මාර්ග ධාවන නීතිය


මෙරට සියලු දෙනාම පාහේ මාර්ග භාවිතා කරතී.පොදු මාර්ග වල ගමනාගමනයට අදාල ව  රීති රැසක්  කලින් කල පණවා ඇත. මේවා නොදැන මහා මාර්ගය භාවිත කිරීම බුද්ධිගෝචර ක්‍රියාවක් නොවේ. 
මහා මාර්ග භාවිත කරන පිරිස ආකාර කිහිපයකට බෙදා වර්ගකල හැකිය. 


I. පදිකයන්:මහා මාර්ගයේ පයින් යන අය 
Ii. මගීන්:වාහනවල ගමන් කරන අය 
Iii. රියැදුරන්:රිය පදවන අය


මේ එක් එක් කාණ්ඩයට අයත් පුද්ගලයන්ට බලපාන නීතිරීති පැහැදිලිව දැන ගැනීම සුදුසුය. 

මාර්ග සංඥා 



මාර්ග දෙපස දක්වා ඇති විවිධාකාර සංඥාවන් මෙනමින් හැදින්වේ. මාර්ග සංඥා හඳුනා ගැනීමේ පහසුව සඳහා වර්ග 3කට බෙදා වෙන් කළ හැකිය.
 
* තොරතුරු සංඥා(Useful Signals) 


පදිකයන්ට ද රියදුරන්ට ද ප්‍රයෝජනවත් වන තොරතුරු අඩංගු සංඥා මේ වර්ගයට අයත් ය. සාමාන්‍යයෙන් තොරතුරු සංඥා නිල් පාටින් දක්වා ඇත. මාර්ග විස්තර දැක්වෙන තොරතුරු සංඥා මෑතක සිට කොළපාටින් දැක්වීම සිරිතක්ව පවතී.(Direction Signals)

* අනතුරු සංඥා(Danger warning signals) 


විවිධාකාර අනතුරු හැඟවීමේ සංඥා මේ වර්ගයට අයත් ය. සාමාන්‍යයෙන් කහපාටින් අනතුරු සංඥා දක්වනු ලැබේ. 
පාලන සංඥා (Regulatory signals)
විධාන සංඥා (Mandatory signals) 
 


* තහනම් සංඥා(Prohibitory signals)
 
සිමා කාරි සංඥා(Restrictive signals)

වශයෙන් තුන් ආකාරය. 


මෙහිදී දැනගත යුතු වැදගත්ම කරුණ වනුයේ පාලන සංඥා වලට ආනත නොවීම දඩුවම් ලැබිය යුතු වරදක් වන බවයි. පාලන සංඥා වලින් කිහිපයක් හැරෙන්නට ඉතිරි සියල්ල රතු පැහැ කවයක් තුල දක්වා ඇත.
 
දකුණේ නීතිය

ඔබ වාහන පදවන්නෙක් නම් අනිවාර්යෙන්ම දකුණේ නීතිය නමින් ප්‍රසිද්ධ  වී ඇති කරුණ දැන ගත යුතුය.
මස් සන්ධියක දී හෝ වටරවුමකදී 

තමාගේ දකුණුපසින් තමා වෙත පැමිණෙන වාහන වලට ප්‍රමුඛත්වය දිය යුතුය යන්න දකුණේ නීතියයි.
 
මාර්ගය මත සලකුණු කර ඇති රේඛා 

මාර්ගයෙහි සලකුණු කළ රේඛාවන් විවිධාකාර අදහස් ගෙන දීම සඳහා භාවිතා කර ඇත. රියදුරන් විසින් නිතර වරද්දා ගන්නා එවැනි තැන් කිහිපයක් ගැන නිවැරදි විස්තර මෙහි දැක්වේ.

01.මාර්ගය මැද ඇති කැඩුණු දිග ඉරි (_ _ _ _ _)



මෙය මාර්ගයේ මැද දක්වන රේඛාවයි. වාහනය එම රේඛාව නොකැපෙන සේ වමට බර බරව ධාවනය කිරීම සුදුසුය. 
* තවත් වාහනයකට ඉස්සර කිරීම
* දකුණට හැරවීම 
* අනතුරක් වැලැක්වීම 
යන අවශ්‍යතා සඳහා කඩඉරි ඉක්මවා පැදවිය හැකි ය.
 
