Zoom meeting using your mobile camera


ඔබේ Smart phone එක camera එක විදියට පාවිච්චි කරලා PC එකකින් Zoom Meeting කරන්නේ කොහොමද කියලා කියලා මේ පොස්ට් එකෙන් වැඩේ කරන සරලම විදිය කියන්නම්.


01. Enable Developer Options

Android Phone එකේ Developer Options මුලින්ම Enable කරන්න. ඒකට මුලින්ම setting ගිහින් About Phone යන්න. එතන තියෙනවා Build Number එක . ඒක මත කීප පාරක් touch කරන්න. එතකොට පෙන්නාවි you are a developer කියලා. එතකොට වැඩේ හරි.Xiomi වලනම් setting ->About Phone->All specs->MIUI Version මත touch කරන්න කීප පාරක්.


02. Enable USB Debugging 

දැන් settings වල developer options කියලා setting පෙන්වනවා . එතන තියෙනවා usb debugging option එක ඒක enable කරන්න.


03.Download and Install Droid Cam Android 

මේ ලින්ක් එකේ තියෙන Droidcam app එක install කරගන්න.

https://play.google.com/store/apps/details?id=com.dev47apps.droidcam


04.Download and Install Droidcam Windows Client 

මේ ලින්ක් එකෙන් windows client software එක PC එකට Download කරලා Install කරගන්න.

https://www.dev47apps.com/droidcam/windows/


05.Connect Phone As Camera 

දැන් USB data cable plug කරන්න.එතනදි ඉල්ලනවනේ file share කරන්නද කියලා. එතන කිසිම option එකක් select කරන්න අවශ්‍ය නැහැ. නිකන්ම skip කරන්න. Droidcam open කරලා බලන්න camera view එක පෙන්වනවා.Windows Client එක Open කරලා USB option එකට යන්න එතන තියෙනවා Start button එක . ඒක click කරලා බලන්න Phone එකේ camera view එක පෙන්වනවා windows client එකේ . එහෙනම් දැන් වැඩේ හරිනේ. 


06. Select camera mode in Zoom

PC එකෙන් Zoom meeting එක start කරලා video icon එක right click කරාම select කරන්න පුලුවන් camera එක. එතන droidcam select කරන්න. දැන් වැඩේ හරි.

Post a Comment

0 Comments