Engine Cleanup / Tuneup කිරීම

Engine Tune Up කියලා කියන හුට්ටප්පරේ මොකක්ද ?

වර්තමානේ මේ වෙද්දි තියන Sensors වලින් ඔත්තු අරන් ECU එකකින් සිස්ටම් එක කන්ට්‍රෝල් වෙන වාහනයක් අපිට එහෙම ගැරිජ් එකකට අරන් ගිහිල්ලා Engine Tune Up කියලා එකක් කරන්න පුලුවන් ද? 

  මේකේ වචනේ වැරැද්දක් තියනවා.කාලෙකට කලින් කාබියුරේටර් තිබ්බ වාහන වල මේ ටියුනප් කියන වැඩේ කරන්න පුලුවන් කියලා හැමෝම දන්න කතන්දරයක්.ඒකෙදි පෙට්‍රල්,වාතය Adjust කරන්න අපිට ක්‍රම දීලා තියනවනේ.අපිට ඕන ඕන විදියට වාහනේ එන්ජින් රනින් කන්ඩිශන් එක යම්තාක් දුරකට හදන්න පුලුවන්.හැබැයි වර්තමානය වෙනකොට පරිඝණක තාක්ශණයක් එක්ක වැඩ කරන වාහනේක ඒ ඒ දේවල් පාලනය වෙන්නේ නිශ්පාදකයා හෝ ඊටපස්සේ කෙනෙක් විසින් පරිඝණකගත කරපු පිලිවලකට.එහෙනම් ඇත්තටම ටියුනප් එකක් කියලා එකක් කරන්න නම් වාහනේ Dyno එකකට දාලා ඒ වැඩේ කරන්නම වෙනවා.අපේ රටේ මේ Dyno නොදා කරන වැඩේට ටියුනප් කිවුවට ඇත්තටම ටියුනප් කියන වචනේ ගැලපෙන්නේ ECU Chip tuning,Dyno test,Performance Upgrade වගේ දේවල් වලදි.

එතකොට මොකක්ද මේ ටියුනප් එකේ හරිම කතන්දරේ.හරිනම් මේක Engine Cleanup වෙන්න ඕනේ.මොකද මේකෙදි වෙන්නේ පිරිසිඳු කිරීමකට සමාන වැඩක්.ඒ කියන්නේ මේකෙන් වාහනේක පර්ෆෝමන්ස් වැඩි වෙන්නේ නෑ.සිද්ද වෙන්නේ කලින් තිබිලා,මේ වෙද්දි අඩු වෙච්ච පර්ෆෝමන්ස් එක ආයි මුල් තත්ත්වෙට ගන්න එක.

👊 නිරෝගී මනුස්සයෙක් හිතන්න.එයාට එක දිගට වැඩ කරන්න පුලුවන් ප්‍රමාණය,වෙලාව වගේ දේවල් ගත්තොත් එයාටම කැස්සක් හෙම්බිරිස්සාවක් හැදිලා නහය බ්ලොක් උනා කියලා හිතුවොත් අර කලින් වැඩ කරපු කාර්‍යක්ශමතාවෙන් එයාට වැඩ කරන්න පුලුවන් ද?බෑ.කාර්‍යක්ශමතාවට අඩු වෙනවා.හැබැයි වැඩ කරන්න බැරි නෑ.අමාරුවෙන් වැඩ කරද්දි එයාගේ ලෙඩ වලට බෙහෙත් දීලා මිනිහව ගොඩ දැම්මොත් ආයි පරණ විදියට වැඩ කරයි..ඒ වගේම වැඩක් තමයි මෙතන වෙන්නේ.ඒ නිසා තමයි වාහනේ මිස් කරද්දි,පවර් එක අඩු වෙද්දි හැමෝගෙම ටියුනප් එකක් කරන්න කියන වචනෙම කටේ තියෙන්නේ.එහෙනම් දැන් බලමු මේ දේ කොහොමද හරිගස්සන්නේ?මොනවද ඒකට කරන්න ඕනේ කියලා.


මේ එන්ජින් ක්ලීනප් එක වාහනේ Preventive Maintenance කියන වර්ගයට අයිති වෙනවා.ප්‍රධාන විදියට පැති තුනක් ගැන මේකෙදි සලකලා බලනවා.

