සිංහල භාෂාව


               ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතිය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. අද වන විට මිලියන 20 කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල‍ ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වනඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙහි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි. සිංහල ශ්‍රී ලංකාවේ නිල භාෂාවයි .
ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති හෙළබස ඈත අතීතයේ ඉන්දියානු භාෂා හා යටත් විජිත සමයේ බටහිර භාෂා සමග සම්මිශ්‍රණයෙන් වත්මන් සිංහල භාෂාව බිහිවී ඇත.

සිංහල භාෂාවේ විකාශනය

සිංහල භාෂාවේ මූලික වශයෙන් ස්වරූප දෙකකි. ලේඛනය සහ භාෂණය වශයෙනි. මෙකී ප්‍රධාන ස්වරූප දෙකෙහි අනු ස්වරූප ගණනාවක් පවතී.

කථාකරන සිංහල සහ ලියන සිංහල

සිංහල භාෂාවේ කතාකරන බස (කථික බස) සහ ලියන බස (ලිඛිත බස) තරමක් වෙනස්ය.

කථික බස (කතා කරන බස) - මම ගෙදර යනවා.
ලිඛිත බස (ලියන බස - මම ගෙදර යමි. කථික බස - අපි පන්සල් යනවා. ලිඛිත බස - අපි පන්සල් යමු.

සිංහල අකුරු

ක්‍රි.පූ. 500දී පමණ ශ්‍රී ලංකාවට හැඳින්වුණු පැරණි බ්‍රාහ්මීය අකුරු පැවත එන බව පුරාවිද්‍යාඥයෝ පවසන නමුත් හෙල හවුල ප්‍රධාන පිරිසක් එම මතය බැහැකරයි. සිංහල හෝඩියේ අකුරු 60ක් ඇති අතර ඉන් 4ක් මෑත කාලයේ දී ඇතුළත් වූ ඒවා වෙයි. සිංහල භාෂාවෙහි ස්වර විශාල ප්‍රමාණයක් ඇත.

සිංහල පිල්ලම්

ව්‍යංජන ස්වර හා මුසුවීම පෙන්වීමට යොදාගන්නා ස්වර ලකුණු පිල්ලම් හෙවත් පිලි නම්වේ.

ස්වර හා මුසුවීම පෙන්වීමට යොදාගන්නා ස්වර ලකුණු පිල්ලම් හෙවත් පිලි නම්වේ.
'ක'යන්නේ පිලි යෙදුම
පිල්ලපිල්ලෙහි නමනිර්මාණයයෙදීම
හල් කිරිමක්ක්
පිලි නොමැති මුල් අකුරක් + අ
ඇලපිල්ලක් + ආකා
ඇදයක් + ඇකැ
දිග ඇදයක් + ඈකෑ
ඉස්පිල්ලක් + ඉකි
දිග ඉස්පිල්ලක් + ඊකී
පාපිල්ලක් + උකු
දිග පාපිල්ලක් + ඌකූ
ගැටය සහිත ඇලපිල්ලක් + උකෘ
ගැටය සහිත ඇලපිලි දෙකක් + ඌකෲ
ගයනුකිත්තනූතන භාවිතහෙහි නොයෙදේ*
දිග ගයනුකිත්තනූතන භාවිතහෙහි නොයෙදේ
කොම්බුවක් + එකෙ
කොම්බුව සහ හල්කිරීමක් + ඒකේ
කොම්බු දෙකක් + ඓකෛ
කොම්බුව සහ ඇලපිල්ලක් + ඔකො
කොම්බුව සහ හල්ඇලපිල්ලක් + ඕකෝ
කොම්බුව සහ ගයනුකිත්තක් + ඖකෞ

සිංහල හෝඩි

සිංහල හෝඩි කීපයක් ඇත.
1. අමිශ්‍ර සිංහල හෝඩිය(අක්ෂර 30 කි) වෙනත් භාෂාවක අක්ෂර හා මිශ්‍ර නොවී පවතින ශුද්ධ සිංහල අක්ෂර මෙයට අයත් වේ.
2. මිශ්‍ර සිංහල හෝඩිය(අක්ෂර 54 කි) මිශ්‍ර සිංහල හෝඩිය වෙනත් භාෂාවල අක්ෂර සමග එක් වීමෙන් පැවත එයි.(පාලි හා සංස්කෘත භාෂා වලින් ඈඳුනු අක්ෂර)
3. නූතන සිංහල වහෝඩිය වශයෙනි.(අක්ෂර 60 කි) ඉහත සඳහන් හෝඩි දෙකටම අයත් නොවූ මෑතකදී සිංහල භාෂාවට එක් වූ අකුරු අලලා ජාතික අධ්‍යාපන ආයතනය මැදිහත්ව මෙම හෝඩිය සකස් කර ඇත.

