Radiator Pressure Cap

Radiator Pressure Cap♨️

රේඩියේටර් කැප් එක කියලා කියන මේ පියන මොකක්ද?මේක ඕන වෙන්නේ ඇයි?මොනවද මේක තියන කෑලි?😌😌😌

Liquid Cooling System එකක් තියන වාහනේක Cooling System(සිසිලන පද්ධතිය) එකේ වැදගත්ම කොටසක් වෙච්ච,ගොඩක් වාහනවල බොනට් එක ඇරපු ගමන් ඉස්සරහින්ම තියන රේඩියේටර් එක උඩ පේන්න තියන මූඩියක් වගේ එක තමයි මේ රේඩියේටර් ප්‍රෙශර් කැප් එක කියලා කියන්නේ.

මුලින්ම බලමු ඇයි මේක තියෙන්නේ කියලා.

              මුල් කාලේ වාහන වල රේඩියේටර් එක වහන්න තිබ්බේ නිකන්ම පියනක්.ඒ කියන්නේ අනිවාර්යයෙන් ම වර්තමානේ තියන රේඩියේටර් කැප් එක නිශ්පාදනය වෙලා තියෙන්නේ ඔය රේඩියේටර් කට වහගෙන ඉන්නවට වඩා වැඩි වැඩක් කරගන්න ඕන නිසා.


මුල්ම කාලේ වාහන බැලුවම අහලා තියනවා රේඩියේටර් එකේ කට මට්ටම් වතුර පුරවන්න එපා කියලා.ඒ වගේම ඒ කාලේ වාහන වල පොඩි ගමනක් ගිහිල්ලා ආවත් අඩු වතුර පුරවන එක හැමවෙලේම කරන්න ඕන උනා.ඒ කියන්නේ සිස්ටම් එක සංවෘත නෑ කියන එක.පුරවන වතුර එලියට යනවා.ඒ කියන්නේ වතුර වාශ්ප වෙන උශ්ණත්වෙට වතුර ආවම ඒ වාශ්ප එලියට යවන්න ඕන උනා.එහෙම එලියට යැවුවම සිස්ටම් එක ඇතුලේ වතුර අඩු වෙනවා(ඩැමේජ්,බුරුල් වීම් නැති සිස්ටම් එකක් කියලා ගත්තම)එතකොට එහෙම වාශ්ප හැදෙන්නේ වතුර එයාගේ තාපාංකයට ආපු නිසා.එතකොට ඒ තාපාංකෙට වතුර ආවේ නැත්තන් වාශ්ප හැදෙනවද?නෑ.ඒ නිසා වතුර අඩු වෙනවද? නෑ.

✔️එහෙනම් කූලින් සිස්ටම් එකක් ඇතුලේ ජලය හෝ කූලන්ට් තාපාංකෙට එන්න නොදි තියාගත්තනම් මේ ප්‍රශ්නේ විසදෙනවා.

💥100°C වලදි වතුර නටනවා කියලා කිවුවට එහෙම වෙන්නේ හැමතැනකදිම නෙමෙයි.මුහුදු මට්ටමේදි.ඒ කියන්නේ මුහුදු මට්ටමෙන් ඉහළට හෝ පහළට යනකොට මේ 100 කියන එක අඩුවැඩි වෙනවා.අපි පිදුරුතලාගල කන්ද උඩට ගිහිල්ලා වතුර රත් කලොත් ඒ වතුර එතනදි නටන්නේ 100°C ට වඩා අඩු උශ්ණත්වෙකදි.අපි හිතමු 80°C දි කියලා.ඒ කියන්නේ මුහුදු මට්ටමෙන් උඩට ගිය නිසා වතුර නටන උශ්ණත්වේ පහලට ආවා.

      එතකොට කන්ද උඩදි මොකක්ද වෙනස් උනේ?වායුගෝලීය පීඩනය.එතනදි උනේ වායුගෝලීය පීඩනය අඩු උන එක.අඩු උන නිසා වතුර ඉක්මනට නටන්න ගත්තා(තාපාංකෙට ආවා) එහෙනම් මේ වගේම පීඩනය වැඩි තැනකදි මේකේ අනිත් පැත්ත වෙන්න ඕනේ.ඒ කියන්නේ 100°C වඩා වැඩි අගයක් වෙනකන්ම වතුර තාපාංකෙට එන්නේ නෑ.

