ඔබේ දැනුම වර්ධනයට වැදගත් (සාමාන්‍ය දැනුම) - [02]

පැරණි වචන 100ක් සහ ඒවායේ තේරුම් ( O/L ඉතිහාසය ) 


1. අවරණ (අමුණ ) 

2. කසීකාරගාම (ගොවියන් විසු ගම් ) 

3. මණිකාරගාම (මැණික් කපන්නන් ජීවත් වු ගම් ) 

4. ගෝපාලගාම (ගොපල්ලන් විසු ගම් ) 

5. කේවට්ටගාම (ධීවරයින් විසු ගම් ) 

6. කුම්භකාරගාම (වලන් සාදන්නන් විසු ගම් ) 


7. වඩ්ඪකීගාම (වඩුවන් විසු ගම් ) 

8. පට්ටනගාම (වරාය ආශ්‍රිත තිබු ගම් ) 

9. නියම්ගම් (වෙළෙඳ ගම් ) 

10. ඔළගම් (ජනතාව විසින් අතහැර දැමු වැව් ගම් ) 

11. පරික්ඛිත්ත ගම් (වැටකින් ආරක්ෂා වු ගම් ) 

12. අපරික්ඛිත්ත ගම් (වැටකින් අරක්ෂා නොවු ගම් ) 

13. පුර (විශාල නාගරික ජනාවාස ) 

14. නකර (නගර එනම් පුරයත් ගමත් අතර වු ප්‍රදේශය ) 

15. නුරුපුර (අතීතයේ අනුරාධපුරය හදුන්වා ඇති තවත් නමක් ) 

16. ගහපති (පවුලක ප්‍රධානියා ) 

17. ගමික (ගමක ප්‍රධානියා ) 

18. දසගම් ඇත්තන් (දස දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලය ) 

19. කටුසර බෝග (කෙටි මූල පද්ධතියක් සහිත නියගයට හොදින් ඔරොත්තුදෙන බෝග ) 

20. ක්ෂුද්‍ර ගල් මෙවලම් (ප්‍රාග් ඓතිහාසික යුගයේ භාවිතයේ පැවති කුඩා ප්‍රමාණයේ ගල් මෙවලම් ) 

21. පරුමකවරු (ප්‍රාදේශීය පාලකයන්/පැරණි සමාජයේ ප්‍රභූන් ) 

22. තොටබොජක (තොටුපොළවල් වලින් බදු අය කරගත් තැනැත්තා ) 

23. පරුමකලු (ප්‍රදේශීය පාලනයට සම්බන්ධ වු කාන්තාවන් ) 

24. පොචනි රජ (ප්‍රාචීන රජු /නැගෙනහිර ප්‍රදේශයේ රජු ) 

25. නකදිව (නාගදීපය හෙවත් යාපනය අර්ධද්වීපය ) 

26.  ආස්ථාන (පරිපාලන දිස්ත්‍රික්ක ) 

27. මපුරුමුකා (මහා පරුමක හෙවත් රජු ) 

28. මහමත (මහාඇමති ) 

29. අමෙත (ඇමතිවරු ) 

30. ශෙනපති (සේනාපතිවරු ) 

31. බඩගරික (භාණ්ඩාගාරික ) 

32. බතගු (බෝජන ශාලා අදිකාරි ) 

33. කොතුරු ගෑ නා (වස් සිරිත් හා චාරිත්‍ර පිළිබඳ අදිකාරි ) 

34. නගර ගුතික (නගර පරිපාලක ) 

35. නගර වුඩික (නාගරික වාස්තුවිද්‍යා නිළධාරීයා ) 

36. අස අදෙක (අශ්ව අන්ශයේ ප්‍රධානියා ) 

37. හති අදෙක (ඇත් අන්ශයේ ප්‍රධානියා ) 

38. නට අදෙක (නාට්‍ය අන්ශයේ ප්‍රධානියා ) 

39. රූප අදෙක (කාසි අච්චු ගැසීමේ අන්ශ ප්‍රධානියා ) 

40.පන අදෙක (වෙළෙඳ කටයුතු භාර ප්‍රධානි ) 

