සුරතල් සතුනට හැදෙන "පාවෝ" හොද කරගන්නෙ මෙහෙමයි

Parvo (පාවෝ) කියන්නෙ මොකක්ද ? 


ඔබ දන්නා ආකාරයට මාරාන්තික .බඩ යන වමනෙ යන අප්‍රසන්න ලෙඩක් හැදුනොත් බොහෝ දුරට මැරෙනව 

මේ ලිපිය අවසන් වෙනකල් කියවන්න කියල කාරුණිකව ඉල්ලනව.

බල්ල ,නරිය, වෘකයා මෙයාල එකම පවුලේ අය අපි අතරට බව්ව ආවෙ කැලෙන් .මෙයාල කැලේදි කෑවෙ ගොඩක් දුරට සිංහය වගේ සත්තු දඩයම් කරල ඉතුරු උන සත්තුන්ගෙ බාගෙට කුනු උන මස්.කියල ඔයාල දන්නවද.අපි හදන බව්ව කැලෙන් එලියට ආවට එයාගෙ ආහාර ජීර්ණ පද්දතියෙ සමහර තැන් වෙනස් උනේ නෑ මෙයාගෙ බඩවැල (අන්ත්‍රය )කොටයි ඊට හේතුව භාගෙට ජීරණය වූ මස් දිරවීම පිනිසයි. මේ ගැන සදහනක් කලේ අපි කතාකරන මාරාන්තික පාවෝ වෛරසය පහරදෙන්නෙ මෙයාගෙ බඩවැලට නිසයි.


පාවෝ කියන්නෙ වෛරස් එකක් කියල අපි හැමෝම දන්නව වෛරසයකට අදාල බෝවෙන ක්‍රම .ඒවගේම සුව වෙන ක්‍රම තියනව .පාවෝ air bone මෙයා හුලගින් ස්පර්ශ යෙන් තැවරීමෙන් කේටයෙන්,මල පහ වලින් බෝවෙනව .හැදුනට පස්සෙ හොද කරන්න මේකටම කියල බේතක් නෑ😥.

මේ ලෙඩේ වැඩිම බලපෑමක් එල්ල වෙන්නෙ පැටවුන්ට මුලින්ම එයාල කෑම කන එක වතුර බොන එක නතර කරල බයෙන් වගේ මූන දිහා බලනව .

නහය වේලෙනව ඇස් යට දිව විදුරුමස් සුදු පාට වෙනව .

ඔන්න ඊලගට බඩ කලත්තල අමාරුවෙන් වමනෙ දානව .ඊලගට කුණු මාලු ගදට කොළ පාට හෝ ලේ සමග බඩ එලිය යනව. අපි ඔන්න සතාව ඩොක්ට ලගට අරන් යනව. වෛද්‍ය වරයා කියනව මෙයාට පාවෝ කියල. අනේ ඩොක්ට මෙයාට පාවෝ විදලනෙ තියෙන්නෙ.ඔයාට හිතෙන්නෙ මොකක්ද?

වෛරසයක් සුවවීමට ප්‍රතිදේහ නිපදවන්නෙ ශරීරයෙන් මයි.එතකොට මොකක්ද මේ පාවෝ කියල විදින්නෙ .? ඒක අපිට දෙන පෝලියෝ වගේ අඩපන කරන ලද වෛරසය තමයි ශරීර ගත කරන්නෙ .ඒ වෛරසය මරන්න ප්‍රතිදේහ ප්‍රතිශක්තිකරණ පද්දදිය නිපදවනව .ඒ නිපදවන ප්‍රතිදේහ යලිත් වෛරසය පිටතින් ඇගට ඇතුල්වෙන්න හැදුවොත් වෛරසය මරල දානව .මෙම ප්‍රතිශක්තිකරණය මවගෙන් පැටවාට උපතේදි යනව.මේක උපතේ සිට සති 4ක කාලයක් ඇගේ තියනව .අපි සති 5ට කලින් පාවෝ ගැහුවොත් ප්‍රතිශක්තිකරණ දුර්වල වෙලා නැවත ප්‍රතිශක්තිකරණ පැටවාගෙ ඇගේ හැදෙන්න යම් කාලයක් යනව .ඒ කාලෙ ඇතුලත මේ වෛරසය ශරීර ගතවීමේ සම්භාවිතාව වැඩී. 