🤟🤟ඔන්න ඔය දේ තමයි රේඩියේටර් ප්‍රෙශර් කැප් එකෙන් කරන්නේ.ඒ කියන්නේ කූලින් සිස්ටම් එක ඇතුලේ පීඩනය වැඩි කරලා වතුර හෝ කූලන්ට් වල තාපාංකේ ඉහල දාන එක. මෙන්න මෙහෙම කරපු නිසා තමයි එන්ජින් එකක් ඇතුලේ ජල වාශ්පයක් හැදෙන්නේ නැත්තේ.ඒ කියන්නේ බොයිල් කරන්නේ නැත්තේ.හේතුව තමයි ඒ උශ්ණත්වෙට ආවට ඇතුලේ වතුර හෝ කූලන්ට් වාශ්ප වෙන්නෙ(Boiling Point එන්නේ/නටන්නේ) නෑ.එහෙම වෙනවනම් ඒක Engine Overheat වීමක්.

මේ වගේ තාපාංකය ඉහල දාලා එන්ජින් එක ලොකු උශ්ණත්වෙක වැඩ කරවන එකෙන් එන්ජින් එකේ සිසිලන කාර්‍යක්ශමතාවය වැඩි කරගන්නත් පුලුවන්.කොහොමද එහෙම වෙන්නේ?

📌️අපි වතුර එකක් නටනකන්ම රත් කරලා තේ එකක් හැදුවා කියමුකො.අපේ පරිසර උශ්ණත්වේ 30°C යි,එතකොට ඒ වතුරේ උශ්ණත්වේ 100°C යි කියලා හිතමු.ඕක දැන් කටේ තියන්න බෑ රස්නෙයි.හැබැයි ඉක්මනටම පොඩි වෙලාවකින් ඕක කටේ තියන්න පුලුවන් ගානට නිවෙනවා.හැබැයි බොන්න එපා වෙන ගානටම නිවෙන්න ගොඩක් වෙලා යනවා නේද?අපිට කටේ තියන්න පුලුවන් ගාන 60°C යි කියලා හිතුවොත් 100 ඉදන් 60ට ඉක්මනට ආවට 60 ඉදලා 30 ට යන්න ගොඩක් වෙලාව ගිහිල්ලා.ඒ කියන්නේ උශ්ණත්ව පරාසේ වැඩි වෙන්න වැඩි වෙන්න සිසිලන කාර්‍යක්ශමතාවේ වැඩි වෙලා තියනවා.පරාසේ අඩු වෙනකොට කාර්‍යක්ශමතාවෙත් අඩු වෙලා තියනවා.එන්ජිමත් ඔය වගේම තමයි.

සාමාන්‍යයෙන් අපේ රටක වගේනම් සාමාන්‍ය පරිසර උශ්ණත්වය 30°C ආසන්නයේ තියනවා කියලා හිතුවොත් එන්ජින් එකක Working Temperature එක 80-120°C වගේ පරාසෙක තියන නිසා එන්ජින් එකක කූලින් සිස්ටම් එකේ තියන කූලන්ට් එන්ජින් එක රත් වෙනකොට ප්‍රසාරණය වෙනවා වගේම සිසිල් වෙනකොට ආයිත් සංකෝචනය වෙනවා.ඔන්න ඔය දේවල් දෙක වෙනකොට කූලින් සිස්ටම් එක බැලන්ස් කරන්න වෑල්ව් දෙකක් තියනවා මේ රේඩියේටර් ප්‍රෙශර් කැප් එකේ.



Radiator Pressure Cap එකෙන් සිස්ටම් එකේ උශ්ණත්වය ඉහල මට්ටමකට ගේන්නේ කොහොමද කියලා කතා කරපු නිසා දැන් බලමු මේ වෑල්වු දෙක මොනවද? මොකක්ද මේවයින් වෙන්නෙ කියලා

☝️  කූලන්ට් ප්‍රසාරණයෙදි වැඩ කරන්න Pressure Relief Valve(High Pressure Valve)

✌️  කූලන්ට් සංකෝචනයෙදි වැඩ කරන්න Vacuum Valve(Suction Valve/Low Pressure Valve)

     මේ වෑල්ව් දෙකම ස්ප්‍රින් ටෙන්ශන් එකකින් වැහිලා තියන වෑල්ව් දෙකක්.ඒ ටෙන්ශන් එකට වඩා වැඩි බලයකදි ස්ප්‍රින් එක අකුලවගෙන ඇරෙනවා.හැබැයි වෑල්ව් දෙක තියෙන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට ඇරෙන විදියට.ඒ කියන්නේ එකක් ඇරෙන්න බලය එද්දි ඒ බලයටම අනික වැහෙනවා.

