නීතිඥයන්ගෙ සේවය ලබා ගැනීම


නීතිඥයකු මගින් පෙනී සිටීමේ අයිතිය.
            
නීතිය ඉදිරියේ සියලු දෙනාම එක සමාන බව ඉංග්‍රීසි නීතිය අනුව පිළිගනු ලැබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද පිළිගෙන ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය අනුව ,


1.නීතිය ඉදිරියේ සියලු දෙනාම  සමානය.
2.සියලුදෙනාටම නීතිය ඉදිරියේ සම අයිතිවාසිකම් ඇත.
තවද, යම් චෝදනාවකට වරද ඔප්පු වනතුරු විත්තිකරු නිවැරදි කරු ලෙස සැලකීම ඉංග්‍රීසි අපරාධ නීතියෙහි එන විශිෂ්ට ලක්ෂණයකි. මෙම කරුණ “නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනය නම් වේ.” කිසියම් වරදකට චෝදනා ලැබූ අයෙකුට නීතිඥයකු මගින් අධිකරණයේ පෙනී සිටීමට අයිතියක් ඇතැයි මානව හිමිකම් නීතිය අනුව පිළිගනු ලැබේ. මෙම කරුණ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ඇතුළත් කර ඇත. එහි 13 (3) වගන්තිය අනුව තමාට විරුද්ධව ඇති නඩු කටයුත්තකදී නීතිඥයකු මගින් පෙනී සිට කරුණු දැක්වීමට පුද්ගලයෙකුට අයිතිය ඇති බව පැහැදිළි ය. 
     
කෙසේ නමුත් කිසියම් නඩු කටයුත්තකදී තමාටම තමා වෙනුවෙන් ඉදිරිපත් වී කරුණු දැක්වීමට පාර්ශවකරුවන්ට අයිතිය ඇත. එසේම, සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමට ද ඔවුනට අයිතිය ඇත. නඩු කටයුත්ත වෙනුවෙන් නීතිඥයකු පත්කරන ලද්දේ නම්, 


1.අදාල පුද්ගලයා වෙනුවෙන් කරුණු දැක්වීම
2.හරස් ප්‍රශ්න ඇසීම
3.නඩුවට අදාළ පියවර ගැනීම
4.නඩුවට අදාල ලිපි ලේඛන සකසා අධිකරණයට ඉදිරිපත් කිරීම  නීතිඥවරයා අතින් සිදුවේ. 


නීතිඥවරුන්ගේ වගකීම
මේ සම්බන්ධ වැදගත් විධිවිධාන සැකෙවින් දැක්වීම සුදුසුය.
තමා සම්බන්ධ නඩු කටයුත්තකදී නීතිඥයකු මගින් පෙනී සිට කරුණු දැක්වීමේ අයිතිය ඕනෑම පුද්ගලයකුට ඇත.
නීතිඥවරයා විසින් “පෙරකලාසියක්” හෙවත් නඩුවකට පෙනී සිටීමට බලය දෙන ලියකියවිල්ලක් (Proxy) මත පෙනී සිටී නම් ඔහු තම සේවාදායකයා වෙනුවෙන් කරුණු දැක්වීමට නීතියෙන් බැඳෙයි. මන්දයත් මේ අවස්ථාවේදී තමා වෙනුවෙන් පෙනී සිට කරුණු දැක්වීමේ සම්පූර්ණ බලය සහ වගකීම නීතිඥවරයා වෙත පවරා දී ඇති බැවිනි. 

නීතිඥවරයා විසින්, 
1.නඩුවට පෙනී නොසිටීම.
2.සේවාදායකයාට අගතියක් වන සේ ක්‍රියා කිරීම.
3.නොසැලකිල්ලෙන් කටයුතු කර සේවාදායකයාට අවාසියක් කිරීම.

