Check Engine Light

මොකක්ද මේ Scanner එකක් තිබ්බොත් ගොඩක් ලේසියෙන් හොයාගන්න පුලුවන්, Scanner එකක් නොතිබ්බොත් සතියේ දවස් පහෙයි,සෙනසුරාදා දවල් 12 වෙනකනුයි විතරක් හරියටම දැනගන්න පුලුවන්,ඉරිදට,පෝය දවසට කොහොමත් ම දැනගන්න බැරි චෙක් එන්ජින් ලයිට් එක කියලා කියන්නේ?ඒ කියන්නේ මේකෙන් පෙන්නන දෝශයක් Scanner එකකින් වගේම Scanner එකක් නැතුවත් හොයාගන්න පුලුවන්.

✅  ඔන්න ඔය ලාම්පුවේ හරිම නම තමයි Malfunction Indicator Lamp( MIL ). ගොඩක් භාවිතයේ තියෙන්නේ චෙක් එන්ජින් ලයිට් එක කියලා.මේක තියෙන්නේ පත්තු උන ගමන් බොනට් එක ඇරලා එන්ජිම තියනවද කියලා බලන්න නම් නෙමෙයි.


📌️  ඇයි මේක තියෙන්නේ?

            මුලින්ම මේ Indicator Light එක එන්න හේතුව තමයි Emission Related Fault දැනුම් දෙන එක.ඒ කියන්නේ Emission Control System වල දෝශ වාර්තා කරන්න.මේ වෙනකොට වාහනේ ඉන්ධන ටැංකියේ මූඩියේ බුරුල් කියන එකේ ඉදන් එන්ජින් ක්‍රියාකාරිත්වයේ ඉලෙක්ට්‍රොනික දෝශයක් වෙනකන් වාහනේ පුරා කොහේ කොහේ හරි එන ලෙඩ ගොඩක් අල්ලන්න මෙයාව පාවිච්චි කරනවා.


📌️  මේක පත්තු වෙන්නම බැරිද?

            නෑ මේක පත්තු වෙන්න ඕනේ.වාහනේ Ignition switch එක ඔන් කලාම ඩ්‍රයිවර්ගේ මූණ ඉස්සරහා පත්තු වෙන ලයිට් ගොඩත් එක්ක මේකත් පත්තු වෙන්න ඕනේ.එතකොට මේ බල්බ් එකේ,ඒ සර්කිට් එකේ අවුලක් නෑ කියලා දැනගන්න පුලුවන්.හැබැයි වාහනේ ස්ටාර්ට් කලාම මේක නිවෙන්න ඕනේ.ස්ටාර්ට් කලාට පස්සෙත් පත්තු වෙලාම තියනවනම්,නිවි නිවී පත්තු වෙනවනම්,වෙලාවකට පත්තු වෙනවා ආයි නිමෙනවා ආයි වෙලාවකට පත්තු වෙනවනම් මොකක් හරි වාහනේ ලෙඩක් තියනවා කියලා තමයි එයා දැනුම් දෙන්නේ.

💻  නවීන වාහන වල වගේම මිට අවුරුදු ගානකට කලින් හදපු වාහනත් ගොඩක් දුරට කන්ට්‍රෝල් වෙන්නේ Computer System හරහා.Computer එකක් කියන්නේ කලින් සැලසුම් කරපු විදියකට වැඩ කරන මිනිසා විසින් හදපු උපකරණයක්.මේකට හිතලා බලලා වැඩක් කරන්න බෑ.වාහනේක තියන Computer System එකකටත් වාහනේ හැම දෝශයක්ම හරියටම හොයන්න කොහොමත් ම බෑ.ඒ කියන්නේ මේකටත් පුලුවන් නිශ්පාදකයා දිීලා තියන සැලසුමකට අනුව දෝශයක් හදුනා ගන්න එක විතරයි.මුලින්ම Output Diagnosis කියන ක්‍රමයක් පාවිච්චි කලා.මුල් කාලෙදි අද වගේ Scanner එකකින් ගොඩක් ම ලේසියෙන් මේ වැඩේ කරන්න පුලුවන් උනේ නෑ.

MIL පත්තු උනාට පස්සේ ඉග්නීශියන් ස්විච් එක ඕෆ් කලාම,බැට්‍රි වයර් ගැලෙවුවම මේ හදුනගත්ත දෝශය නැති වෙලා ගියා.ඒ නිසා මේක පත්තු උනාට පස්සේ දෝශය අදුරගන්නකන් ඉග්නීශියන් ස්විච් එක ඕෆ් කරන්නත් බෑ.මේ බල්බ් එක නිවි නිවී පත්තු වෙන වාර ගනන් වගේ දේවල් බලාගෙන ඒවා වලින් කියන Code අපි අදුරගෙන,ඒවා නිශ්පාදකයා දීලා තියන සේවා වගුවකට ආදේශ කරලා බලලා ලෙඩේ හොයන්න උනා.මේක වදයක් නිසා ඊටපස්සේ ඕන උනා කෙලින්ම දෝශය මොකක්ද කියලම දැනගන්න පුලුවන් ක්‍රමයක්.

