වාහනයක ටයරය - 04

👉  අක්‍රමවත් ටයර් ගෙවීම(Wearing Uneven Tire)

👉  ටයර් මාරු කිරීම( Tire Rotation )

👉  ටයර් දෙකක් විතරක් අලුතෙන් දානකොට ඉස්සරහට ද පස්සටද දාන්න ඕනේ?


  වාහන පදිනකොට හැමවෙලේම ටයර් ඔක්කොම ලස්සනට පිලිවලකට ගෙවෙනවනම් දවස් ගානකට සැරයක් ටයර් වලට මොකෝ වෙලා තියෙන්නේ කියලා බලන්නවත් Tire Rotation කරන්නවත් ඕනකමක් නෑ.ටයර් එකේ නිශ්පාදන දෝශයක් ඇරුනම ටයර් අක්‍රමවත් විදියට ගෙවෙන්න හේතු වෙන්නේ වාහනේ වෙන මොකක් හරි අඩුපාඩුවක් හරි වාහනේ පදින කෙනාගේ වැරැද්දක් හෝ එයාගේ වැරදි මේන්ටේන්ස් නිසා. 

📌️  මුලින්ම ගොඩක්ම දකින්න ලැබෙන ටයර් ගෙවෙන ක්‍රම ටිකකුයි ඒවට ගොඩක් දුරට හේතු වෙන්න පුලුවන් දේවල් ටිකකුයි,ඊලගට ටයර් රොටේශන් කරන්න පුලුවන් ක්‍රම ටිකකුයි(පොදුවේ) බලමු..


⚠️️  ටයර් එක මැදින් විතරක් වැඩිපුර ගෙවෙනවනම්(Center Wear)

   මේකෙදි වෙන්නේ ටයර් එක දෙපැත්ත කට්ට ඉතුරු වෙලා මැද කට්ට ටික ඉක්මනට ගෙවෙන එක.ගොඩක් වෙලාවට හේතුව වෙන්නේ ටයර් එකට නිශ්පාදකයා කියලා තියන ප්‍රෙශර් එකට වඩා වැඩි ප්‍රෙශර් එකකට හුලං පුරවන එක.එතකොට ටයර් එක පිම්බෙන නිසා මැද විතරක් පොලොවේ වැදිලා වාහනේ දුවන්නේ.

වාහනේ බ්‍රේක්,ට්‍රැක්ශන් වගේ දේවල් පාලනෙන් පිට යන්න පුලුවන් මේ හේතුව නිසා.


⚠️️  ටයර් එක දෙපැත්ත විතරක් වැඩිපුර ගෙවෙනවනම්( Inside and Outside Wear )

     මේකෙදි වෙන්නේ හරියටම උඩ කතා කරපු එකේ අනිත් පැත්ත.ඒ කියන්නේ මැද කට්ට ටික ඉතුරු වෙලා දෙපැත්තේ කට්ට ටික ඉක්මනට ගෙවෙනවා.හේතුව ටයර් ප්‍රෙශර් එක නිශ්පාදකයා කියන ගානට වඩා අඩුවෙන් තියාගෙන පදින එක.එතකොට ටයර් එකේ මැද්ද ඇතුලට එබිලා දෙපැත්ත විතරක් පොලොව එක්ක වැදිලා දුවන්නේ.

     මේකෙදි වාහනේ ඇක්ස්ලේටර් කරන තරමට අදින්නේ නැති වෙන්න පුලුවන්,සාමාන්‍ය ගානට වඩා වැඩිපුර තෙල් පිච්චෙන්න පුලුවන්,ස්ටියරින්ග් අමාරු වෙන්න පුලුවන් 

👉  ඒ කතා කරපු දෙකේම හේතුව ටයර් ප්‍රෙශර් එක හරියට නැති එක.ඒ නිසා මේකට විසදුම නිශ්පාදකයා කියලා තියන ගානට ටයර් ප්‍රෙශර් තියාගන්න එක.සාමාන්‍යයෙන් වාහනේ ඩ්‍රයිවින් සයිඩ් දොරකණුවේ( Door Pillar ) හරි ඉන්ධන ටැංකියේ ෆ්ලැප් එක ඇතුල් පැත්තේ( Fuel Flap ) හරි ස්ටිකර් එකක ගහලා තියනවා මේ විස්තර.ටයර් ප්‍රෙශර් එක මනින්න ඕනේ ටයර් සීතල වෙලාවේ.ඒ කියන්නේ දුවලා ඇවිල්ලා රත් වෙලා තියන වෙලාවක නෙමෙයි.