💥  අපි රේඩියේටර් එකේ කට මට්ටමටම කූලන්ට් පුරවලා එන්ජින් එක ස්ටාර්ට් කලාට පස්සේ ටිකෙන් ටික රත් වෙනකොට එන්ජින් හීට් එක උරාගෙන කූලන්ට් එකත් රත්වෙනවා.රත්වෙනකොට පදාර්ථයක ප්‍රසාරණය කියන දේ සිද්ද වෙනවා.ඒ ප්‍රසාරණය එක්කම රේඩියේටර් එක ඇතුලේ පරිමාව අඩු වෙලා,පීඩනය වැඩි වෙනවා.ඒ කියන්නේ කට මට්ටමේ තිබ්බ කූලන්ට්,මේ පීඩනය වැඩිවීමත් එක්ක යන්න තැනක් හොයනවා.මේ පීඩනය නිදහස් නොකලොත් රේඩියේටර් එක පුපුරන්න පුලුවන්.ප්‍රසාරණය එක්ක වැඩි වෙන පීඩනය නිසා Pressure Relief Valve එකේ ස්ප්‍රින් එක අකුලවගෙන ඒ වෑල්ව් එක ඇරගෙන කූලන්ට් රේඩියේටර් එකෙන් එලියේ තියන,පීඩනය රේඩියේටර් එකට සාපේක්ෂව අඩු Reservoir Tank එකට යනවා(ද්‍රවයක් විදියටම).ඒ කියන්නේ පීඩනය වැඩි තැන ඉදන් අඩු තැනට යනවා.ඒ යන්නේ Reservoir Tank එකේ පතුලට(රේඩියේටර් කට හැර තව වතුර පුරවන කටක් තියෙන්නේ මෙන්න මේ ටෑන්ක් එකේ.Windshield washer පුරවන ටැංකිය නෙමෙයි)

📌️ඔන්න ඔය Pressure Relief Valve එක ඇරෙන පීඩනය තමයි ප්‍රෙශර් කැප් එකේ 0.9Bar,1.1Bar,1.3Bar විදියට(සමහර වෙලාවට kPa වලින්)ගහලා තියෙන්නේ ඒ ඒ එන්ජිමට අනුව ඒ අගය වෙනස් වෙනවා.

💥  ඊටපස්සේ අපි එන්ජින් එක නවත්තනවා කියලා හිතන්න.එතන ඉදන් වෙන්නේ එන්ජින් එක නිවෙන එක.එතකොට අර ප්‍රසාරණය උන කූලන්ට් ආයි සංකෝචනය වෙනවා.හැබැයි දැන් ඇතුලේ පීඩනය සාමාන්‍යය තත්ත්වෙට එන නිසා Pressure එක එලියට රිලිෆ් කරපු වෑල්ව් එක වැහිලා සිස්ටම් එක Sealed වෙනවා.එතකොට මේ සංකෝචනය එක්ක රේඩියේටර් එක ඇතුලේ අඩු පීඩනයක්(ආංශික රික්තකයක්) ඇති වෙනවා.මේ වෙලාවෙදි රේඩියේටර් එක ඇතුලේ පීඩනයට වඩා වායුගෝලීය පීඩනය වැඩි නිසා මේ වැකියුම් තත්ත්වය මග ඇරියේ නැත්තන් රේඩියේටර් එක ඇකිලෙන්න,තැලෙන්න පුලුවන්.මෙන්න මේ රේඩියේටර් එක ඇතුලේ ඇතිවෙන අඩුපීඩන තත්ත්වය නිසා මෙතනට සාපේක්ෂව වැඩි පීඩනයක(සාමාන්‍ය වායුගෝලීය පීඩනයේ)තියන Reservoir Tank එකේ තියන කූලන්ට්(කලින් Pressure Relief Valve එක හරහා ගිය) රේඩියේටර් එකට එනවා.ඒ කියන්නේ පීඩනය වැඩි තැන ඉදන් අඩු තැනට.මේ එන්නේ Vacuum Valve එකේ Spring Tension එක අකුලවගෙන ඒ වෑල්ව් එක ඇරගෙන.

ඔන්න ඔය දේ තමයි රේඩියේටර් ප්‍රෙශර් කැප් එකකින් වෙන්නේ.

රේඩියේටර් කැප් එකක් නිසා ගොඩක්ම වෙලාවට වාහනේ එන ලෙඩ වලට හේතු වෙන්න පුලුවන් ප්‍රධාන දේවල් කීපයක් තියනවා.