02.මාරගය මැද ඇති තනි ඉර(___________) 



මෙයද මාර්ගය මැද දක්වන රේඛාවකි. මෙම රේඛාවෙන් වමට බර ව වාහනය ධාවනය කළ යුතුය. 
* දකුණට හැරවීම 
* අනතුරක් වැලැක්වීම 
සඳහා මේ රේඛාව ඉක්මවිය හැකිය. 


03මාර්ගය මැද ඇති ද්විත්ව රේඛාව(===========)



මෙයද මාර්ගය මැද දක්වන රේඛාවකි. වාහනය එම රේඛාව නොකැපෙන සේ වම් පසින් ධාවනය කළ යුතුය.ද්විත්ව රේඛාව ඉක්ම වනසේ ඉස්සර කිරීම හෝ දකුණට හැරවීම නොකළ යුතුය. එහෙත් අනතුරක් වැලකීම සඳහා ද්විත්ව රේඛාව ඉක්මවා ධාවනය කළ හැකිය.

04.මාර්ග ධාවන මංතීරු දක්වන රේඛාව (---------------)



මන්තීරු වැඩි ප්‍රමාණයක් ඇති පුළුල් මාර්ග වල මෙවැනි රේඛා දක්වා ඇත. මේවා කඩඉරි වශයෙන් දක්වා ඇත. කඩඉරි රේඛා කැපෙන සේ ධාවනය කිරීම වරදක් නොවේ.එහෙත් තම වේගයට සරිලන මං තීරුවක ධාවනය කිරීම ආරක්ෂාකාරීය.
                             දියුණු තත්වයේ අධිවේගී මාර්ග වල මෙවැනි මන්තීරු තුනක් බැගින් එක පසෙක ඇත.(එවිට මාර්ගය මංතීරු 6කට  බෙදෙනු ඇත) 

මෙයින් මාර්ගය අයිනට ඇති මංතීරුව වමට හැරවීමට හෝ නැවැත්වීමට වේගය බාල කරන වාහන සඳහා ය.නැතහොත් හෙමින් ගමන් කරන වාහනවල ඒ මංතීරුව තෝරාගත හැකිය.දෙවනි මංතීරුව ඉදිරියට ධාවනය කිරීම සඳහා ය.තුන්වැනි මංතීරුව හෙවත් මැද ඇති මංතීරුව ඉස්සර කිරීමට ඉඩ ලබා ගැනීම සඳහා ය.


05.මං සන්ධි වල ඇති කොටුදැල් සටහන් 

කොළඹ සහ වාහන තදබදය අධික ප්‍රදේශවල මංසන්ධියෙහි මෙවැනි දැල් සටහන් මාර්ගය මැද ඇඳ තිබෙනු ඔබ දැක ඇත. මේ දැල් සටහන් වල අර්ථය වනුයේ මාර්ගය ඉඩ ලැබෙන තුරු දැලේ සටහන් මත වාහනය මද වේලාවක් නවත්වා ගැනීමට අවසර ඇති බවයි.

06.මාර්ගය අයිනේ ඇති සුදු පැහැති රේඛාව 
මෙවැනි රේඛාවකින් අදහස් වනුයේ එම රේඛාව ඉක්මවන සේ මාර්ගය දෙසට බරව වාහනය ගාල් කර තැබීම නොකළ යුතු බවයි.( Parking)

(උපුටා ගැනීම (ෆේස් බුක් සමාජ ජාලය))

ඔබේ අදහස්,යෝජනා, චෝදනා, පහතින් comment කරන්න
ඔබේ යහලුවන්ගේ දැනුවත්කම උදෙසා මෙම ලිපිය share කරන්න..


මෙවන් තවත් වටිනා ලිපියකින් නැවතත් හමුවෙමු.

Post a Comment

0 Comments