යන කරුණු වලදී නීතිඥවරයා වගකීමට යටත් කළ හැකි ය. මෙහිදී,
1.නීතිඥවරයාගෙන් පෞද්ගලික අලාභ ඉල්ලා නඩු පැවරීම.
2.නීතිඥවරයාට එරෙහිව විනයානුකූලව කටයුතු කරන ලෙස නීතිඥ සංගමයෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීම සිදු කළ හැකිය.


පෙරකලාසිය හෙවත් නීතිඥවරයාට බලය දෙන ලියකියවිල්ලක් අත්පත් කරනු ලබන්නේ දිස්ත්‍රික් අධිකරණය සහ ඉහළ අධිකරණ වල නඩු කටයුතු සඳහාය. මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතුවලදී පෙරකලාසි (Proxy) ඉදිරිපත් කිරීම සිදුනොවේ. එබැවින් මෙය අවස්ථාවේදී තමා වෙනුවෙන් කරන දැක්වීමට නීතිඥවරයා වගකීමෙන් “ බැඳ   තැබිය”  නොහැකිය. නීතිඥවරයා නොසැලකිලිමත් වන අවස්ථාවල දී හෝ තමාට අගතියක්  ලෙස කටයුතු කරන විට තමාට තමා වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු ඉදිරිපත් කිරීමට පාර්ශවකරුවන්ට අයිතිය ඇත.
පෙරකලාසි ඉදිරිපත් කර ඇති අවස්ථාවලදී කිසියම් නීතිඥවරයෙකු තමාට අගතියට ලෙස ක්‍රියා කරන විට හෝ නොසැලකිල්ලෙන් ක්‍රියාකරන බව පෙනී යන විට වෙනත් නීතිඥවරයෙකු පත්කර ගැනීම සුදුසුය. මේ සඳහා,

1.මුල් නීතිඥවරයාගෙන් පෙරකලාසි අවලංගු කිරීමට අනුමැතිය දක්වන ලියවිල්ලක් ලබාගැනීම.
2.එම ලියවිල්ල වෙනත් නීතිඥවරයකු ගෙන් ලබාගත් කර කළා සියක් සමග නඩුවට ගොනු කිරීම යන ක්‍රියාමාර්ගය ගත හැකිය.

එවිට මුල් නීතිඥවරයා අත්හැර  අලුතෙන් පත්කරන ලද නීතිඥයා මගේ නඩුවට පෙනී සිටිය හැකිය.

විනය පරීක්ෂණ යනු නඩු කටයුතු නොවෙයි. 
රජයේ ආයතනවල විනය පරීක්ෂණ අර්ධ අධිකරණ ( Quasi Judicial) හෝ පරිපාලනමය  (Administrative) ක්‍රියා ලෙස වර්ග කල හැකිය. තවද පෞද්ගලික ආයතන වල සිදුවන ගෘහස්ථ විනය පරීක්ෂණ මේ වර්ග දෙකටම අයත් නොවේ. (Domestic Inquires) ඒවා ආයතනික කළමනාකාරිත්වය ම අංගයන් වේ. සාමාන්‍යයෙන් විනය පරීක්ෂනයකදී නීතිඥවරයෙකු මගින් පෙනී සිටීමට ඉඩ ලබා දෙනුයේ සීමාවන්ට යටත්ව ය. 

1.විනය පරීක්ෂණ කමිටුවේ නීතිඥවරයකු සිටීනම්
2.තමාට විරුද්ධව කරුණු දක්වන පාර්ශ්වයේ නීතිඥවරයෙකු සිටී නම්
3.අනෙක් පාර්ශවය වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිටීනම් 
4.තමාගේ රැකවරණ නිලධාරියා ලෙස නීතිඥවරයෙකු පත් කර ඇත්නම් ( රැකවරණ නිලධාරියා යනු අදාළ පුද්ගලයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට විනය පරීක්ෂණ මණ්ඩලය අවසර ලබා ගත් අයෙකි.)
5.නීතිඥවරයකු මගින් පෙනී සිටීමට අවසර ලබාදී ඇත්නම්

මෙකී අවස්ථාවලදී විනය පරීක්ෂණ වලට නීතිඥ වරුන්ගේ සහය ලබාගත හැකිය.  එහෙත්, නීතිඥ වරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීමට හෝ නීතිඥයකු මගින් උපදෙස් ලබා චෝදනා පත්‍රයට පිළිතුරු සැපයීමට හෝ අදාළ පුද්ගලයාට අවකාශය ඇත.