ඒක වෛද්‍ය වරයාගෙවත් ගහපු එන්නතේ දුර්වල කමක් වත් නොවන වග මෙතැන් සිට අවබෝධ කරගන්න🤔මේ වෛරසය කෙලින්ම බඩවැල ආහාරයට ගන්නව .එයින් පිටවම ලේ තමයි ජීරණය වෙලා කොල පාටට කලු පාටට පිලී ගදට යන්නෙ .ඊලගට ඔයාල වෛද්‍ය වරයාට බනින තැන .අච්චරක බේත් කලා මෙච්චර ක බේත් කලා සතා දුක් විදල මලා .ඒ ඩොක්ට වැඩක් නෑ අපේ සතා ට බැලුවෙ නෑ බේත් වැඩක් නෑ😜.මෙලෝ රහක් නෑ ඔන්න ඩොක්ටව පතුරුගහනව. 

නෑ ඒක එහෙම නෙවෙයි පාවෝ හැදුනට පස්සෙ වෛද්‍ය වරයාට කරන්න පුලුවන් උපරිමය ඔහු කරනව වෛරසය මරන්න බෙහෙත් දැනට ලෝකෙ නෑ .වෛද්‍යවරය කරන්නෙ රෝගයට ප්‍රතිදේහ නිපදවල වෛරසය ශරීරයතුල මරා දමනකල් අනිකුත් පද්දති ආරක්ෂා කිරීමටත් අභ්‍යන්තර තුවාල සුවවෙන්නත් බෙහෙත් දෙන එක Antibayotik (ප්‍රතිජීවක ඖෂධ ).

පාවෝ මගින් තුවාල කරන බඩවැල දුර්වල වෙනකල් බලන් ඉන්නව බැක්ටීරියා අන්න එයාල එකතූනොත් බඩවැල පාවෝ තුවාල කරපු තැනින් අබරල කන්න පටන්ගන්නව. සතාව බේරගන්න පුලුවන් වගකීම තියෙන්නෙ අපේ අතේ .

වෛද්‍ය වරයා ඔහුගේ රාජකාරිය මැනවින් කලාට පස්සෙ .වන්ෂොට් හොදවෙයි කියල බලන් ඉන්නව 


හරි ලෙඩේ ගැන අවබෝධයක් ආවනෙ එහෙනම් දැන් කියල දෙන්නම් හොදකරගන්න විදිහ .පියවරෙන් පියවර හරියටම කලොත්ක කිසිම පැටියෙක් මැරෙන්නෙ නෑ නෑ නෑ මයි .

1 : පාවෝ රෝග ලක්ෂ න පහල වූ වහාම වෛද්‍ය වරයෙක් වෙත ගෙනයන්න 

2: වෛද්‍ය ප්‍රතිකාර යෙන් පසු ගෙදර අරන් ඇවිත් බේත් ගොඩවල් ගිල්ලන්න එපා. 

කිරි,බිත්තර ,මස්,මාලු ,කිසිම දෙයක් දෙන්න එපා. 

3:සතාට වමනය නවත්තන්න ඕනි නිසා උකුවට පෙරාගත් බත් කැද දියරය තේ හැදි බාගෙ ගානෙ පැය බාගෙන් බාගෙ පොවන්න 

4: බත් කැද වල ඇති සෙවල ගතිය නිසා .වමනය ඒම වලක්වනව.

5: වතුර අඩු කෝප්පයකට සීනි හැදි 3 ක් දාල දියකරල බත් කැද පොවල විනාඩි 15කට පස්සෙ පොවන්න මේ මගින් සතා විජලනය වීම නවත්තන්න පුලුවන් .වමනෙ නැවැත්තුව .බත් කැද වලින් විජලනය නැවැත්තුව සීනි දාපු වතුරින් .බත් කැදත් වතුරත් විනාඩි 15 න් 15දිගටම නොනවත්වා දෙන්න.නැවත පැය 24ක් ඉක්ම යන්න කලින් ආයෙ වෛද්‍ය වරයා ලගට ගිහින් කලින් විද්ද එන්නත් දෙකම විදගන්න . 