👉   Cap එක හරියට රේඩියේටර් කටට සීට් නොවුනම

    මේකේ ප්‍රතිඵලයක් විදියට වැකියුම් වෑල්ව් එක හරහා රේඩියේටර් එකට කූලන්ට් ඇදගන්නේ නැති වෙන්න පුලුවන් වගේම රේඩියේටර් කූලන්ට් අඩු වෙන්න පුලුවන්. 

👉   Pressure Relief Valve දෝශ

    වෑල්ව් එක හිරවෙලා ඇරුනෙ නැත්තන් ඇතුලේ වැඩිවෙන පීඩනය නිසා කූලින් සිස්ටම් එකේ කොටස් ඩැමේජ් වෙන්න පුලුවන්.නියමිත පීඩනයට කලින් ඇරුනොත්(ස්ප්‍රින් ටෙන්ශන් අඩුවෙලා,සීල් ඩැමේජ් වෙලා)එන්ජින් එක දුවන අතරතුර රෙසවර් ටෑන්ක් එක උතුරලා යන්න පුලුවන්.මේ වෑල්ව් එක අපිට සරලව චෙක් කරගන්න පුලුවන් රබර් සීල් ඩැමේජ් වෙලාද කියලා බලලා,ඇගිල්ලෙන් තද කරද්දි වෑල් එක ඇරෙනවද කියලා බලලා.

👉   Vacuum Valve දෝශ

    මේ වෑල්ව් එක හිර උනාමත් ඇතුලේ රික්තකය පුරවන්න බැරි නිසා කූලින් සිස්ටම් එකේ කොටස් ඩැමේජ් වෙන්න පුලුවන්(වෝටර් පම්ප් සීල් ඩැමේජ්,ගෑස්කට් ඩැමේජ්,රේඩියේටර් හෝස් ලීක් වලදිත් මේ Vacuum Valve එකේ ක්‍රියාව හරියට නොවෙන්න පුලුවන්).කැප් එක අතට අරන් මේ වෑල්ව් එක හිමීට ඇද්දම ඇරෙනවද කියලා බලලා,පිටින් පේන ඩැමේජ් තියනවද කියලා බලලා අපිට මේක සරලව හොදයිද කියලා බලාගන්න පුලුවන්.

📌️මේ දේවල් හරියටම බලාගන්න නම් Radiator Pressure Cap Testing Tool එකක් පාවිච්චි කරන්න වෙනවා

👉   වැරදි රේඩියේටර් කැප් එකක් පාවිච්චි කිරීම

    හැම එන්ජින් එකකටම නිශ්පාදකයා දීලා තියන පීඩන අගය හරියටම තියන ප්‍රෙශර් කැප් එකක් දාන්න ඕනේ.ඒ කැප් එකේ අගය කොච්චරක්ද කියලා නිශ්පාදකයා තීරණය කරන්නේ එන්ජින් එකේ අනිත් කොටස් වල දරාගැනීම,එන්ජින් එකේ වර්කින් ටෙම්පරේචර් එක වගේ දේවල් සලකලා.එහෙම හරියටම නිශ්පාදකයා දීපු කැප් එකම දැම්මේ නැති උනාමත් එන්ජින් ඕවර්හීට් වෙනවා,කූලන්ට් අඩු වෙනවා,රෙසවර් ටෑන්ක් ඕෆ්ලෝ වෙනවා වගේ දේවල් වෙන්න පුලුවන් 

🔧සාමාන්‍යයෙන් රේඩියේටර් ප්‍රෙශර් කැප් එකක් මාරු කරන්න කාලසීමාවක් නෑ.කැප් එකේ කියලා හරියටම අදුනගත්ත දෝශයක් ආපු වෙලාවක මාරු කලාම ඇති.

⚠️️🚫කිසිම වෙලාවක එන්ජින් එක රත් උන වෙලාවක මේ කැප් එක එක සැරේම අරින්න යන්න එපා.මොකද රේඩියේටර් එක ඇතුලේ තියන කූලන්ට් ලොකු පීඩනයක,උශ්ණත්වයක ඒ වෙලාවට තියෙන්නේ.මේ කැප් එක ඇරෙන්නේ,වැහෙන්නේ ස්ටෙප් දෙකකට.කැප් එක අරින්න ඕනම වෙලාවකදි ඝන රෙදි කෑල්ලක් වගේ එකකින් මේ කැප් එක පලවෙනි ස්ටෙප් එකට විතරක් බුරුල් කරලා ප්‍රෙශර් රිලීස් උනාට පස්සේ කැප් එක අරින්න පුලුවන්


😌😌උපුටා ගැනීම - සචින්ත සේනාරත්න😒😒


Post a Comment

0 Comments