Positive Crankcse Ventilation( PCV ) System & Blowby Gas

 Positive Crankcse Ventilation( PCV ) System & Blowby Gas  -  (01 වන කොටස)


අද මොකක් ගැනද මේ කතා කරන්න යන්නේ?

මොකක්ද මේකෙන් වෙන්නේ?

ඇයි මේක වාහනේකට දාලා තියෙන්නේ?

දැන් බලමු මේ කතාව....

📌️  මුලින්ම බලමු මොකක්ද මේ Blowby Gas කියලා කියන්නේ.

      වාහනේක හෝ මොකක්ම හරි තැනක තියන එන්ජින් එකක් වැඩ කරනකොට පිස්ටන් උඩ යට යනකොට එක්සෝස් ගෑස් එක,පිච්චුන නැති ඉන්ධන වාශ්ප වගේ ඒවා රිංග්ස් අස්සෙන් ඔයිල් සම්ප් එක පැත්තට බහිනවා.ඒ කියන්නේ එන්ජින් එකේ Crankcase එකට.ක්‍රෑන්ක් කේස් එක කියන්නේ එන්ජින් එකක් ඇතුලේ තියන හිස් අවකාශය.එන්ජින් එක ගෙවෙන්න ගෙවෙන්න මේ ගෑස් එකත් වැඩිපුර ක්‍රෑන්ක් කේස් එකේ එකතු වෙන්න ගන්නවා..ආයි එන්ජින් ඔයිල් ලෙවල් වැඩි උනාම,ක්‍රෑන්ක් එක කැරකෙනකොට ඔයිල් වල වදිනකොට තව එන්ජින් එක රත් වෙනකොට එන්ජින් ඔයිල් මිස්ට් එකක් හැදෙනවා සම්ප් ඒරියා එකේ.ඒ කියන්නේ ඔය ක්‍රෑන්ක් කේස් එකේ.ඔය ඔක්කොම එකතු වෙලා තනි එක ගෑස් එකක් හැදෙනවා එන්ජින් එක ඇතුලේ.Blowby Gas කියලා කියන්නේ මේ හැදෙන ගෑස් එකට.

🌡️  සිලින්ඩර් ඇතුලේදි කෙලින්ම පිච්චිලා වගේම,මේ විදියට බ්ලෝ බයි ගෑස් එකක් විදියටත් එන්ජින් ඔයිල් එන්ජින් එකෙන් පිට වෙන එක එන්ජින් ඔයිල් පරිභෝජනය( Oil Consumption ) පැත්තට ගන්න පුලුවන්.මොකද එන්ජින් එකක ඔයිල්,සර්විස් එකක් වෙනකම් ඒ මට්ටමේම තියෙන්නේ නෑ.

👉  අයිඩ්ල් වේගෙදි අඩුවෙනුත් වැඩි එන්ජින් වේගවලදි සාපේක්ෂව වැඩියෙනුත් මේ බ්ලෝ බයි ගෑස් එක එන්ජින් එක ඇතුලේ හැදෙනවා.ඒ කියන්නේ මේක එන්ජින් එක ස්ටාර්ට් කලාම යම්තාක් දුරකට හැදිලා නැවතිලා,ආයි එන්ජින් එක නවත්තලා ආයි ස්ටාර්ට් කලාම ආයි යම්තාක් දුරකට හැදෙන එකක් නෙමෙයි.එන්ජින් එක වැඩ කරන හැම වෙලාවකදිම දිගින් දිගටම හැදෙන දෙයක්.


🔍  එතකොට එන්ජින් එක සම්පූර්ණ සීල් කරලා හැදුවොත් මොකද වෙන්නේ?

දිගින් දිගටම හැදෙන මේ බ්ලෝ බයි ගෑස් එක ක්‍රෑන්ක් කේස් එකේ පිරෙනවා.ක්‍රෑන්ක් කේස් පරිමාව නියතයි.ඒ නිසා මේ ගෑස් එක වැඩි වෙද්දි පීඩනය වැඩි වෙනවා.එන්ජින් එකේ බහුතරයක් කොටස් හදලා තියෙන්නේ ලෝහවලින්.ඉතින් මේ වැඩිවෙන පීඩනය ලෝහ වලට දරන්න පුලුවන්.ඉතින් මේ වෙලාවට මෙතන තියන ශක්තිය අඩුම කොටසක් වෙච්ච Crank Oil Seal ඩැමේජ් කරගෙන මේ ප්‍රෙශර් එක එලියට රිලීස් කරනවා.


🔍  මේක නවත්තන්න මොකක්ද කරන්න පුලුවන් ?

මේක නවත්තගන්න නම් එන්ජින් එකෙන් එලියට මේ ප්‍රෙශර් වෙන බ්ලෝබයි ගෑස් එක පිට කරන්න ඕනේ.මුල්ම කාලේ මේක ගොඩක් සරලව කලා.ක්‍රෑන්ක් කේස් එකෙන් ලයින් එකක් එලියට ඕපන් කලා.ඒකට තමයි පරණ එන්ජින් වල Breather Line එක කියලා කියන්නේ.මේක නිකන්ම බටයක් ක්‍රෑන්ක් කේස් එකෙන් එලියට දාලා තමයි මුලින්ම නිර්මාණය උනේ.එතනින් පස්සේ ටිකෙන් ටික මේ ක්‍රමය දියුණු වෙන්න පටන් ගත්තා.