💥  එතකොට ආවා OBD එහෙම නැත්තන් On Board Diagnosis.මේකෙදි කෙලින්ම පාලන ඒකකය එක්ක සන්නිවේදනය කරලා Code ක්‍රමයෙන් නැතුව දෝශය ප්‍රින්ට් එකක් විදියට එලියට ගන්න පුලුවන් තරමට දියුණු උනා.මේකෙදි මෙයා කලින් සැලසුම් කරපු විදියට අදුරගන්න දෝශ ටික Fault Code විදියට මතක තියාගෙන ඉන්නවා.මේ Code වලට කියනවා DTC ( Diagnosis Trouble Code ) කියලා.දෝශයක් ගැන දන්වන්න Computer එක පාවිච්චි කරන ක්‍රමය තමයි මේක.මේ ක්‍රමයෙදි ඉග්නීශියන් ඕෆ් කලා,බැට්‍රි වයර් ගැලෙවුවා කියලා මේ මතක තියාගත්ත ලෙඩ මැකෙන්නේ නෑ.මෙන්න මේ විදියට වාහනේ Computer එක එහෙම නැත්තන් ECM ( Engine Control Module)/ECU ( Electronic Control Unit ) එකෙන් අදුනගන්න ලෙඩක් රියදුරාට දැනුම් දෙන Indicator Light වලින් එක ලයිට් එකක් තමයි මේ චෙක් එන්ජින් ලයිට් එකත්.එතකොට ඒ දැනුම් දෙන DTC එක මොකක් සම්බන්ධ එකක්ද කියලා අපි හොයාගන්න ඕනේ.

මේ වැඩේ කරන්න ඕනවෙනවා Scanner එකක්.ගොඩක් වෙලාවට වාහනේ ඩ්‍රයිවින් සීට් එක පැත්තේ,ඩෑශ් බෝඩ් එක යටින් තියනවා පින් 16ක් තියන DTC ( Data Link  Connector ) එකක්.මේකට ඒ Scanner එක සම්බන්ධ කලාම අපිට පුලුවන් අර කලින් කියපු මෙයා මතක තියාගෙන හිටපු ලෙඩ ටික මොනවද කියලා බලාගන්න.අපි අහද්දි එයා ඒ ටික අපිට කියනවා.හැබැයි මුලින්ම කිවුවා වගේ මෙයා කියන්නේ මෙයාට කලින් දැනුම් දීපු සීමාවක දේවල් ටිකක් විතරයි.මොකද මෙයා Computer එකක් නිසා.එතකොට එයා පෙන්නන ලෙඩේ කියන්නේ එක ඉගියක් විතරයි.

⚠️️  මේ ඉගිය බලලා ලෙඩේ මොකක්ද කියලා අදුරගන්නම් නම් Computer එකක් නොවුන,හිතන්න හැකියාවක් උපතින්ම දීලා තියන මනුස්සයෙක්ගේ Fault Diagnosis කියන හැකියාව ඕන වෙනවා.ඒකට තමයි Scanner එකක් අතේ තියන Technician කෙනෙක් මේ වැඩේට ඕන වෙන්නේ.Scanner එකක් අතේ තියන ඕනම කෙනෙක්ට මේ වැඩේ කරන්න බෑ.

එයා මේක Scan කරලා ඒ ඉගිය අරගෙන එයා එච්චර කාලෙකට ඉගනගත්ත,අත්දැකීම් වලින් දන්න දේවල් පාවිච්චි කරලා ලෙඩේ හරියටම හොයලා ඒක හදලා ඉවර උනාට පස්සේ එයාම Scanner එක පාවිච්චි කරලා,ලෙඩේ හොද කලාට පස්සෙත් මේ වාහනේ මතක තියාගෙන ඉන්න ලෙඩ ඉගි ටික මකලා දාන්න ඕනේ.

ලංකාවේ ගොඩක් වෙලාවට කරන්නේ MIL පත්තු උන ගමන් ඒ Fault Code එක බලලා ඒකට සම්බන්ධ Sensor එකක් ගලවලා මාරු කරන එක.Sensor එකකින් කරන්නේ ලෙඩක් ගැන කේලමක් කියන එක විතරයි.කේලම් කියන එක රාජකාරිය කරලා තමයි එයාව හදලා තියෙන්නේ.එතකොට කේලම කියපු කෙනා මාරු කරන එක නෙමෙයි කරන්න ඕනේ එයා කියපු කේලම ගැන හොයලා බලලා ඒ වැරැද්ද හදන එක.

📌️  MIL පත්තු වෙද්දි වාහනේ දුවන්න පුලුවන් ද?

