මානසික නිදහස සහ රැවටීම... 👣



සමහර මිනිසුන්ගේ සතුට රදාපවතින්නේ බැංකුවේ ඉතුරු කරපු සල්ලි ගාණ වැඩි වෙන තරමට.... ඒ වගේම තවත් සමහරු සතුටු වෙන්නේ හම්බකරන හැම සතයම fashions, pizza huts, films halls, leisure worlds වගේ තැන් වලට වියදම් කරලා....

අහස උසට සල්ලි තිබුණත් සමහර මිනිස්සු කැමති පොළව පෑගෙන්න සෙරෙප්පු නැතුව ඇවිදින්න... කුරක්කන් රොටි කාලා ගමේ ඇලෙන් නාන්න... නමුත් සතයක්වත් අතේ නැති සමහර මිනිස්සු සිහින දකින්නේ ලෝකයටම ණය වෙලා හරි BMW කාර් එකක් පදින්න.....


තවත් සමහරු sex fantasy ලෝක වලට පෙම් කරද්දී තව කෙනෙක් කැමති වෙන්නේ සතියකට දවසක් වනගත වෙලා භාවනා කරන්න...

කෙනෙක් ඉගනගෙන batch top වීමෙන් සතුටු වෙද්දී තවත් කෙනෙක් සතුටු වෙන්නේ වැඩි බරක් ඔලුවට නොගෙන, පාඩුවේ පාඩම් වැඩ ටික කිරීමෙන්...

සමහර මිනිස්සු ජීවිතය විදින්න තෝරගන්නේ traveling සහ hiking ... හැබැයි තවත් කෙනෙක් ජීවිතය විදින්නේ නිවාඩු දවසට ගෙදරට වෙලා තනියම film එකක් බැලීමෙන්.....

සමහර මිනිස්සු Game of Thrones වලට ආස කරද්දී තවත් සමහරු බැදුනේ දෙවනි ඉනිමට...

ඉතිහාස පොත් පුරා තමන්ගේ නම ලියවා ගැනීමට සහ ලෝකයේ ගමන් ගමන් මග වෙනස් කිරීමට කෙනෙක් වෙහෙස වෙද්දී, තව කෙනෙකු ආදරය කලේ තාන්න මාන්න සහ නම්බු නාම පසුපස නොදුවා තමන්ගේ චූටි දියණියන් දෙදෙනා සමග ගෙදරට වෙලා ඔවුන් සමග සෙල්ලම් කරන්න...

සමහර මිනිස්සු කැමති යාලුවෝ රොත්තක් පුරවා ගෙන සිංදු කියමින් සාද පවත්වන්න... ඒත් තවත් සමහරු ප්‍රිය කරන්නේ ළගම යාලුවෝ දෙතුන් දෙනෙක් එක්ක විතරක් එකතු වෙලා වැඩි සද්ධයක් නැතිවම මධු විතක් හෙමින් සීරුවේ තොල ගාන්න....

සමහර ආදරවන්තයෝ කැමති දවස පුරාම කෝල් ගනිමින් ජීවිතයේ හැම අංශු මාත්‍රයක්ම අනෙකා සමග බෙදාගන්න.. ඒ අතර තවත් ආදරවන්තයෝ ආස කලේ වැඩිය සබදතතාවයට බැදෙන්නේ නැතුව තමන්ගේ සීමාවන් ඇතුලේ ඉදන් දේවල් බෙදාගන්න....

සමහර අඹු සැමියන් දරුමල්ලන් පස් හය දෙනෙක් පතත්දී තවත් සමහරු තීරණය කලේ දරුමල්ලන් නොහදා ඉන්න.....


ගොඩක් මිනිස්සු වරද්ද ගන්න තැන තමයි අනිත් මිනිස්සු හොයන විධියටම සතුට හොයන්න යෑම. 

සතුට කියන්නේ සාපෙක්ෂ දෙයක්. කෙනෙක්ට සතුටු හිතෙන දෙයක් තව කෙනෙකුට මානසික වදයක් වෙන්න පුලුවන්. ඉතිං බොහෝ මිනිස්සු ජීවිතයේ මංමුලා වෙන්නේ ඇත්තටම තමාව සතුටු කරන දේවල් වලට පරස්පර විරෝධී සිහින සහ අරමුණු හදාගැනීම නිසයි. මුලින්ම targets සහ dreams හදාගන්න කලින් ඔයාගේ සතුට තියෙන්නේ කොතනද කියලා හොයාගන්න... ඒක සමහරවිට ඔයා හවසට සෙල්ලම් කරන්න යන ground එක හෝ හොදම යාලුවෝ සමග එලියට ගිහින් හවසට වඩේ කෑම වෙන්නත් පුලුවන්.... ❤️

ඔයා සතුටු වෙන දෙයින් මේ ලෝකයේ කාටවත්ම කරදරයක්, හිරිහැරයක් නැතිනම්.. කවුරු මොනවා කිව්වත්, ඒක කෙතරම් බොළද විදියේ දෙයක් වුනත් වෙනස් කරන්න යන්න එපා.. හේතුව ඔයා ජීවිතය විදින තැන එතනයි.. 🙏❤️

ඒ වගේම අනිත් මිනිස්සු සතුටු වෙන්න කරන දේවල් වලින් ඔයාටවත් සමාජයටවත් හානියක් නැතිනම් ඔවුන්ව පහත් කරන්නටද එපා... හොදින් මතක තබාගන්න සතුට කියන්නේ සාපේක්ෂ දෙයක්. ඔයා සතුටු වෙන විදියට හැමෝටම සතුටු වෙන්න බැහැ ...! 😍❤️

ඉතිං අවසානයට කියන්න තියෙන්නේ, දවස අවසානයේදී නිදාගැනීම සදහා කොට්ටයට ඔලුව තැබුවට  පස්සේ ඒ දවස ගැන, තමාගේ ජීවිතය ගැන මානසිකව සැනසීමක් ඔබට දැනෙනවානම්, ජීවත්වීම භාග්‍යක් ලෙස ඔබට හැගෙනවානම් ඔබ ඇත්තටම සතුටින්...


උපුටා ගැනීම - (Hasintha Hewawasam )

Post a Comment

0 Comments