⚠️️  ටයර් එකේ එක පැත්තක් සුමට විදියට ගෙවෙනවනම්( Smooth Side Wear ) ප්‍රධාන හේතු විදියට,

👉  වීල් එලයිමන්ට් දෝශ

      මේකේ වෙන්නේ වාහනේ Camber Angle එක තියෙන්න ඕනේ ගානට වඩා අඩු හෝ වැඩි වෙන එක(වැඩියෙන් පොසිටිවු හෝ නෙගෙටිවු).කැම්බර් ඈන්ගල් එක වැඩිපුර නෙගෙටිවු උනාම ටයර් එක ඇතුල් පැත්තෙනුත්,වැඩිපුර පොසිටිවි නම් ටයර් එක එලිය පැත්තෙනුත් ගෙවෙන්න පුලුවන්.


👉  අධික බර පැටවීම(Overload)

       වාහනේට දාන්න පුලුවන් සාමාන්‍ය බරට වඩා වැඩි බරක් දාගෙන වාහනේ වැඩි දුරක් දුවද්දි මේක වෙන්න පුලුවන්.මේකෙදි වෙන්නෙත් කැම්බර් ඈන්ගල් එක වෙනස් උනාම ටයර් එක හැරෙන විදියටම හැරෙන එක.

👉  Tie Rod End,Ball Joint,Lower Arm,Upper Arm,Coil Spring වගේ කොටස් ගෙවිලා,කැඩිලා,ඇදවෙලා වගේ හේතු නිසාත් මේක වෙන්න පුලුවන්.මේවා අදුරගන්න පුලුවන් වාහනේ යට ඉදන් බලලා හරි ඩ්‍රයිවු කරද්දි එන සද්ද වලින් වගේ.ස්ටියරින්ග් ඇක්ශන් අවුල් වෙන්නත් පුලුවන්.

මේ දේවල් බලලා වීල් එලයිමන්ට් කරලා,ඩැමේජ් කෑලි රෙපෙයාර් කරලා හරි රීප්ලේස් කරලා හරි,ඕවර්ලෝඩ් නම් ඒ ගැන බලලා හරි නිවැරැදි කරගන්න පුලුවන්.


⚠️️  ටයර් එකේ පැත්තක් තියුණු විදියට ගෙවෙනවනම්( Feathering/Across the Face)

    මේකෙදි ගොඩක් වෙලාවට හේතුව වෙන්නේ වීල් එලයිමන්ට් වල Toe Angle එකේ වැරදි.වීල් එලයිමන්ට් නිවැරදි කලාම මේක හරියනවා ගොඩක් දුරට.

  මෙහෙම උනාම වාහනේ ස්ටියරින්ග් අමාරු වෙන්න පුලුවන්.

📌️  මේ කියපු දෙකේ කැම්බර් ඈන්ගල් එකයි ටෝ ඈන්ගල් එකයි වැරදි තියනකොට ටයර් එක  හරියටම පැත්තට ගෙවෙන්නේ smooth ද feathering ද කියලා හරියටම කියන්න බැරි වෙන්න පුලුවන්..දෙකටම හේතු වෙන්න පුලුවන් වීල් එලයිමන්ට් දෝශ(කැම්බර්,ටෝ ඈන්ගල් ගැන අයිඩියා එකක් ගන්න පහල පින්තූර ටිකක් දාන්නම්)ඒ වගේම වාහනේක චෙසි,ඇක්සල් වගේ දේවල් වල ඇද තියනකොට මේ වීල් එලයිමන්ට් හැදුවා කියලා මේක නවත්තගන්න බෑ.වීල් එලයිමන්ට් වලින් වැඩේ හරියන්නේ නෑ කියන්නේ ගොඩක් දුරට මේ වගේ ඇදයක් වෙන්න පුලුවන්.


