Positive Crankcase Ventilation System - (Part 02)

  📌️  Positive Crankcase Ventilation System 📌️  -  02 වන කොටස


🌀 PCV Valve & Oil Catch Can 🔄

    කලින් පෝස්ට් එකෙන් Blowby Gas එක කියන්නේ මොකක්ද  PCV System එකෙන් මේ Gas එකට මොකක්ද කරන්නේ කියන එක ගැන කතා කලා.මේක ඒ කොටසෙම ඉතුරු ටික නිසා පලවෙනි එක මේ ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න පුලුවන් 👇

ඒකෙදි කිවුවා වගේ මේ PCV System එකේ තියන PCV Valve එක ගැනයි මේකට අමතරව එකතු වෙච්ච අංගයක් වෙච්ච Oil Catch Can එක ගැනයි මේකෙන් බලමු.


📌️  කොහොමද මේ PCV Valve එක වැඩ කරන්නේ? 

මේක ඇතුලේ තියනවා ස්ප්‍රින් එකක් එක්ක ප්ලන්ජර්/ පිස්ටන් එකක්.මේක Vacuum Operator වෑල්වු එකක්.ඒ කියන්නේ මේක වැඩ කරන්නේ එන්ජින් එකේ Inlet Manifold Vacuum එකට.දැන් බලමු වැකියුම් එකේ අඩු වැඩි වීම් එක්ක වෑල්ව් එක වැඩ කරන්නේ කොහොමද කියලා.


👉  එන්ජින් එකක් Idle Speed එකේ තියන වෙලාවක් හිතන්න.මේ වෙලාවට Inlet Manifold එක ඇතුලේ තියෙන්නේ High Vacuum තත්ත්වයක්.ඒ කියන්නේ වැකියුම් එක වැඩියි.මේ වැකියුම් එකෙන් PCV Valve එක ඇතුලේ තියන පිස්ටන් එක/ප්ලන්ජර් එක එක පැත්තකට ඇදගන්නවා.ඒ පැත්තට ඇදෙනවා කියන්නේ වෑල්ව් එක බොහෝදුරකට වැහෙනවා.ඒ කියන්නේ Crankcase එකේ තියන Blowby Gas එකෙන් ගොඩක් අඩු ප්‍රමාණයක් තමයි මේ වෙලාවට Inlet Manifold එක හරහා සිලින්ඩර් ඇතුලට යන්නේ.Idle Speed එකේදි එන්ජින් එක ඇතුලේ හැදෙන Blowby Gas එක අඩුයි වගේම,Idle Speed එකේදි එන්ජින් එකට Blowby Gas එකත් පොඩි ප්‍රමාණයක් තමයි මේ නිසා දෙන්නේ.

👉  එන්ජින් එක High RPM එකක ඒ කියන්නේ අයිඩ්ල් එකට වඩා ගොඩක් වැඩි වේගෙක එන්ජින් එක වැඩ කරන වෙලාවක් හිතන්න.මේ වෙලාවට Inlet Manifold එකේ Vacuum එක අයිඩ්ල් වෙලාව එක්ක බලද්දි ගොඩක් අඩුයි.දැන් අර වැකියුම් එක නිසා එක පැත්තකට ඇදුන පිස්ටන්/ප්ලන්ජර් එක වැකියුම් එක අඩු වෙනකොට ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට නිදහස් වෙනවා.ඒ කියන්නේ වෑල්ව් එක ඇරෙනවා.එතකොට Blowby Gas එකෙන් ගොඩක් වැඩි ප්‍රමාණයක් Inlet Manifold එක හරහා සිලින්ඩර් ඇතුලට ඇදලා ගන්නවා.එන්ජින් වේගය වැඩි වෙලාවට එන්ජින් එක ඇතුලේ හැදෙන Blowby Gas ප්‍රමාණය වැඩියි වගේම,ඒ වෙලාවට PCV Valve එක හරහා වැඩි Blowby Gas ප්‍රමාණයක් සිලින්ඩර් වලට යවනවා.