☝ Air Induction System

✌️ Fuel System 

🤟 Electronic Control System 

   

මෙන්න මේ තුනට අයිති කෑලිබෑලි ටික චෙක් කරලා සුද්ද පවිත්‍රයක් දාන එක තමයි අපි කරන්නේ.දැන් බලමු ඒ මොනවද කියලා.මුලින්ම ස්කෑනර් එක ගහල ස්කෑන් පාරක් එහෙම දාලා තමයි මේ වැඩේ පටන් ගන්නේ. ඊටපස්සේ ,


Air Induction System එක ගත්තම,

👉  Air Filter එක මුලින්ම බලන්න පුලුවන්.නිශ්පාදකයා දිීලා තියන කිලෝමීටර් ගානෙන් මේක මාරු කරන්න ඕනේ.හෝද හෝද පාවිච්චි කරන්න පුලුවන් යට ඇදුමක් නෙමෙයි මේ.හැබැයි ඒ වගේම මේක හරහා යන වාතයත් 100%ක් පිරිසිදු වෙන්නේ නෑ.ඒ නිසා මෙතනින් පස්සේ තියන කොටස් අපිරිසිදු වෙනවා.


  ඊටපස්සේ තියනවා

👉 Inlet Manifold,

👉 Throttle Body,

👉 Air Flow sensor,

👉 IAC ( Idle Air Control )Valve, 

👉 EGR ( Exhaust Gas Recirculation ) Valve, 

👉 PCV  (Positive Crankcase Ventilation )Valve( මේ වෑල්ව් දෙක ගැන මගේ වෝල් එකේ ලියලා තියනවා )


මේ දේවල් කුණු,දූවිලි,කාබන්,ඔයිල් බැදිලා බ්ලොක් වෙලා තියෙන්න පුලුවන්.ඒ නිසා මේවා සුද්ද වෙන්න ඕනේ.මේකෙදි හිතන්න ඕන තව දෙයක් තමයි මේවා සුද්ද කරන්නේ කොහොමද කියන එක.

     මේක අතට අහුවෙන ඕනම දෙයක් දාලා සුද්ද කරන්න බෑ.මේකටම ගැලපෙන ක්ලීනර් එකක් පාවිච්චි වෙන්න ඕනේ.අනිත් වැදගත්ම දේ මේවා ක්ලීන් කරන්න ඕනේ එලියට ගලවලා අරගෙන.ගොඩක් තැන් වල කරන දෙයක් තමයි මේවා වාහනේ හයිවෙලා තියෙද්දිම එන්ජින් එක ස්ටාර්ට් කරලා ක්ලීනර් ස්ප්‍රේ කරලා කුණු දූවිලි ඔක්කොම එන්ජින් එක ඇතුලෙම බර්න් කරවන එක.ඒක කොහොමත්ම කරන්න එපා.

මේකේ Vacuum Hoses, Throttle Body එක ක්ලීන් කරද්දි ඒකට එන කූලන්ට් ලයින් හෝස් වගේ දේවලුත් චෙක් වෙනවනම් හොදයි.

මේ විදියට එන්ජින් එක ඇතුලට වාතය ගන්න සම්පූර්ණ මාර්ගයම ක්ලීන් වෙන්න ඕනේ.


ඊලගට Fuel System එක ගත්තම,


👉 Injector ගැන විශේශයෙන් බලන්න ඕනේ.මෙතනදි Injector O ring,Injector filters තත්ත්වේ වගේම ඉන්ජෙක්ටර් ප්‍රෙශර් ටෙස්ට් එකක්,Ultra Sonic Cleaner එකකින් ඉන්ජෙක්ටර් ක්ලීනප් එකක් කරන්න ඕනේ.මේ වෙලාවෙදි ඉන්ජෙක්ටර් එකේ Spray Pattern,Injector Resistance එක වගේ දේවලුත් බලන්න ඕනේ.( මේ විදියට නැතුව මේ දේ කරන එක බොහෝදුරට සාර්ථක නෑ.ඒ වගේම මේ වැඩේදි Cleaning Machine එකේ තත්තවයත් නිවැරැදි මට්ටමක තියෙන්න ඕනේ )

👉 Fuel Filter 

👉 Fuel Pressure 

  මේ දේවල් බලන්න ඕනේ.


Electronic Control System එක ගත්තම,


👉 Spark Plugs 

👉 Plug wires

👉 Wire sockets

👉 Ignition Advance Angle( මේකට Timing Torch එකක් ඕන වෙනවා)

වගේ දේවල් බලාගන්න ඕනේ.මේවා නිශ්පාදකයා දීලා තියන විදියට මාරු කරන කාලසීමාවක් හරි කිලෝමීටර් ගානක් හරි තියනවනම් ඒවා ඒ විදියට මාරු වෙන්න ඕනේ.පිටින් බැලුවම නරක තත්ත්වෙක තියන කොටස් අනිවාර්යයෙන් රීප්ලේස් වෙන්න ඕනේ.

