විවාහය සම්බන්ධ නීති



මෙරට සාමාන්‍ය විවාහ නීතියට පදනම්ව ඇත්තේ රෝම ලන්දේසි නීතියයි.( Roman Dutch Low) පසුකාලීනව පනවන ලද ව්‍යවස්ථා මගින් එය විධිමත් කර ඇත. සාමාන්‍ය විවාහ පිළිබඳ බලපාන නීතිය බැලූ බැල්මට සරලය, වටහා ගැනීමට පහසුය. 


විවාහ වීමේ හැකියාව 
පහත සඳහන් අවශ්‍යතා සපුරාලන අයකුට තවත් එවැනි අයකු සමඟ විවාහ විය හැකිය. 
වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබීම. 
වලංගුව පවත්නා විවාහයකට ඇතුළත් නොවීම. 
මේ අනුව දික්කසාද වූ අයට ද වැන්දඹුවන්ට ද නැවත විවාහ විය හැකි බව පැහැදිලිය. 


විවාහ අවසන් වීම
වලංගු විවාහයක් ආකාර 2කට අවසන් විය හැකිය. 
පාර්ශවකරුවකු මියයාම
දික්කසාද නඩු තීන්දුවකින් 

දික්කසාදයක් සඳහා හේතු 

පහත සඳහන් හේතු මත දික්කසාදයක් ඉල්ලා සිටිය හැකිය. 
I.අනාචාරය
Ii.ද්වේශ සහගත ලෙස අත්හැර දැමීම. 
Iii. විවාහ වන විට දී පැවති සුව කල නොහැකි බෙලහීනතාව. 


මේ කරුණු තුන වෛවාහක වැරදිනම් වේ. මෙහිදී පහත සඳහන් කරුණු දැන සිටීම වැදගත් ය. 
ඉහත සඳහන් “වෛවාහක වැරදි” එකක් හෝ වැඩි ගණනක් මත දික්කසාදයක් ඉල්ලා සිටිය හැකිය.
අනාචාරය නම් වූ වරද සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතුය.
අනාචාරයක් සිදුවීනම් අනාචාරයේ යෙදුනු අනෙක් තැනැත්තා ද නඩුවේ සමවිත්තිකරුවකු කළ යුතුය. 
(අනාචාරියාගේ නම සොයා ගත නොහැකි විට ද විත්තිකාරිය ගණිකා වෘත්තියේ යෙදෙන විට ද මෙම රීතිය අත්හළ හැකි ය.)
අනෙක් වෛවාහක වැරදි සාක්කි වැඩි බර අනුව ඔප්පු කිරීම සෑහෙයි.

දික්කසාද නඩුවකදී පහත සඳහන් දේ ඉල්ලා සිටිය හැකිය. 

දික්කසාද ආඥාවක් 
දරුවන්ගේ භාරකාරත්වය 
වන්දි 
ලබාදුන් දෑවැදි නැවත ලබාගැනීමට කරන ඉල්ලීම් 
දේපල/ ඉන් කොටසක් ලබා දෙන මෙන් ඉල්ලීම
තවද පහත සඳහන් අවස්ථා වලදී ලඝු පටිපාටිය අනුව නඩු පවරා,

ඉක්මනින් දික්කසාද ආඥාවක් ලබාගත හැකිය.

සත් වසක් වෙන්ව සිටීම
වෙන්වීමේ තීන්දු ප්‍රකාශයකින් වසර 2කට පසු
මේ අවස්ථා කිසිවක  දී දික්කසාද ආඥාවක් ඉල්ලා සිටීමට වරදකාරී පාර්ශවයට නොහැකිය. 

නීතියෙන් වෙන් වීම ( Legal Separation)

විවාහක පාර්ශවයන් එකට ජීවත් වීමේ දී සිදුවිය හැකි අප්‍රතිකාරී හානි වැලකීම වෙන්වීමේ තීන්දුවක් ලබා දීමේ අරමුණයි. පහත සඳහන් හේතු මත වෙන්වීමේ තීන්දු ලබාදීමට අධිකරණය විසින් සලකා බලනු ලැබේ. 

පාර්ශවයන්ගේ කෲර ක්‍රියා 
නිතර බීමත්ව පහරදීම 
ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග එක් පාර්ශවයකට ඇතිවීම 
වෙන් වීමේ තීන්දු සඳහා ඉල්ලීම් කළ යුත්තේ දිස්ත්‍රික් අධිකරණ වෙතය. කෙසේ නමුත්, මෙම ප්‍රතිකර්මය එතරම් ජනප්‍රිය නැත. 


නඩත්තු නඩු 

විවාහක පාර්ශවකරුවෝ ඔවුනොවුන්ගේ ද දරුවන්ද නඩත්තු කිරීමට නීතියෙන් බැඳී සිටිති. එය පැහැර හැර ඇති විට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා නඩත්තු ආඥාවක් ලබාගත හැකිය: නඩත්තු මුදල් ලබාගත හැකිය. නඩත්තු ආඥාවක් බලාත්මකව පවතින විට මාස්පතා නඩත්තු ගෙවිය යුතුය. නඩත්තු මුදල් ගෙවීම පැහැරහැරීම මත සිරගත කළ හැකිය. 

පහත සඳහන් අවස්ථා වලදී නඩත්තු ඉල්ලීමට හැකිය. 
ඉපයීමේ හැකියාව නැති කලත්‍රයෙකුට
බාල වයස්කාර දරුවෙකුට (වයස අවුරුදු 18 ට අඩු)
ආබාධිත දරුවෙකුට
උසස් අධ්‍යාපනයෙහි යෙදෙන දරුවෙකුට (වයස 25ට අඩු)


ලිපිය වටිනවනම්,

ඔබේ අදහස්,යෝජනා, චෝදනා, පහතින් comment කරන්න
ඔබේ යහලුවන්ගේ දැනුවත්කම උදෙසා මෙම ලිපිය share කරන්න..

මෙවන් තවත් වටිනා ලිපියකින් නැවතත් හමුවෙමු.

Post a Comment

0 Comments