        පුලුවන්.හැබැයි වාහනේ දුවන්නේ ලෙඩක් එක්ක.ඒ කියන්නේ වාහනේ දුවන්න සුදුසු නැති තත්ත්වයක් එක්ක වාහනේ දුවන්න පුලුවන්.ගොඩක් වෙලාවට මේ වෙලාවට වාහනේ අඩු එන්ජින් බලයක් එක්ක Fault Mode එකක දුවන්නේ.

ඒ කියන්නේ වාහනේ හැකි ඉක්මනින් සේවා ස්ථානයකට අරගෙන ගිහිල්ලා මේක හදාගන්න ඕනේ.සමහර විට ගනන් නොගන්න තරම් පොඩි හේතුවකට වගේම ලොකු ගානක් කයිට් වෙන ලෙඩකට මේක පත්තු උනා වෙන්න පුලුවන්.

💥 සාමාන්‍යයෙන් වාහනේක MIL පත්තු වෙනවා කියන්නේ වාහනේ එන්න පුලුවන් Fault code 3000කින් විතර එකක් හෝ කිහිපයක් ඇවිල්ලා කියන එක.එතකොට වාහනේ මොඩ්ල් එක කියලා චෙක් එන්ජින් පත්තු වෙනවා කිවුවම කවුරු හරි කෙනෙක් කියනවනම් ආහ් මෙන්න මේක තමයි හේතුව කියලා,ඒ කෙනාගේ ඒ උත්තරේ හරියටම හරියන්න පුලුවන් සම්භාවිතාවය 1/3000ක්.ඒ කියන්නේ ඳල වශයෙන් 0.033% ක සම්භාවිතාවයක්.කලාතුරකින් අත්දැකීම් බහුල ටෙක්නීශියන් කෙනෙක්ට වාහනේ පිටින් එයාට දැනෙන ලෙඩ එක්ක ඒ වාහනේටම ආවේණික,බහුලවම එන ලෙඩක් තියනවනම් නිකන් අනුමානයක් කරන්න පුලුවන් කමක් තියනවා.

💲 සාමාන්‍යයෙන් ලංකාවෙදි රුපියල් 1000-3500ක් වගේ අතර මිලකට මේ Scan එක කරගන්න පුලුවන්( මේ ගනන් වෙනස් වෙන්න පුලුවන් )

👉  ඔය එතකොට කතා කලේ Scanner එකකින් මේ චෙක් එන්ජින් ලයිට් එක ගැන දැනගන්න විදිය.තව එක ක්‍රමයක් තියනවා.ඒකට Scanner එකක් හෝ Technician කෙනෙක්ගේ සහයක් ඕන වෙන්නේ නෑ.

✅  සතියේ දවස් පහේ උදේ 9 ඉදන් හවස 4 වෙනකන්

✅  සෙනසුරාදා උදේ 9 ඉදන් 12 වෙනකන්

❌  ඉරිදා බෑ

❌  පෝය දවසට බෑ

                      මෙන්න මේ වෙලාවල් වලදි විතරයි මේ දේ ගොඩක් වෙලාවට පුලුවන්.Scanner එකක් අතේ තියන Technical කෙනෙක් ඕන නොවුනට මේකට ඕන වෙනවා අදුනක් අතේ තියන අංජනම් දේවියෙක්.ඒ ඒ පිළිවෙත් හරියටම ඒ විදියට අනුගමනය කරලා අංජනම් එළි යවලා හරියටම හොයාගන්න පුලුවන් ඇයි මේ මගුල පත්තු වෙන්නේ කියලා.

💥  ලංකාවේ ගොඩක් වෙලාවට මෙන්න මේ දෙවනි ක්‍රමේ තමයි පාවිච්චි වෙන්නේ.මොකද වාහනේ මොඩ්ල් එකවත් මේ ක්‍රමේදි ඕන වෙන්නේ නෑ.මගේ වාහනේ චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙනවා කියන ඉගිය විතරක් හොදටම ඇති( වාහනේ තියෙන්නේ කොයි ප්‍රදේශයකද කියලා දැනුම් දෙන්න ඕනේ.උදා:- මහඉලුක්පල්ලම සීමන් ගේ වාහනේ )

ඒ නිසා මේ පෝස්ට් එකට වාහනේ මොඩ්ල් එක එක්ක චෙක් එන්ජින් පත්තු වෙනවා කියලා කමෙන්ට් එකක් දාලා අත්දැකීම් සොච්චමක් තියන මගෙන් 0.033%ක වගේ නිවැරදිතාවයක් තියන මෝඩ උත්තරයක් බලාපොරොත්තු වෙන්න එපා☹️☹️☹️☹️ සාර්ථකම ක්‍රමයක් වෙච්ච දෙවනි ක්‍රමේ පාවිච්චි කරන්න😌😌


😌😌උපුටා ගැනීම -  සචින්ත සේනාරත්න -😒

ජයවේවා🇱🇰💝


✍️- සචින්ත සේනාරත්න -

Post a Comment

0 Comments