☝️  Open Crankcase Ventilation System 

       මේකෙදි එන්ජින් එකේ ඔයිල් මූඩියේ සිදුරක් තියනවා.මේ හරහා එන්ජින් එක ඇතුලට වාතය අදිනවා.මේ ක්‍රමේදි Blowby Gas එක නිසා ක්‍රෑන්ක් කේස් එකේ ප්‍රෙශර් එක වැඩි වෙද්දි මේ සිදුරෙන් ඒ ගෑස් එක එලියට යනවා.ඒ කියන්නේ මේකෙදි Blowby Gas එක එන්ජින් එකෙන් එලියට දාන වැඩේ සාර්ථක විදියට කරගන්න පුලුවන් උනා.

මේ බ්ලෝ බයි ගෑස් එකේ මොනවද තියෙන්නේ කියලා උඩ කිවුවා.එන්ජින් ඔයිල් අංශු,පෙට්‍රල්/ඩීසල් අංශු,කාබන් අංශු වගේ දේවල්.එහෙනම් මේක කෙලින්ම මේ විදියට පරිසරයට යවන එකෙන් මොකක්ද වෙන්නේ?පරිසර දූශණයක්.ඒ කියන්නේ Emission. Open ක්‍රමයෙදි බ්ලෝබයි ගෑස් එක පිටකරන එක සාර්ථක උනාට මේ ගෑස් එක නිසා ලොකු පරිසර දූශණයක් වෙන්න ගත්තා.මේ දේ ඒ විදියටම ඉස්සරහට ගෙනියන්න බැරි උනේ ඒකයි.

☀️  ඊටපස්සේ ඕන උනා මේක පරිසරයට වෙන හානිය පුලුවන් තරමක් අවම වෙන විදියකට ක්‍රෑන්ක් කේස් එකෙන් එලියට යවන්න.ඒකෙදි අපිට හම්බෙනවා,


✌️  Closed Positive Crankcase Ventilation system 

      Open ක්‍රමයෙදි මග ඇරගන්න බැරි උන අවුල හරිගස්සලා ආපු ක්‍රමය තමයි මේක.වර්තමානෙදිත් වාහන වල පාවිච්චි වෙන්නේ මේ විදිය.මේකෙදි වෙන්නේ මෙහෙමයි.ක්‍රෑන්ක් කේස් එක තැන් දෙකකින් ඕපන්.හැබැයි ඒ තැන් දෙකම ඉන්ලට් මැනිෆෝල්ඩ් එකටමයි.එක පැත්තකින් බ්ලෝබයි ගෑස් එක සිලින්ඩර් වලට ඇදලා ගන්නකොට ඒත් එක්කම එයා ක්ලීනර් එක හරහා එන පිරිසිදු වාතය ක්‍රෑන්ක් කේස් එකට එනවා.ඒ කියන්නේ මෙතනදි වෙන්නේ බ්ලෝ බයි ගෑස් එක පිරිසිදු වාතය එක්ක මික්ස් කරගෙනම එහෙම්මම ආයි සිලින්ඩර් වලට ඇදලා ගන්න එක.

📌️  ඒක හරියට මේ වගේ.ලොකු පිරිසක් රැස් වෙලා ඉන්න හෝල් එකක රැස්වීමක්.හෝල් එක AC නෑ.හැබැයි වටෙන්ම Blower කැරකෙනවා පේනවා.මේ බ්ලෝවර් වලින් හෝල් එක ඇතුලට වාතය තල්ලු කරන්නේ නෑ.එලියට ඇදලා දානවා.ඒ ඇදලා දාන වාතය වෙනුවට හොද පිරිසිදු වාතය ආයි හෝල් එක ඇතුලට පිරෙනවා.ඒ පිරෙන්නේ හෝල් එකේ තියන එලියට විවෘත කවුලු වලින්.බ්ලෝවර් වැඩ කරනකන් මේ වැඩේ දිගටම වෙනවා.ඉතින් හෝල් එක ඇතුලේ නිතරම පිරිසිදු වාතාශ්‍රයක් එක්ක තියන්නේ.

👉  එන්ජිම ඇතුලත් මේ වගේමයි වෙන්නේ.ඉන්ලට් මැනිෆෝල්ඩ් එකෙන් අදින තරමටම ආයි ආයි එයා ක්ලීනර් එකෙන් හොද වාතය එන්ජින් එකට එනවා.ඉතින් බ්ලෝබයි ගෑස් එක ඇතුලේ රැදෙන්නේ නැතුව දිගටම ක්‍රෑන්ක් කේස් එක ඇතුලේ වාත ප්‍රවාහයක් තියනවා.මේ විදියට සිලින්ඩර් වලට ඇදලා ගන්න බ්ලෝබයි ගෑස් එක සිලින්ඩර් ඇතුලෙදි පවර් ස්ට්‍රොක් එක වෙලාවෙදිම පුච්චලා දානවා.කෙලින්ම එලියට දානවට වඩා මේ විදියට පුච්චලා එලියට දාන එක සාපේක්ෂව පරිසර දූශණය අවමයි. 

☀️  මේකෙදි ක්‍රෑන්ක් කේස් එකයි ඉන්ලට් මැනිෆෝල්ඩ් එකයි අතර තියනවා වෑල්ව් එකක්.ඒකෙන් තමයි මේ වැඩේ කන්ට්‍රෝල් කරන්නේ.ඒකට අපි කියනවා PCV Valve එක කියලා.කොහොමද ඒක වැඩ කරන්නේ?ඒකෙන් එන්න පුලුවන් දෝශ මොනවද?මේ පද්ධතියට පිටින් එකතු උන Oil Catch Can කියන්නේ මොකක්ද?

පෝස්ට් එක දිග ඇති.ඒක ගැන අපි ඊලග පෝස්ට් එකෙන් කතා කරමු.


😌😌උපුටා ගැනීම - සචින්ත සේනාරත්න😒😒

ජයවේවා🇱🇰💝

Post a Comment

0 Comments