හරියට බව්වෙක් ව නාවන්නෙ කොහොමද?



ඉස්සෙල්ලම මේක ඔයා දැනගෙන ඉන්නම ඕන..මිනිස්සුන්ගෙ සමයි සත්තුන්ගෙ සමයි සමාන නෑ. එයාලගෙ හම ස්භාවිකවම හැදිල තියෙන්නෙ ආරක්ශා වෙන්න ඔයිල් එකකුත් එක්ක..ඒ නිසා මිනිස්සු වගේ හැමදාම නාන්න ඕන නෑ එයාට..

අපි ගේ ඇතුලෙ එයාව හදනකොට ඉතින් පොඩි ගදක් එනව..හැබැයි ගෙයි හදන් සතෙකු දුර්ගන්ධයට සාපේක්ශව එලියේ හදන සතෙකුගෙ ගද එන්න තියන ප්‍රවනතාවය වැඩී.ඉතිං අපි එයාව පිරිසිදුව තියා ගන්න ඕන නිසා නාවනව..ඔයා එයාව හැමදාම නෑව්වොත් වෙන්නෙ එයාගෙ හමේ ස්භාවිකවම හැදෙන ඔයිල් ගතිය නැති වෙලා යන එක.මේ හින්ද මෙයාට හමේ රෝග හට ගන්න පුලුවන් , මේ නිසාම ගද ගහන එක වැඩි වෙන්නත් පුලුවන්..පශුවෛද්‍යය වරුන්ගේ නියමය නම් සතියකට එක වරක් හෝ දෙවරක් නාවන්න කියන එක තමයි..අපි සාමන්යෙන් දින 5කට වරක් සාමාන්‍යක් ලෙස අරගෙන නාවන එක කලා නම් ඔයාගෙ බව්වගෙ හම නිරෝගීව තියා ගන්න පුලුවන් වෙයි..අනිත් දේ මෙයාලගෙ හමට ගැලපෙන ශැම්පූ වර්ගයක් භාවිතා කරන්න..හොදට කුනු යන්න කියල සමහරු සන්ලයිට් වගේ රෙදි සෝදන සබන් කැට භාවිතා කරනව..ඒක නම් කරන්න එපා..මෙයාල වෙනුවෙන්ම නිශ්පාදන කරපු ශැම්පු එකක් නැත්නම් බේබි ශැම්පු එකක් භාවිතා කරන්න.

මාස 4කට වඩා පොඩි කෙනෙක් නම් බේබි ශැම්පූ භාවිතා කරන්න..වෙන ශැම්පු වර්ග එයාලගෙ හමට ටිකක් සැර වැඩී..මාස 4න් පස්සෙ උනත් එයාට විශේශ අවශ්‍යතාවක ශැම්පු එකක් අවශ්‍ය නැත්තම් බේබි ශැම්පු භාව්තා කරන්න..මේකෙන් මං විශේශ අවශ්‍යතාවයක් කියල අදහස් කලේ මැක්කො ඉන්නව නම් පශුවෛද්‍යය වරයා නියම කරනව නම් මැක්කො ඉන්න නිසා විශේශ ශැම්පු එකක් භාව්තා කරන වෙලාවක දී වගේ..අනිත් කාරනාව තමා එයාව නාවනකොට හොදට brush කරන්න..ගැලවුන ලෝම රොඩු එහෙම අයින් වෙලා යන්නම හොදට brush කරන්න..


විශේශ කරුනු තුනක් මේ එක්කම කියන්න ඕන..


  • ඔයාගෙ සතාගෙ හමේ රෝගයක් දැනට තියෙනව නම් කිසිම ශැම්පු වර්ගයක් භාවිතා කරන්න එපා..පිරිසිදු වතුරෙන් නාවල ඉවර උනාට පස්සෙ සේලයින් වතුරෙන් විතරක් ආසාත්මිකතා තියෙන ප්‍රදේශ සෝදන්න .
  • නාවනකොට කන් ඇතුලට වතුර නොයන්න නාවන්න ඕන..ඔලුව ප්‍රදේශය නාවනකොට කන් දෙක හොදට වැහෙන්න අල්ලගෙන අතින් හොමීට මූන සෝදන්න..නාවල අවසන් උනාම අනිවර්යෙන්ම කන් ඇතුල සුද්ද කරන්න.මේක නාවන එකේම එක අංගයක් විදියටයි අපි දකින්නේ
  • ඒ වගේම ගොඩක් අය කරන වැරැද්දක් තමයි නාවල ඉවර උනාට පස්සෙ එයාව අව්වෙ ගැට ගහන එක. තද අව්ව එයාලට අහිතකර දෙයක්..නාවල ඉවර උනාම හොදට තුවායකින් පිහිදන්න.තෙත ගතිය ගොඩක් වෙලා ඇගේ තියෙන එකෙනුත් හමේ රෝග හට ගන්න පුලුවන් .එයාව හොදට පිහිදල එලිමහනෙ සුලගෙන් වේලෙන්න දෙන්න.
  • ඒ වගේම එයාව පිහදාන්න පාවිච්චි කරන තුවාය පිරිසිදු එකක් වෙන්න ඕන. විසික් කරලා දාන හඩු අරන් සතා පිහදාන්න එපා. අලුත් ඒවම ඕන නෑ අපි ලග ඕන තරම් තියනවගෙ පරන උනත් හොද පිරිසිදු රෙදි අන්න ඒ වගේ හොදට වතුර උනන රෙදි කෑල්ලක් ගන්න..
එයාව නාවලා පිහදාලා ඉවර වෙලා හැමදාම ඒ තුවාය සේදුම් කාරකයක් දාලා පිරිසිදු කරලා වේලලා අරන් තියන්න.

KEANU kennel අපි නම් එයාලව නාවන්න භාවිතා කරන්නෙ බේබි ශැම්පු විතරයි..ඔයාලගෙ අවශ්‍යතාවය අනුව ඒක තීරනය කරන්න..

නාවනවට අමතරව දින දෙකකට වරක් හෝ එයාව නිකන් brush කරන්න..
ඔයාලට හැකියාවක් තියෙනව නම් ඔයාගෙ බව්ව ව මුහුදේ නාවන්නත් එක්කන් යන්න..ඒක එයාලගෙ හමට ගොඩාක් හොදයි..හමේ ඇතිවන රෝග බොහෝමයක් සුව කරගන්න පුලුවන් එයාව මුහුදු වතුරෙන් නාවන එකෙන්..අනිත් එක එයාත් ගොඩක් ආස වෙයි එහෙම ගිහිල්ල සෙල්ලම් කරල ඉන්න..

මං හිතනව මේ ලිපියෙන් ඔයාල දැනුමට යමක් එකතු කර ගත්තා කියල.ඔයාල දන්න දේවල් තියෙනව නම් ඒවත් පහලින් comment කරන්න.නොදන්න කෙනෙක්ට දැනගන්න මේක share කරන්න..ඒ වගේම page එකට like එකකුත් දාගෙන යන්න..

ඔයාලගෙ අදහස් අපිට ගොඩක් වටිනව..ඒ නිසා මේ ලිපිය ගැන ඔයාගෙ අදහසත් අපිට කියන්න..

KEANU kennel admin -malin

Post a Comment

0 Comments