⚠️️  ටයර් එක එක තැනක් විතරක් ගෙවෙනවනම්( Flat Spots )

     මේකෙදි වෙන්නේ ටයර් එකේ එක තැනක් විතරක් අනිත් තැන් වලට වඩා ගෙවිලා යන එක.මේක ගොඩක් වෙලාවට ටයර් එකේ නිශ්පාදන දෝශයක් වෙන්න පුලුවන්.ටයර් එකේ එක තැනක් විතරක් සංයුතිය වෙනස් වෙලා ඒ තැනක් ඉක්මනට ගෙවෙන්න පුලුවන්.ගොඩක් කාලයක් වාහනේ තෙල්,ග්‍රීස් වගෙ තියන තැනක ටයර් එක නැවතිලා තියෙද්දිත් මේ සංයුතිය වෙනස් වෙන වැඩේ වෙන්න පුලුවන්.ඒ වගේම එකම තැන ගොඩක් කල් නවත්තලා තිබ්බමත් ඒ තැන ෆ්ලැට් ස්පොට් වෙන්න පුලුවන් 

     රෝද වල බ්‍රේක් සමානව නැති උනාම වීල් ලොක් අප් වෙලා(රෝද හිර වෙලා ඉස්සරහට ඇදිලා යනවා) මේ දේ වෙන්නත් පුලුවන්.

අවුලක් තියන ටයර් අයින් කරලා,බ්‍රේක් එක සමානව සීරුමාරු කරලා මේක හදාගන්න පුලුවන්.


⚠️️  ටයර් එක තැන තැන ගෙවෙනවනම්(Cupping)

  මේකෙදි වෙන්නේ ටයර් එකේ තැන තැන පැච් වගේ ගෙවුන පාරවල් තියනවා.ගොඩක්ම වෙලාවට හේතුව වෙන්නේ,

👉  සස්පෙන්ශන් දෝශ

👉  Wheel Bearing Play,King Pin End Play,Steering Linkage play

👉  ඇදවෙච්ච රිම්,බ්‍රේක් ඩ්‍රම්,ඩිස්ක්

👉  වීල් අන්බැලන්ස්

👉  නිතරම ක්ශනිකව එකතැන බ්‍රේක් ගහන එක නිසා

වගේ හේතු නිසා මේක වෙන්න පුලුවන්.බ්‍රේක් ගහන එක ඇරෙන්න අනිත් හැම එකකදිම වෙන්නේ රෝදේ හරියට වෘත්තාකාර විදියට කැරකෙන්නේ නැතුව බකල් ග ගහා කැරකෙන නිසා ටයර් එක තැන තැන ගෙවෙන එක.එකතැන බ්‍රේක් කරද්දි ඒ ඒ තැන් විතරක් වැඩිපුර ගෙවෙනවා.

වාහනේ ඩ්‍රයිවු කරද්දි මේ වෙනස හොදටම දැනෙනවා වගේම ටයර් මෙහෙම ගෙවුනම බ්‍රේක් හරියට වදින්නෙත් නැති වෙන්න පුලුවන්.

  උඩ කියපු කොටස් රෙපෙයාර් හෝ රීප්ලේස් කරලා,වීල් බැලන්ස් කරලා,ඩ්‍රයිවින් ස්ටයිල් වෙනස් කරගත්තනම් මේ දේ මග ඇරගන්න පුලුවන්.

📌️  සාමාන්‍යයෙන් වාහනයක් කිලෝමීටර් 5,000-10,000 සැරයක් ටයර් රොටේශන් එකක් කරන එක අනිවාර්යයෙන් වෙන්න ඕනේ(සර්විස් එකෙදිම වීල් එලයිමන්ට් එක එක්කම වීල් බැලන්ස්,ටයර් රොටේශන් කරගන්න එක හොදයි) වාහනේක සාමාන්‍යයෙන් ඉස්සරහා ටයර් ඉක්මනට ගෙවෙන්න බලනවා.පිටින් මොකක් හරි වෙලා අවුලක් උනේ නැත්තන්,ටයර් රොටේශන් එක හරියට කලොත් වාහනේක ටය‍ර් දෙකක් විතරක් දාන්න වෙන්නේ නෑ.එතකොට සාමාන්‍යයෙන් ටයර් ඔක්කොම එක විදියට පාවිච්චි කරගන්න පුලුවන්.

