ප්‍රතිජීවක ප්‍රතිරෝධකතාව




ප්‍රතිජීවක ප්‍රතිරෝධකතාව හෙවත් බැක්ටීරියාවන් තුල සීඝ්‍ර ලෙස සිදුවන වෙනස්කම් නිසා ආසාදන සඳහා භාවිතාකරන ප්‍රතිජීවක ඖෂධ වලට එරෙහිව ඒවා තුල ප්‍රතිරෝධී තත්වයක් වර්ධනය වීම ප්‍රතිජෙීවක ප්‍රතිරෝධකතාව ලෙස හැඳීන්වේ.

ප්‍රතිජීවක ප්‍රතිරෝධකතාවට එරෙහි සටනට සාමාන්‍ය පුරවැසියෙකු ලෙස ඔබේ දායකත්වය දිය හැකි ආකාරය



1. සෑම විටම ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය නිර්දේෂය මත පමණක් භාවිතා කරන්න.

2. වෛද්‍ය නිර්දේශයන් මත ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන අවස්තා වලදී අදාළ නිර්දේශිත මාත්‍රාව දී ඇති මුලු දින ගනනම භාවිතා කරන්න. ඔබේ රෝගී තත්වය සුව බවක් දැනුන සැනින් ප්‍රතිජීවක ඖෂධ මාත්‍රාව නැවැත්වීම කිසිවිටෙකත් නොකල යුතුය.

3. වෙනත් කෙනෙක් භාවිතා කර ඉතිරි වූ ප්‍රතිජීවක ඖෂධ කිසිලෙසකින්වත් භාවිතා කරන්න එපා.

4. ප්‍රතිජීවක ඖෂධ කිසිලෙසකින්වත් තවත් කෙනෙකු හා හවුලේ භාවිතා කරන්න එපා.

5. සෑම විටම ඔබගේ නිරෝගි බව පිළීබඳ සැලකිලිමත් වන්න, හැකි සෑම විටම ඔබගේ සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් වන්න. 
උදා - කෑමට පෙර අත් හොඳින් සේදීම, කිවිසුම් හන විට හා කසින විට මුව ලේන්සුවකින් ආවරනය කර ගැනීම, වගකීම් සහිත ලිංගික හැසීරීම්...........

6. කුඩා කල සිට නිර්දේශ කර ඇති ප්‍රතිශක්තිකරන එන්නත් නිසි පරිදි ලබාගෙන තීබීම, කුඩා දරුවන් නිසිපරිදි ප්‍රතිශක්තිකරනය සඳහා යොමු කිරීම.

(උපුටා ගැනීම (ෆේස් බුක් සමාජ ජාලය))

ඔබේ අදහස්,යෝජනා, චෝදනා, පහතින් comment කරන්න
ඔබේ යහලුවන්ගේ දැනුවත්කම උදෙසා මෙම ලිපිය share කරන්න..

මෙවන් තවත් වටිනා ලිපියකින් නැවතත් හමුවෙමු.

Post a Comment

0 Comments