👉 මේ දේවල් වලින් පස්සේ Engine Compression Test එකක් කරගන්න පුලුවන් නම් ඒක තවත් හොදයි.එන්ජින් එක මොන වගේ තත්ත්වෙකද තියෙන්නේ කියලා හොද අයිඩියා එකක් මේකෙන් ගන්න පුලුවන්.ඒකටත් ඕන වෙනවා Engine Compression Tester එකක්.

මේ විදියට හැමදෙයක්ම සම්පුර්ණ උනාට පස්සේ වැදගත්ම දෙයක් තමයි වාහනේ Scanning Live Data බලන්න එක.සමහර සෙන්සර්ස් වැඩ කලාට දත්ත වැරදි වෙන්න පුලුවන්.ඒ නිසා මේ වැඩේදි Scan එකක් අනිවාර්යයි.වැඩේ ඉවර වෙලා කැලිබ්‍රේශන් එහෙම කරලා තමයි වාහනේ පිටත් කරන්නේ.

🤟 මේ වැඩේදි දත්තයන්,අගයන් විදියට මොකක් හරි දේක හොද නරක බලනවනම් ඒ කියන්නේ ඉන්ජෙක්ටර් චෙක් කරද්දි එන අගයන්,ටයිමින් ටෝච් එකේ අගයන්,ලයිවු ඩේටා වගේ දේවල් වලදි හැමවෙලේම කලින් වාහනේක අගයන් එක්ක නැතුව හැමවෙලේම ඒ වාහනේට අදාලව නිශ්පාදකයා දීලා තියන අගයන් වලට ඒ අගයන් සමාන වෙන්න ඕනේ.

      ඉතින් පාර අයිනේ තියන හැම ගැරිජ් එකකම මේ Engine Cleanup එක කරන්න බෑ.උඩ කියපු දේවල් එක්ක මේකට ගොඩක් තාක්ශණික උපකරණ වගේම ලොකු යම්තාක් මට්ටමක තාක්ශණික දැනුමක් ඕනේ කියලා තේරෙන්න ඕනේ.සමහර අය කියනවා ටියුනප් එක ගෙදර කරන්න පුලුවන් කියලා.අනේ මන්දා ඉතින් 😂

✌️ මේ දේවල් කියෙවුවම තේරෙනවා ඇති මේ වැඩේ මොන වගේද කියලා.ඉතින් වාහනේ වර්ක්ශොප් එකට දාලා මට මේකේ ටියුනප් එක(හරිනම් ක්ලීනප් එක) කරලා දෙන්න මං පැය එකහමාරෙන් වාහනේ ගන්න එන්නම් කියන්න එපා.ඒක ඒ වගේ පොඩි වෙලාවකින් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.

අනිත් එක මේ වෙද්දි ලංකාවේ ගොඩක් තැන් වල කරන ප්‍රමිතියක් නැති කරන්නන්වාලේ කරන එන්ජින් ක්ලීනප් නිසා ගොඩක් අයගේ ඔලුවේ තියෙන්නේ එන්ජින් ක්ලීනප් එකක් කලාට පස්සේ නැති ලෙඩ මතුවෙනවා මිසක් ඇතිදෙයක් නෑ කියලා.එහෙම එකක් නෑ.හොද තැනකින්,වැඩේ පිලිවෙලකට කරගත්තනම් මේකෙන් සෑහෙන්න ලොකු වාසි තියනවා.

💥 හැබැයි එහෙමයි කියලා කෝකටත් තෛලේ නෙමෙයි මේක.මට මේකේ ටියුනප් එක කරලා දෙන්න කියලා වාහනේ වර්ක්ශොප් එකට නොදා ඒ ටෙක්නීශියන් ට ඉඩ දෙන්න ඇත්තටම ටියුනප් එකක්(ක්ලීනප් එකක්) ද ඒ ලෙඩේ හොද කරගන්න ඕන වෙන්නේ කියලා එයාගේ දැනුමෙන් එයාට බලලා තීරණය කරන්න.

✌️ මේක කරන්න ඕනේ කොච්චර කාලෙකට සැරයක්ද,කොච්චර කිලෝමීටර් ගානකට සැරයක්ද කියන එක හරියටම කියන්න බෑ.මොකද ඒක වාහනේ නිශ්පාදකයා සදහන් කරන්නේ නෑ.පාරිසරික තත්ත්ව එක්ක මේ කිලෝමීටර් ගාන අඩු වැඩි වෙනවා.සාමාන්‍යයෙන් ඳල වශයෙන් කට්ටිය කිලෝමීටර් 40,000න් ක්ලීනප් එක කරන්න කියලා කිවුවට කිලෝමීටර් 15,000න් ක්ලීනප් එකක් ඕන වෙච්ච වාහන වගේම කිලෝමීටර් ලක්ශයක් පනිනකන්ම ක්ලීනප් අදාලම නොවුන කටු හේත්තු වෙන්න යක්කු වගේ දුවන වාහනත් තියනවා.