41. කනපෙඩික (රජ්‍ය ලේඛනාගාර ප්‍රධානි ) 

42. එක්තැන් සමිය (රාජ ස්භාවේ එකගතාවය ) 

43. සභාව (අධිකරණය ) 

44. මහලේ (මහලේකම් ) 

45. වෙජ (වෛද්‍යවරු ) 

46. වෙජ්ජ ශාලා (පැරණි රෝහල් ) 

47. උපසග්ගරෝගනාස (උණ රෝගයට ප්‍රතිකාර කිරීමට හතරවන කාශ්‍යප රජුගේ කාලයේ සාදන ලද රෝහල් විශේෂයක් ) 

48. පසවන්තිනාමශාලා (පළමුවන උපතිස්ස රජුගේ කාලයේ සාදවන ලද මාතෘ නිවාස විශෙෂයක් ) 

49. සොත්ථි ශාලා (බ්‍රාහ්මණයින් සිය ආගමික කටයුතු පවත්වාගෙන ගිය ස්ථාන ) 

50. වේලයික්කාර හමුදාව (දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණි වැටුපට සේවය කරන ආරක්ෂක සේනාවක් ) 

51. රතුකැට දිවයින ( ශ්‍රි ලංකාව අතීතයේ හැදින්වු නාමයක් ) 

52. පිටිබිම් ( සෙල්ලිපි වල හේන් හදුන්වා ඇති නාමය ) 

53. නවදැලි හේන ( අලුතින් ගිනි තබාගැනීමෙන් සකස් කර ගත් හේන ) 

54. කනත්ත ( කාලයක් අතහැර දමා යලි වගාකල ඉඩම් ) 

55. දඩුවැට ( භෝග වනසතුන්ගෙන් ආරක්ෂා කරගැනීමට හේන වටා ඉදිකරන ලද ලී වැට ) 

56. පැල ( රාත්‍රි කාලයේ හේන ආරක්ෂා කරගැනීමට උස් ගසක ඉදිකරන ලද පැල්පත ) 

57. කැති අඩ, කෙටු කනබ අය ( සෙල්ලිපි වල හේන් වගාවෙන් අයකල බදු හදුන්වාඇති අයුරු ) 

58. කෙත ( වී වගා කරන තැන ) 

59. කිරිගෙරි ( කිරි ලබාගැනීම සදහා ඇතිකරන එලදෙනුන් ) 

60. කබර ( යකඩ වැඩ කල ශිල්පීන් ) 

61. තබකර ( තඹ ලෝහයෙන් වැඩකල ශිල්පීන් ) 

62. තුලාධාර / ස්වර්ණාකර ( රන්කරුවන් ) 

63. මණිකර ( මැණික් කපන්නන් ) 

64. දටික ( ඇත්දත් ශිල්පීන් ) 

65. කුබකර ( මැටිකර්මාන්තයේ නියළි සිටි ශිල්පීන් ) 

66. තතවය ( නූල් කටින්නා ) 

67. අබල වපර ( සියඹලා වෙළෙන්දා ) 

68. පුගය / නියමස්ථාන ( වෙළෙඳ සංවිධාන ) 

69. වණිජ / වාපර (වෙළෙඳාමේ නියුතු පුද්ගලයන් ) 

70. කබොජ මහා පුගිය ( කම්බෝජවරුන්ගේ වෙළෙඳ සංවිධානයක් ) 

71. කම්බෝජවරු ( ඇප්ඝනිස්ථාන ජාතිකයන් ) 

72. ආචාර්ය ( ගුරුවරු ) 

73. හස්ති ආචාර්ය ( ඇතුන් හීලෑ කිරිම ඉගැන්වු ගුරුවරුන් ) 

74. අශ්ව ආචාර්ය (අශ්වයන් පිටයාම පුරුදු කල ගුරුවරුන් ) 

75. දුනු ආචාර්ය ( දුන්නෙන් විදීමට පුරුදු කල ගුරුවරුන් ) 

76. මහවෙදනා ( ප්‍රධාන වෛද්‍යවරයා / ශල්‍ය වෛද්‍යවරයා ) 