6. සිංහල බේත් බඩු කඩෙන් වදකහ කුඩු 5g අරන් ඇවිත් ගම්මිරිස් ඇට තරම් ගුලි වතුරින් අනල හදල .දවසකට එක ගානෙ දෙන්න.

ඔන්න දෙවනි දවසෙත් කලින් විදියටම කරන්න 

සතා හවස්වෙද්දි බොහෝ දුරට කෑම ඉල්ලන්න ඉඩ තියනව .මාරි බිස්කට් වතුරින් හෝ කෝපි එකක පොගවල කන්න දෙන්න .කනවනම් බිස්කට් එකක් දෙන්න නැත්නම් සීනී වතුරයි බත් කැදයි විතරයි .සතා පව් කියල කිරි එහෙම හදල දුන්නොත් අර මැරීගන එන වෛරසය කිරි එක ක්ෂේත්‍රය කරගන ආයෙ නැගිටිනව .ඒ කියන්නෙ ආයෙ මුලට වැටෙනව .ඒ නිසා වැඩේ හරියටම කරන්න .

තුන්වන දිනයෙත් පැය 24ක් යන්න කලින් පෙර දුන්න ඇන්ටිබයොටික් දෙකම දෙන්න . 

දැන් බත් කැද නම් නොදුන්නත් කමක් නෑ හැබැයි වතුර දෙන්න .සේලයින් එක පස්සෙ යන්න එපා . ඔයාල හරියටම වැඩේ කලානම් තුන්වෙනි දවසෙ රෑ වෙන කොට සතා කෑම හොයනව මාරි බිස්කට් කන තරම් දෙන්න බය නැතුව .ෆාමසි එකෙන් ගන්න මෙට්‍රො ජෙලි සිරප් එකක් පැය 6න් 6ය තේ හැදි 1 ගානෙ දෙන්න .

දැන් සතාට වතුර පොවන්න ඕනි නෑ එයා වතුර බොනව .කිරි ,බිත්තර ,මස්,යෝගට් නම් දෙන්න එපා, 

පස්වෙනි දවසෙ 

ලින්නො මාලු කුට්ටි කපල හෝදල තුනපහ ,ලුනු ,දාල තම්බල බත් නොදී මාලු විතරක් දෙන්න .මාරි බිස්කට් දෙන්න .

මේ විදිහට කරල 14වෙනි දවසෙන් පස්සෙ ඕනම දෙයක් කන්න දෙන්න සතාව උනුසුම් වතුරින් නාවල පාවෝ එන්නත ලබාදෙන්න 😍.වෛද්‍ය වරුන් ඔවුන්ගේ සේවය ලබා දෙන අතර කාර්යබහුල බැවින් මෙවැනි උපදෙස් දීමට නොහැකි බව කරුනාවෙන් සිහි තබාගන්න .

ගෞරවනීය වෛද්‍ය වරුන් මේ ලෙඩේ වවාගන කන්නේ නැත .මෙම රෝගය සුවකරගැනීමට කරන එන්නත් වල නම් හා මිල සදහන් නොකරන්නේ එය මගේ වුර්තීය නොවන නිසා මිස නොදන්නා නිසා නොවන බව මා හොදින් දනී.මෙයට .කිසිම වෛද්‍ය වරයකුට අභියෝග කිරීම හෝ විවේචනය කිරීම මා නොකරමි .මගේ යුතුකම ඔවුන්ට අගතියක් නොවන සේ ඉටුකලෙමි.

👉 #වැදගත්වෙයිකියල_හිතෙනවානම්

#share_කරන්න

(Meya liyu mul aithi karuta ගෞරවය himiwewa❤️)

Post a Comment

0 Comments