කෝඩූ කාරයෙක් - ශ්‍රී පාදය කරුණාකරන විට දැන ගතයුතු කරුණු සහ අවශ්‍ය දේවල්

 🍀 පළවෙනි වතාවට සිරිපා වන්දනාවේ යන අයෙක් (කෝඩූ කාරයෙක්) ශ්‍රී පාදය කරුණාකරන විට දැන ගතයුතු කරුණු සහ අවශ්‍ය දේවල්

🍀 සුදුරෙදී මීටරයක්

🍀 කහවතුරෙන් සෝදාගත් පඬුරු 

🍀පඬුරු ගැටගැසීමට රෙදි

🍀ඉදිකටු නූල් බෝල

🍀විටකන හුනු පැකට් එකක්

🍀තෙල් මල් හඳුන්කූරු

🧏🏻 හොඳින් මතක තබාගන්න ඔබ මේ යන්නට සැරසෙන්නේ කා බී විනෝද වන ගමනක් නොව,

ඔබ යන්නේ සමන් දෙවියන්ගේ අඩවියේ වැඩ සිටින

සිරිපාද පත්මය වැඳ පුදාගැනීමට බව,,,


ඔබ මුලින්ම සිරිපා කරුණා කරන අයෙක්නම් රත්නපුර පලාබත්ගල මාර්ගය භාවිතා කරන්න. කෝඩු කෙනෙක් ශ්‍රී පාදය කරුණා කරන විට කිරීමට චාරිත්‍ර වාරිත්‍ර ඇත.ඒවා කිරීමට ඇති සැබෑ ස්ථානයන් ඇත්තේ ,ශ්‍රී පාදයට යෑමට මුලින්ම සොයාගත් පලාබත්ගල මාර්ගයේය. අනෙකුත් මාර්ග වල ඇත්තේ සංකේතාත්මක ස්ථාන ය.


🍀ඔබ මුලින්ම කරුණාකරනවානම් දවස් තුනක්වත් පේවී වන්දනාවේ යෙදෙන්න. මෙය ඉතා පැරණි චාරිත්‍රයක් වේ  සමන්දෙවියන්ගේ බැල්ම ආරක්ෂාව ශ්‍රී පාද අඩවියෙහි පවතින නිසා ඔබ පේවී යන්නේනම් එය ඔබට වඩා හොඳය.එය ඔබගේ සිතටද සැනසීමකි. ඔබව වැන්දීමට චාරිත්‍ර දන්නා නඩේ ගුරෙක් සිටීනම් ඔහුත් සමග කරුණාවේ යෙදෙන්න.

🍀පලාබත්ගල මාර්ගේ ගමන් කරන විට කෝඩුකාරයා ට මුලින්ම  හමුවන්නේ පලාබත්ගල රජමහා විහාරයයි.ඔබ විහාරයට ගොස් පන්සිල් සමාදන් වී විහාරයේ ඇති සමන් දේවාලයට ගොස් කපු මහතා ලවා පඬුරු ගැටගසා ගැනීමට වගබලා ගන්න.

🍀සමන් දෙවිහාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි කියා සිරිපාකරුනා කිරීමට පටන්ගන්න.ඒ යන ගමනේදී වචාල කියවීම් ඕපාදූප සහ අවකැපෙන වචන කියා කට වරද්දාගන්න එපා .

🍀ලිහිනිහෙල අම්බලමට ඉහලින් ඇති ස්ථානයට පඬුරු දමා පන්සිල් ගෙන කරුනාකරන්න.ඉහලින් හමුවන ලිහිණිහෙල අසලට ගොස් ලිහිනි අක්කේ කියා ලිහිනි අක්කාට කතා කර ගමන නැවත පටන් ගන්න.

🍀කටුකිතුල වංගුව දානශාලාවේ ගිමන් හැර එතනටද පඬුරු දමා ඉහලට කරුණාකරන්න.කලුඟගෙන් දිය පොඳක් බී �

Post a Comment

0 Comments