👉  එන්ජින් එකක සිද්ද වෙනවා Back Fire කියලා දෙයක්.ඒ කියන්නේ සරලවම කියනවනම් ඒකෙදි වෙන්නේ නොදැවුනු ඉන්ධන ඉන්ලට් මැනිෆෝල්ඩ් එකේ ගිනිගන්නවා එහෙම නැත්තන් පුපුරනවා.එතකොට මෙහෙම දෙයක් සිද්ද වෙන වෙලාවක PCV Valve එක ඇරිලා තිබ්බොත් කෙලින්ම ඉන්ලට් මැනිෆෝල්ඩ් එක ක්‍රෑන්ක්කේස් එකට සම්බන්ධ වෙනවා.Blowby Gas එක පිරිලා තියන ක්‍රෑන්ක්කේස් එකට මේ බැක් ෆයර් එක කෙලින්ම බලපෑවොත් මේ Blowby Gas එක,ක්‍රෑන්ක්කේස් එක ඇතුලේ ගිණිගන්න,පුපුරන්න පුලුවන්.ඒ නිසා Back Fire එකක් වෙලාවට මේ වෑල්ව් එක සම්පූර්ණයෙන් ම වැහිලා යනවා.

( මේ දේවල් වලදි PCV Valve එක වැඩ කරන විදි පහල රූප වල දාලා තියනවා )


💥  Heated PCV Valve 

     පරිසර උශ්ණත්වය ගොඩක් පහල බහින රටවල් වල PCV වෑල්ව් එක Freeze වෙලා හිර වෙන්න පුලුවන් නිසා මේකට ආපු ක්‍රමයක් තමයි මේ Heated PCV Valve එක.මේකෙදි ක්‍රම දෙකකින් මේ හීට් එක වෑල්ව් එකට දෙනවා.

☝️ Electrical Heated PCV - මේකෙදි වෙන්නේ වෑල්ව් එකත් එක්කම තියන Heating Coil එකකින් වෑල්ව් එකේ උශ්ණත්වය වැඩි කරලා වෑල්ව් එක යථා තත්ත්වෙට ගන්න එක.

✌️ Coolant Heated PCV - මේකෙදි වෑල්ව් එක වටේට යවන රත් උන කූලන්ට් හෝස් එකකින් වෑල්ව් එකේ උශ්ණත්වය වැඩි කරලා වෑල්ව් එක යථා තත්ත්වයට ගන්නවා.

🔧 මේ වෑල්ව් එකත් යාන්ත්‍රික කොටසක් නිසා කාලයත් එක්ක මේකේ දෝශ එන්න පුලුවන්.දැන් බලමු මේකේ එන්න පුලුවන් දෝශ මොනවද? වෑල්ව් එකේ දෝශ නිසා ඒක එන්ජින් එකට බලපාන්නේ කොහොමද කියලා.


📌️  මේ වෑල්ව් එක ඇරිලා තියෙද්දි හිර උනොත්( Stuck Open ),

      👉 පාලනයක් නැතුව එක දිගටම Blowby Gas එක සිලින්ඩර් වලට යන නිසා Engine Runaway තත්ත්වයක් ඇති වෙන්න පුලුවන් 