👉  ටයර් රොටේශන් එක කරන විදිය Right Hand/Left Hand Drive, 4WD(Four Wheel Drive), 2WD(Two wheel Drive), AWD(All Wheel Drive), Radial Ply Tire, Cross Ply Tire වගේ එක එක දේවල් එක්ක වෙනස් වෙනවා.ඒ නිසා සාමාන්‍යයෙන් අදහසක් ගන්න විතරක් පහලින් ක්‍රම ටිකක් දාන්නම්

🚫  උඩ කියපු විදියට ටයර් සෙට් එකම එක විදියට ගෙවිලා හෝ එහෙම නැතුව ටයර් දෙකක් විතරක් මාරු කරනවනම් ගොඩක් අය අලුත් ටයර් දෙක ඉස්සරහට දානවා.ඒක සාමාන්‍යයෙන් ගොඩක් අය කරන දේ.හැබැයි මේක වැරදියි වගේම ගොඩක් අවදානම් වැඩක්.හරිනම් අලුත් ටයර් දෙක පිටිපස්සට දාන්නයි ඕනේ.හේතුව මේකයි.

⚠️️  මේකෙදි අන්තිම දශමෙට ගෙවුන ටයර් ගැන කතා කරලා වැඩක් නෑ.නැත්තන් කට්ටිය අහනවනේ අලුත් ඒවා පස්සට දාලා නිකන් හරි ඉස්සරහා ටයර් පිපුරුවොත් කියලා.පුපුරන්න තරම් ටයර් දුවන්නේ නෑ.ඒ ගැනයි,ටයර් කට්ට ගැනයි ඉස්සරහා පෝස්ට් එකකින් දාන්නම් නැත්තන් මේක ගොඩක් දික් වෙන නිසා.

📌️  ටයර් එකක කට්ට නියම ගානට තියනකොට වතුර තියන පාරක වාහනේ එලවද්දි ඒ කට්ට අතරින් වතුර දෙපැත්තට හෝ පිටිපස්සට අයින් කරවනවා.හැබැයි ටයර් කට්ට ගෙවුනම මේ දේ වෙන්නේ නෑ.එතකොට වෙන්නේ ටයර් එක වතුර උඩ පාවෙන්න පෙලඹෙන එක.ගොඩක් වේගෙන් යන බෝට්ටුවක් වතුරේ පාවෙලා ඉස්සරහට යන විදියටම.මේකට කියනවා Aquaplaning එහෙම නැත්තන් Hydroplaning කියලා.

  මේ දේ ඉස්සරහා රෝද වල උනොත් අපිට සාමාන්‍යයෙන් බ්‍රේක් කරන අතරේ ස්ටියරින්ග් සිස්ටම් එකෙන් වාහනේ යම්තාක් දුරකට කන්ට්‍රෝල් කරගන්න පුලුවන්.හැබැයි මේ දේ පිටිපස්සේ රෝද දෙකට උනොත් අපිට වාහනේ කිසිම විදියකින් කන්ට්‍රෝල් කරගන්න බෑ.ට්‍රැක්ශන් කන්ට්‍රෝල් නැති වාහනයක් අන්ඩර් ස්ටියරින්ග්,ඕවර් ස්ටියරින්ග් වෙනවා වගේ.මේ වෙලාවෙදි ඉස්සරහා ටයර් කොච්චර අලුත් උනත් කිසිම වැඩක් වෙන්නේ නෑ.

👉  ඒ නිසා හැමවෙලාවකම ටයර් දෙකක් විතරක් මාරු කරනවනම් (Tire rotation එකේදි කිවුවා වගේ හරියට ඒ දේ කලානම් දෙකක් විතරක් මාරු කරන්න වෙන්නේ නෑ.එහෙම නොවුනොත් මෙහෙමයි) අලුත් ටයර් දෙක පස්සට දාන එක තමයි හොදම.


😌😌උපුටා ගැනීම = සචින්ත සේනාරත්න😒😒

ජයවේවා🇱🇰💝 


Post a Comment

0 Comments