✌️ මේකට කීයක් යනවද?

         මේකට අයකරන මිල හරියටම මෙච්චරයි කියලා කියන්න බෑ.මෙතන මිල පරාසයක් සදහන් නොකර ඉන්නවා ඒ නිසා.හැබැයි මේකට පාවිච්චි වෙන තාක්ශණික දැනුම,තාක්ශණික උපකරණ,ක්ලීනර්ස් වගේම අනිත් අමුද්‍රව්‍ය එක්ක බලද්දි රුපියල් දෙතුන් දාහටනම් එන්ජින් ක්ලීනප් එකක් කරන්න බෑ ( මගේ මතය )


✌️ මේකෙන් පස්සේ ඉන්ධන වැයවීම අඩු වෙනවද?

    කට්ටිය කියනවනේ ක්ලීනප් එකෙන් පස්සේ තෙල් පිච්චෙනවා වැඩියි කියලා.ඇත්තටම ක්ලීනප් එකකින් පස්සේ තෙල්(ඉන්ධන) පිච්චෙනවා අඩු වෙනවා කියලා ඔලුවේ තියන් ඉන්න අයට තමයි ඔය ප්‍රශ්නේ එන්නේ.ක්ලීනප් එකකින් පස්සේ තෙල්( ඉන්ධන ) පිච්චෙනවා අඩු වෙන්නේ නෑ.වැඩි වෙන්න පුලුවන්.මොකද මේකෙන් පස්සේ Air Intake පැත්ත ක්ලීන් වෙනවා,ඇදිලා එන වාත ප්‍රමාණය වැඩි වෙනවා,ඒකට සාපේක්ෂව විදින ඉන්ධන ප්‍රමාණේ වැඩි වෙනවා,ඉන්ජෙක්ටර් ක්ලීන් උන නිසා ඉන්ජෙක්ශන් හෝල් මුල් තත්ත්වෙට ඇවිල්ලා එතන ඉන්ධන විදින්න තියන ඉඩ වැඩිවෙනවා වගේ දේවල් වෙන නිසා.ඒ කියන්නේ වාහනේ ආයි මුල් තත්ත්වේ පර්ෆෝමන්ස් වලට කිට්ටු තැනකට එනවා.

  ❌ සාමාන්‍යයෙන් ලංකාවේ වාහන පදින බහුතරේක සිරිත තමයි වාහනේ මැනුවල් එකේ කියලා තියන දේට වඩා දෙයක් කරලා වාහන පරිස්සම් කරන්න යන එක.හැබැයි ඕක වෙනවද?නෑනේ.පිටරටකදි එන්ජින් රෙපෙයාර් එකක් නැතුව කිලෝමීටර් මිලියනයක් දුවන වාහනේම ලංකාවෙදි කිලෝමීටර් ලක්ශ දෙක පනිද්දි වී ටික මිදුලේ දාලා වේලන්න වගේ ගලෝලා වනලා හදන්න වෙන්නේ නැද්ද?මැනුවල් එකේ කිලෝමීටර් ලක්ශෙන් කරන්න කියන දෙයක් අපේ අය කිලෝමීටර් තිස්දාහෙන් තිස්දාහට කරන්නේ නැද්ද?එහෙනම් කොතන හරි වැරැද්දක් තියනවනේ.ඒ අපේ පණ්ඩිතකම.වාහනේ හදපු එකාට වඩා අපේ අය ඒක ගැන දන්නවා.ඕකත් එක්ක අපිට වාහන පරිස්සම් කරන්න හරි අමාරුයි.ඒ නිසා සර්විස් එකේ කෙනා,ඔයාගේ වාහනේම පදින යාලුවා,හන්දියේ බේකරියේ අන්කල්,කමිනිකේශන් එකේ මල්ලි,පලංචි කුලියට දෙන තැන පොර කියන ඒවා අහලා වාහනේ කන්නැතුව මැනුවල් වල කියලා තියන ටික කරගෙන වාහනේ පැද්දනම් හොදටම ඇති 😁😁


EGR system - 

PCV Valve -


😌😌උපුටා ගැනීම - සචින්ත සේනාරත්න😒😒

ජයවේවා🇱🇰💝


Post a Comment

0 Comments