      👉 Manifold Absolute Pressure ( MAP ), Mass Air Flow ( MAF ) Sensor තියන එන්ජින් එකකදි සිලින්ඩර් ඇතුලට කොච්චර වායු ප්‍රමාණයක් යනවද,කොච්චර පීඩනයක් තියනවද කියලා මැනලා ECU එකට දැනුම් දෙනවා.එතකොට ඒ මිනුම ගත්තට පස්සේ තැනකදි මැනිෆෝල්ඩ් එකට හයි වෙන PCV ලයින් එක දිගටම ඇරිලා තියනවා කියන්නේ ඒකෙන් මැනිෆෝල්ඩ් එකේ වැකියුම් එකට කෙලින්ම බලපෑමක් කරනවා.ඒ කියන්නේ අර මැනලා යවපු දත්ත වරද්දනවා.ඒකෙන් වෙන්නේ ඉන්ජෙක්ටර් වලින් විදින ඉන්ධන ප්‍රමාණ නොගැලපීමෙන් Rich or Lean Mixture ( සරු හෝ නිසරු මිශ්‍රණ ) සිලින්ඩර් ඇතුලේ හැදෙනවා.මේක නිසා,

👉 එන්ජින් එක ස්ටාර්ට් කරන්න,ස්ටාර්ට් එකේ තියාගන්න අමාරු වෙනවා,එකසැරේම නවතිනවා,එන්ජින් එක Rough(රළු) විදියට දුවනවා,අයිඩ්ල් එකේදි මිස් ෆයිරින් එනවා වගේ දේවල් එන්න පුලුවන්.

👉 ඔක්සිජන් සෙන්සර් එකෙන් හැමවෙලාවකම එක්සෝස් ගෑස් එක ගැන අවදානෙන් ඉන්න නිසා මේ විදියට එයා-ෆුවල් මික්ස්චර් එක වැරදෙනකොට චෙක් එන්ජින් ලයිට්( MIL ) පත්තු වෙන්න පුලුවන්.

👉 Oil Consumption ( එන්ජින් ඔයිල් පරිභෝජනය ) වැඩි වෙන්න පුලුවන්.මේ නිසා නිල්/කලු දුමක් එන්න පුලුවන්.

👉 වෑල්ව් වල,ස්පාර්ක් ප්ලග් වල ඔයිල් බැදිලා අවහිර වෙන්න පුලුවන්.


📌️  මේ වෑල්ව් එක වැහිලා තියෙද්දි හිර උනොත්( Stuck Closed ),

👉 ක්‍රෑන්ක්කේස් එකට හරියට වාතාශ්‍රයක් ලැබෙන්නේ නැති නිසා Oil Sludge වීමක් වෙන්න පුලුවන්.

👉 ඔයිල් කූරෙන් ඔයිල් එලියට ගහන්න පුලුවන් 

👉 Crank Oil seal ඩැමේජ් වෙන්න පුලුවන් 

👉 ටර්බෝචාජර් එකේ ඔයිල් රිටර්න් ලයින් එක දිගේ ප්‍රෙශර් එක රිලීස් වෙලා ටර්බෝ එකේ සීල් ඩැමේජ් වෙන්න පුලුවන්.


🛠️ සාමාන්‍යයෙන් ගොඩක් අය කරන Engine Tune up කියන වැඩේදි මේ වෑල්ව් එක අනිවාර්යයෙන් ම චෙක් වෙන්න ඕනේ වගේම ඒකට සම්බන්ධ හෝස්,ලයින් හොදට පිරිසිදු කරන්න ඕනේ.


💥 වෑල්ව් එක වැඩ කරනවද කියලා සරලව චෙක් කරගන්නේ කොහොමද ?

🛠️ වෑල්ව් එක වැඩ කරනවද කියලා දැනගන්න කරන්න පුලුවන් සරල පරීක්ෂණයක් පහල රූප වල දාලා තියනවා.ඒකට අමතරව,

☝️ සාමාන්‍යයෙන් වෑල්ව් එක ගලවලා හොල්ලලා බැලුවම ඇතුලෙන් සද්දයක් ( Rattling Noise ) එනවනම් වෑල්ව් එක හොද තත්ත්වේ තියනවා ඇති කියලා පොඩි අදහසක් ගන්න පුලුවන්.එහෙම සද්දයක් එන්නේ නැත්තන් බොහෝදුරට වෑල්ව් එක හිරවෙලා වෙන්න පුලුවන්.