නීති සහන සේවා 
     නඩු කටයුත්තකදී  නීතිඥයකු මගින් පෙනී සිටීමට සෑම කෙනකුටම අයිතිය ඇති බව පැහැදිළි ය. කෙසේ නමුත් මෙය අයිතිවාසිකම අඩුආදායම්ලාභීන් සම්බන්ධයෙන් සලකන කළ පසුවෙන් ක්‍රියාත්මක කළ නොහැකිය. මන්දයත් නීතිඥවරුන් විසින් තම පෙනී සිටීම සඳහා මුදල් අය කරන බැවිනි.  මෙකී අපහසුතාව මඟ හැරීම අරමුණු කොට නීති සහ ක්‍රම කිහිපයක්ම රට තුළ ක්‍රියාත්මක වේ. ඒ ගැන කරුණු දැන සිටීම අඩුආදායම්ලාභීන්ට මෙන්ම නීති සහන අපේක්ෂාවෙන් සිටින සියලු දෙනාටම වැදගත්ය.  මෙරට දැනට ක්‍රියාත්මක වන නීති  සහන ක්‍රම ගැන ප්‍රමාණවත් විස්තර මෙහි දැක්වේ.


නීති ආධාර කොමිෂන් සභාව
 
    මෙය පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභාවකි. අධිකරණ අමාත්‍යංශය හා නීතිඥ සංගමය මගින් කොමිෂන් සභාවේ සාමාජිකයන් පත් කරනු ලැබේ. කොමිෂන් සභාපති වරයා මගින් ආයතනික කටයුතු  පරිපාලනය වන අතර සියලූ නඩු කටයුතු අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.  දැනට මෙම ආයතනය පිහිටා ඇත්තේ කොළඹ 12,  අධිකරණ සංකීර්ණය අංක 129 දරන ස්ථානයෙහි ය. නීති ආධාර කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය මුලු දිවයින පුරාම ව්‍යාප්ත කර ඇත. එහි ශාඛා 38ක් අධිකරණ ආශ්‍රිතව පිහිටුවා ඇත.
     
පහත දැක්වෙන අවස්ථා වලදී නොමිලේ නීතිඥ සහාය ලබාදීමට නීති ආධාර කොමිෂන් සභාව මගින් කටයුතු කරනු ඇත.


මාසයකට රුපියල් 6000/- ට අඩු ආදායම් ලාභීන්ගෙන් අඩු කටයුතු
සේවය අවසන් කිරීම සම්බන්ධ නඩු කටයුතු
සුනාමි ව්‍යසනයට අදාල වන්දි නඩු කටයුතු
වසරකට වඩා කල් රිමාන්ඩ් භාරයේ සිටින අයටත් ඇප ලබා ගැනීම සඳහා.


කෙසේ නමුත් ඉහත සඳහන් නඩු කටයුතු වලට නීති ආධාර කොමිෂන් සභාවෙන් පෙනී  සිටිනුයේ විශේෂයෙන් අනුකම්පා කළ යුතු අවස්ථාවලදී පමණි.

(උපුටා ගැනීම (නීතිය ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම))


ලිපිය වටිනවනම්,
ඔබේ අදහස්,යෝජනා, චෝදනා, පහතින් comment කරන්න
ඔබේ යහලුවන්ගේ දැනුවත්කම උදෙසා මෙම ලිපිය share කරන්න..

මෙවන් තවත් වටිනා ලිපියකින් නැවතත් හමුවෙමු.

Post a Comment

0 Comments