77. වෝහාර ( නිතී විශාරදයන් ) 

78. චිතකර ලපන ( සිත්තරුන් ) 

79. පණ්ණසාලා ( භික්ෂූන් වහන්සේලාට වාසය කිරීමට පන් ඉලුක් ආදීය සෙවිලි කොට සාදන ලද වරිච්චි නිවාස ) 

80. අන්තේවාසික ( නායක භික්ෂූන් වහන්සේ යටතේ වැඩ වාසය කල භික්ෂූන් වහන්සේලා ) 

81. ථෙර (  නායක ස්වාමීන් වහන්සේලා ) 

82. සදිවිහරිය ( නායක තෙරුන් වහන්සේලා සමීපයේ විසු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ) 

83. භාණකවරු ( ධර්මයේ කොටස් මතකයේ තබාගත් භික්ෂූන් වහන්සේලා ) 

84. වසවසික ( වස් වසන ලද යන්නයි ) 

85. වස්සාවාසික සාටක ( කඪින චීවරය ) 

86. සිවික ශාලා ( ශිව ලිංගය පිහිටුවා තිබු ස්ථාන ) 

87. දමෙඩ ( ද්‍රවිඩ යන වචනය සිංහල ප්‍රාකෘත භාෂාවෙන් ලියු අයුරු ) 

88. සරන්ඩිබ් ( සිංහල ද්වීප යන වචනය අරාබි ජාතිකයන් උච්චාරණය කළ ආකාරය ) 

89. ජාවකවරු ( මලයානුඅර්ධද්වීපයෙන් පැමිණි පුද්ගලයන් ) 

90. දෙමළ අධිකාරි ( දෙමළ ජනයාගේ සුබසාධන කටයුතු සොයා බැලු තැනත්තා ) 

91. අගම්පඩි සේනාව ( කුලී හේවායින් පිරිසක් ) 

92. පීඩන ශල්කනය ( වෙර යොදා බලයක් යෙදීමෙන් ගල්පතුරු ගලවාගෙන මෙවලම් තැනිමේ තාක්ෂණය ) 

93. ආදම්ගේ කන්ද  ( සමනල කන්ද ) 

94. කාලරක්ත මැටිබදුන් ( පූර්ව ඓතිහාසික යුගයට අයත් පිටත රතු පැහයෙන් හා ඇතුළත කලු පැහයෙන් යුත් මැටිබදුන් ) 

95. දියකැට පහණ ( සොරව්වේ ජලය පාලනය කරන දණ්ඩ ) 

96. අඩික ( ඇළමාර්ග හා සම්බන්ධ නිළධාරීන් ) 

97. වස  ( වර්ෂය ) 

98. තිථිය ( දිනය ) 

99. හවජර ( සංවත්සරය ) 

100. වජ්‍ර චුම්බට ( අකුණු සැර ඇද ගැනීමට රුවන්වැලිසෑය මුදුනේ සවිකොට තිබු වයුහය ) 


 💎කාර්මික විප්ලවය 💎


🏷️ කාර්මික විප්ලවයට මුලපිරූ කර්මාන්ත 

  •       💠 පේශ කර්මාන්තය
  •        💠 යකඩ හා වානේ කර්මාන්තය 
  •        💠 ගල් අගුරු කර්මාන්තය 


🟡 පේශ කර්මාන්තය 

  • 1733 👉🏻 ජෝන් කේ 👉🏻 දුවන නඩාව 
  • 1764 👉🏻 ජේම්ස් හාග්‍රිව්ස් 👉🏻 ජෙනී යන්ත්‍රය 
  • 1769 👉🏻 රිචඩ් ආක්රයිට් 👉🏻 ජල රාමුව 
  • 1779 👉🏻 සැමුවෙල් ක්‍රොම්ප්ටන් 👉🏻 මියුල් යන්ත්‍රය 
  • 1785 👉🏻 එඩ්මන් කාට්රයිට් 👉🏻 වාෂ්ප බල මියුල් යන්ත්‍රය 