✌️ වෑල්ව් එකේ ඉන්ලට් මැනිෆෝල්ඩ් එකට වැදිලා තියන හෝස් එක එහෙම්මම තියෙද්දි වෑල්ව් එක හවුසින් එකෙන් ගලවලා අරන් එන්ජින් එක ස්ටාර්ට් එකේ තියෙද්දි එන්ජින් එක ට වෑල්ව් එක හයිවෙන පැත්ත ඇගිල්ලෙන් වහගෙන(මේ වෙලාවේ අනිත් පැත්ත ඉන්ලට් මැනිෆෝල්ඩ් එකට හයිවෙලා තියෙන්නේ) එන්ජින් එක රේස් කරනකොට අපිට ඇගිල්ලට සක්ශන් එකක් දැනෙනවනම් බොහෝදුරට වෑල්ව් එක හොද තත්ත්වේ තියනවා.

🤟 එන්ජින් එක ස්ටාර්ට් කරලා එන්ජින් ඔයිල් පුරවන කැප් එක ගලවලා එතන කඩදාසියකින් වගේ වැහුවම ටික වෙලාවකින් ඒ කඩදාසිය ඇතුල් පැත්තට ඇදෙනවනම්(සක්ශන් එකක්) වෑල්ව් එක වැඩ කරනවා කියලා අදහසක් ගන්න පුලුවන්.

🛠️  වෑල්ව් එක වැඩ කරන්නේ නැත්තන් Repair කරන එක සාර්ථක නෑ.හොදම දේ Replace කරන එක.වෑල්ව් එක ක්ලීන් කරලා යම්තාක් දුරකට පාවිච්චි කරන්න පුලුවන් උනත් අනිවාර්යයෙන් නිශ්පාදකයා කියලා තියන ඉන්ටර්වල් එකේදි වෑල්ව් එක මාරු කරන්නම ඕනේ.


💥 Oil Catch Can 🌀

දැන් බලමු මොකක්ද මේ Oil Catch Can එක කියන්නේ කියලා.මේක Factory Fitted එන්නේ නැති Aftermarket product එකක්.

  සාමාන්‍යයෙන් මේ PCV සිස්ටම් එක නිසා ඉන්ලට් මැනිෆෝල්ඩ් එකේ ඔයිල් බැදෙන එක සාමාන්‍ය දෙයක්.මොකද මේකෙදි එන්නේ Crankcase එකේ ඉදන් එන Blowby Gas එක නිසා.GDI,DI,CRDI වගේ Direct Injection තියන එන්ජින් වලදි ඉන්ධන ගැටීමෙන් වෑල්ව් පිරිසිදු වීමක් වෙන්නේ නෑ.( Port Injection ක්‍රම වලට ඒ කතාව අදාල නෑ. ) ඒ නිසා වෑල්ව් වල ඔයිල් බැදීමක් වෙනවා.ඒ වගේම මැනිෆෝල්ඩ් එක ඇතුලෙත්.

මෙන්න මේ ප්‍රශ්නෙට විසදුමක් විදියට තමයි මේ Aftermarket Oil Catch Can කියන එක එන්නේ.මේක PCV System එකේ අතරමැද තැනකට හයි වෙන ෆිල්ටර් එකක්.මේකෙන් වෙන්නේ ඉන්ලට් මැනිෆෝල්ඩ් එකට යන Blowby Gas එකේ තියන Engine oil ටික රදවගෙන වාතය විතරක් යවන එක.

කාලයක් යද්දි මේකේ පිරෙන ඔයිල් ටික මේක ගලවලා අරගෙන හරි, Sucker Bottle එකකින් එලියට ඇදලා හරි පිරිසිදු කරන්න ඕනේ.


😌😌උපුටා ගැනීම - සචින්ත සේනාරත්න😒😒

ජයවේවා🇱🇰💝


Post a Comment

0 Comments