින් ඔයිල් එක්ක කූලන්ට්,කූලන්ට් එක්ක එන්ජින් ඔයිල් කලවම් වෙන එක.
ඔයිල් වලින් බලාගන්න👇
👉 ඔයිල් ලෙවල් වැඩි වෙනවා(කූලන්ට් කලවම් වෙලා නිසා)
👉 ඔයිල් කූර ඇද්දම කූරේ වතුර බින්දු පේන්න තියනවා හෝ ඔයිල් කිරි පාටට තියනවා
👉 ඔයිල් මූඩිය ඇරියම කිරි පාටට පේනවා,මූඩියේ වතුර ගතියක් බැදිලා තියනවා
කූලන්ට් වලින් බලාගන්න👇
👉 රේඩියේටර් කැප් එක ඇරලා බැලුවම කූලන්ට් උඩ ඔයිල් තට්ටුවක් පාවෙනවා
🚫 ඔයිල් කූලර් එකක් තියන වාහනේක ඔයිල් කූලර් අවුලක් නිසාත් මේ දේවල් මේ විදියටම වෙන්න පුලුවන්
⚠️️ සිලින්ඩර් දෙකක් අතර ගෑස්කට් ඩැමේජ් එකක් උනාම👇
මේ වෙලාවට ගොඩක් දුරට එන්ජින් මිස් එකක් හරි පිටින් මොකුත්ම පේන්නේ නැතුව එන්ජින් එක ස්ටාර්ට් කරන්නම බැරි වෙන්න හරි පුලුවන්.
⚠️️ සාමාන්‍යයෙන් ගෑස්කට් එක එන්ජින් එකේ එලියට වෙන්න හරි මැද කොටසෙන් ටිකක් ලොකු ඩැමේජ් එකක් හරි උනාම👇
👉 එන්ජින් ඔයිල් සිලින්ඩර් ඇතුලට ඇදලා පිච්චෙන්න පුලුවන්.මේකෙදි සයිලන්සර් එකෙන් නිල් හෝ කලු දුමක් එන්න පුලුවන්
👉 සයිලන්සර් එකෙන් ඔයිල් ගතියක් එන්න පුලුවන්(මේ දෙක ගැන පැහැදිලි කිරීමකුයි තව හේතුයි කලින් ඩීසල් එන්ජින් දුම පෝස්ට් එකේ තියනවා)
🚫ඒ වගේම උඩ කිවුවා වගේ එන්ජින් හයිඩ්‍රොලොක් වෙන්න පුලුවන්
👉 පිටින් පේන දේවල් විදියට එන්ජින් එකේ හෙඩ් එක ලගින් ඔයිල්,කූලන්ට් දෙකෙන් එකක් හෝ දෙකම ලීක් වෙලා බේරෙන්න පුලුවන්.
❌සාමාන්‍යයෙන් හෙඩ් ගෑස්කට් එකක් ඩැමේජ් වෙන්නේ එන්ජින් එකේ මොකක්ම හරි වෙන ලෙඩක් නිසා(ගෑස්කට් එක ප්‍රමිතිය බාල එකක් නෙමෙයි නම්).ඒ නිසා ගෑස්කට් ඩැමේජ් එකකදි එහෙම වෙන්න හේතුව හොයලා ඒක හදන්නේ නැතුව ගෑස්කට් එක විතරක් දැම්මා කියලා වැඩක් වෙන්නේ නෑ
😌😌උපුටා ගැනීම - සචින්ත සේනාරත්න😒😒
ජයවේවා🇱🇰💝
0 Comments