  🟡යකඩ හා වානේ කර්මාන්තය 

  • ඒබ්‍රහම් ඩර්බි 👉🏻 යපස් උණු කිරීමේ ක්‍රමය  👉🏻 වාත්තු කල යකඩ නිපදවීම 
  • 1784 👉🏻 හෙන්රි කෝට් 👉🏻 රෝලර් යන්ත්‍රය  👉🏻 පදම් කල යකඩ නිපදවීම 
  • 1856 හෙන්රි බෙසමර් 👉🏻 යකඩ වල අපද්‍රව්‍ය ඉවත් කර වානේ නිපදවන නව ක්‍රමය 
  • 1860 👉🏻 විවෘත උදුන්👉🏻 උසස් තත්ත්වයේ වානේ නිපදවීම 
  • විලියම් සීමන්ස් 👉🏻 යපස් උණු කිරීමේ විදුලි උදුන 


   🟡ගල් අගුරු කර්මාන්තය 


👇ගල් අගුරු ආකර පවතින ප්‍රදේශ 

  • 🌀දකුණු වේල්ස් 
  • 🌀 ලැන්කැෂයර් 
  • 🌀 යෝක්ෂයර් 


  • තෝමස් නිව්කොමන් 👉🏻 වාෂ්ප එන්ජිම 
  • ජේම්ස් වොට් 👉🏻 විධිමත් වාෂ්ප එන්ජිම 
  • හම්ප්‍රි ඩේවි 👉🏻 ආරක්ෂක ලාම්පුව 
  • 1839 👉🏻 යකඩ කේබල් කම්බි ක්‍රමය 


👇 ගල් අගුරු වල ප්‍රයෝජන 

  • 🌀 මහා මාර්ග ඉදි කිරීම 
  • 🌀 සායම් වර්ග නිපදවීම 
  • 🌀ඖෂධ නිපද වීම
  • 🌀 සුවද විලවුන් නිපදවීම 
  • 🌀 තෙල් හා පොහොර නිපදවීම 


  🔸කාර්මික විප්ලවය වෙනත් ක්ෂේත්‍ර කරා ව්‍යාප්ත වීම 

  •   💠ප්‍රවාහන ක්ෂේත්‍රය 
  •   💠සන්නිවේදන ක්ෂේත්‍රය 
  •   💠කෘෂිකර්මාන්තය 



▫️ප්‍රවාහන ක්ෂේත්‍රය 


  • 1811 👉🏻 ජෝන් මැකඩම්  👉🏻 මැකඩම් ක්‍රමය 
  • 1814 👉🏻 ජෝර්ජ් ස්ටීවන්සන් 👉🏻 වාෂ්ප බල දුම්රිය එන්ජිම 
  • 1807 👉🏻 රොබට් පූල්ටන් 👉🏻 දුම් බෝට්ටුව 
  • 1811 👉🏻 හෙන්රි බෙල් 👉🏻 දුම් නැව 
  • 1885 👉🏻 ජර්මනියේ  ඩෙම්ලර් 👉🏻 මෝටර් රථය 
  • 1903 👉🏻 රයිට් සහෝදරයන්සහෝදරයන් 👉🏻 ගුවන් යානය 


  ▫️සන්නිවේදන ක්ෂෙත්‍රය 


  • 1840 👉🏻 පෙනී තැපැල් සේවය 
  • 1844 👉🏻 විදුලි පණිවිඩ ක්‍රමය 👉🏻 සැමුවෙල් මෝස් 
  • 1876 👉🏻 දුරකථනය 👉🏻 ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් 
  • 1895 👉🏻 ගුවන් විදුලි තරoග 👉🏻 ගුග්ලි මාර්කෝනි 
  • රූපවාහිනිය 👉🏻 ජෝන් ලොගී බෙයාර්ඩ් 


   ▫️කෘෂිකර්මාන්තය 


  • ජෙන් රෝටල් 👉🏻 අශ්වයන් බදින ලද නගුල්වලින් පේළියට වැපිරීමේ ක්‍රමය 
  • රොබට් බැක්වෙල් 👉🏻 බැටලු වර්ග අබිජනනය 



Post a Comment

0 Comments