තනිවම රුධිර පරීක්ෂණ වාර්තාවක්‌ හරියට කියවන හැටි..

Blood CheckUp 


ඔයාලා හැමෝම වගේ කවදා හරි රුධිර පරීක්ෂණයක් කරලා ඇති නේ? මේ පරීක්ෂණයෙන් පසු ලැබුණු වාර්තාව කියවා තිබෙනවාද? උදාහරණයක් ලෙස මුල් පිටුවේ දක්වා තිබෙන්නේ එවැනි වාර්තාවක්.

ඕනෑම රසායනාගාර වාර්ථාවක් ගත්තහම එහි පළමුව කර ඇති පරීක්ෂණයේ නම ද (Test), ඉන්පසු එම පරීක්ෂණයේ ප්‍රතිඵලයද (Result), එම ප්‍රතිඵලයට අදාළ ඒකකය (Units) හා එම රසායනාගාරයේ එම පරීක්ෂාව සඳහා දෙන සාමාන්‍ය අගයයන්ගේ පරාසය (Normal Range) සඳහන් කෙරෙනවා. මෙම සාමාන්‍යය අගයයන්ගේ පරාසය රටින් රටට වෙනස් වීමට පුළුවන. අපි දැන් රුධිර පරීක්ෂණ වාර්තාවක ඇති විවිධ කරුණු පිලිබඳ කතා කරමු.


Hb: රුධිරයේ ඇති හිමොග්ලොබින් (Hemoglobin) ප්‍රමාණය මෙයින් දැක්වේ. පිරිමි අය තුල සාමාන්‍යයෙන් ඉහල හිමොග්ලොබින් ප්‍රමාණයක් ඇති නිසා මෙය පුරුෂ හා ස්ත්‍රී යන අගයයන් දෙකකින් සඳහන් කරනු ලබයි. මෙහි අගය ඩෙසිලීටරයකට ඇති ග්රෑම් ප්‍රමාණය (g/dL) ලෙස ගණනය කෙරේ. සාමාන්‍ය වැඩිහිටි පුරුෂයකු සඳහා අගය 13 – 16  g/dL  වන අතර වැඩිහිටි ස්ත්‍රියක අගය 12 – 15 g/dL වේ. මෙම පරාසයට වඩා අඩු ප්‍රමාණයක් හිමොග්ලොබින් ඇත්නම් එය රක්තහීනතාවය (Anemia) නිසා වීමට පුළුවන.


WBC: ලේ වල ඇති මුළු සුදු රුධිරාණු ප්‍රමාණය (White Blood Count) මෙයින් දැක්වේ. මෙය මයික්‍රෝලීටරයට ඇති සෛල ප්‍රමාණය ලෙස දක්වනු ලබයි. සාමාන්‍යය අගයය 4000 – 11000 වේ. බොහොමයක් බැක්ටීරීය ආසාදන වලදී මෙය ඉහල අගයයක් ගනු ලබයි.


Platelets: ලේ වල මයික්‍රෝලීටරයට ඇති රුධිර පට්ටිකා අගයය මෙයින් දෙනු ලැබේ. එහි සාමාන්‍යය අගයය මයික්‍රෝලීටරයට 150000 – 450000 පමණඅ වේ. ඩෙංගු රෝගීන් ගේ රෝග තත්වය නිර්ණය කිරීම සඳහා නිතරම කරනු ලබන පරීක්ෂාව මෙයයි.


DLC: මෙයින් විශේෂක සුදු රුධිරාණු ප්‍රමාණය (Differential Leukocyte Count) යන්න අදහස් කෙරේ. කලින් ලිපියක සඳහන් කල විවිධ සුදු රුධිරානු වර්ග වල අගයයන් මෙයින් මනිණු ලබයි. එම අගයයන් ආශ්‍රයෙන් වෛද්‍යවරුන් හට ඇතිවී ඇති රෝග තත්වය පිල�

Post a Comment

0 Comments