ශ්‍රී ලංකා ගුරු සේවය සදහා පිවිසිය හැකි මංපෙත්

ගුරු වෘත්තියට කැමැත්තක් දක්වන නමුත් විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණ සදහා සුදුසුකම් නොලැබූ හෝ පෙර වසර වලදී අයදුම් කොට විද්‍යාපීඨ වරම් නොලැබූ සිසු සිසුවියන් ට ගුරු වෘත්තීය ට එළබිය හැකි මාවත් පිලිබදව අදහසක් ලබා ගැනීම පිණිස මෙම ලිපිය භාවිතා කල හැක.

ශ්‍රී ලංකා ගුරු සේවය සදහා

1.අධ්‍යාපනවේදී උපාධිධාරීන්
2. ජාතික ශික්ෂණවේදී අධ්‍යාපන ඩිප්ලෝමාධාරීන්
3. උපාධිධාරීන්
4. උසස් තාක්ෂණ ඩිප්ලෝමාධාරීන් ලෙස බදවාගනු ලබයි





  • දැනට අධ්‍යාපනවේදී උපාධිය අභ්‍යන්තර උපාධියක් ලෙසින් කොළඹ හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් ලබා දේ.
  • විවෘත විශ්වවිද්‍යාලය මගින් ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදී උපාධියක් හා ඉංග්‍රීසි අධ්‍යාපනවේදී උපාධිය ලබා දෙනු ලබයි.
  • ඊට අමතරව රජයේ ණය යෝජනා ක්‍රමය යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා අධ්‍යාපනවේදී උපාධිය ලබා දෙනු ලබයි ( එහිදී දුෂ්කර පලාත් හි සේවයේ යෙදෙන්නෙ නම් එම ණය මුදල ආපසු ගෙවීමට අවශ්‍ය නැතැයි ද සදහන් වේ.)
  • උපාධිධාරීන් සදහා ගුරු විභාගය ගැසට් වූ විටදී, අදාල විෂයන් සදහා සුදුසුකම් සපුරන්නේ නම් අයදුම්කල හැකිය.


උපාධිධාරීන් සදාහා,

*පළාත් ගුරු විභාගය ( පළාතෙන් පළාතට වෙන වෙනම ගැසට් වේ.)

*ජාතික පාසල් ගුරු විභාගය

* උපදේශන ගුරු විභාගය ( මේ සදහා මනෝවිද්‍යාව , සමාජ විද්‍යාව වැනි විෂයක් උපාධියට හදාරා තිබීම හෝ ඕනෑම උපාධියක් සමග මනෝවිද්‍යා ඩිප්ලෝමාවක් හදාරා තිබිය යුතුය.)

* වෘත්තීය විෂය ධාරාව සදහා ගුරු විභාගය  වශයෙන් ගුරුවරුන් බදවාගැනීම සදහා ගුරු විභාග ක්‍රියාත්මක වේ.

* උසස් තාක්ෂණ ආයතනයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සදහා වූ උසස් ඩිප්ලෝමාව නිම කරන ලද පිරිස ,ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස බදවාගැනීම සදහා ඇතැම් පලාත් වල ගුරු විභාගය පවත්වනු ලබයි.

රජය අනුමත පෞද්ගලික උපාධි හදාරාද ගුරු විභාගය සදහා ඉදිරිපත් විය හැක. SLIIT ,NSBM, CINEC, යනාදිය රජය අනුමත පෞද්ගලික විශ්ව විද්‍යාල වේ. ඒවායේ රජය අනුමත උපාධියක් හැදෑරීම මගින් රජයේ ගුරු වෘත්තියට පැමිණිය හැක.

විවෘත විශ්ව විද්‍යාලයේ ඕනෑම උපාධියක් වලංගුවේ.

UNIVOTEC හි ඕනෑම උපාධියක් වලංගු වේ.

මීට අමතරව ධර්මාචාර්ය ගුරු පත්වීම් ද ලබා දේ. එයටද තරග විභාගයක ප්‍රතිඵල මත පදනම් බදවාගැනීම සිදු කරයි

උපුටා ගැනීම - vidyapeeta page

Post a Comment

0 Comments