සිංහල ඉලක්කම්

නවතම අධ්‍යයනයන් තුළින් සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිත කොට ඇත. මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිත කොට ඇති බවට සාක්ෂි ලැබේ. පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. සිංහල යුනිකොඩ් තුලට සිංහල ඉලක්කම් ඇතුළු කිරීමෙ යොජනාවක් ඇත.

සිංහල පද

සිංහල පද වර්ග 5කට බෙදේ
  • නාම පද
  • ක්‍රියා පද
  • නාම විශේෂණ (ගුණ පද)
  • ක්‍රියා විශේෂණ (විලාස පද)
  • නිපාත පද

සන්ධි

දකුණතින් පහණද වමතින් මල් වට්ටියද ගත් උපාසක උපාසිකාවන් මලසුන වෙත ගියේය.
ඉහත වාක්‍යයයේ දකුණතින්, වමතින් සහ මලසුන යන පද සන්ධි පද වලට උදාහරණ වේ ඉහත පද සෑදී ඇත්තේ
දකුණු + අතින් = දකුණතින් වම් + අතින් = වමතින් මල් + අසුන් = මලසුන
ආදී ලෙස වචන දෙකක් එකට බද්ධ වීම හෙවත් සන්ධි වීම මගිනි , උච්චාරණයේ පහසුව පිණිස මෙලෙස පද සන්ධි කිරීම සිදු කරයි,

සන්ධි ඇතිවීම

ඉහත ආකාරයට පද අතර සන්ධි වීම සිදුවන ක්‍රම දහයකි.
  1. ස්වර සන්ධිය
  2. පූර්වස්වර (පූර්ව ස්වර) ලෝප සන්ධිය
  3. පරස්වර (පර ස්වර) ලෝප සන්ධිය
  4. ගාත්‍රාක්‍ෂර (ගාත්‍රා අක්‍ෂර) ලෝප සන්ධිය
  5. ස්වරාදේශ (ස්වර ආදේශ ) සන්ධිය
  6. ගාත්‍රාදේශ (ගාත්‍ර ආදේශ) සන්ධිය
  7. පූර්වරූප (පූර්ව රූප) සන්ධිය
  8. පරරූප (පර රූප) සන්ධිය
  9. ද්විත්වරූප (ද්විත්ව රූප ) සන්ධිය
  10. ආගම සන්ධිය

1. ස්වර සන්ධිය
සන්ධි වන පද දෙකෙන් පළමු වන පදයේ අග හල් අකුරට දෙ වන පදයේ මුල යෙදී ඇති ස්වරය එක් වීමෙන් ගැළපෙන සන්ධිය ස්වර සන්ධිය නම් වේ.
උදා - මලසුන
මල් + අසුන = සන්ධි වන පද දෙක වෙන්කළ විට
ම (ල් + අ) සුන = පද දෙකෙන් එක් පදයක් ඇති ස්වරයත් අනෙක් පදයේ ඇති හල් අකුරත් එකතුවී තනි අකුරක් සෑදීම
ම (ල) සුන = සන්දි වීමෙන් පසුව
උදා -
  • ඔවුනොවුන් = ඔවුන් + ඔවුන් → ඔවු (න් + ඔ) වුන් → ඔවු (නො) වුන්
  • උපනුපන් = උපන් + උපන් → උප (න්+උ) පන් → උප (නු) පන්

2. පූර්වස්වර (පූර්ව ස්වර) ලෝප සන්ධිය
සන්ධි වන පද දෙකෙන් දෙවන පදයේ මුල්ස්වරය හෙවත් පර ස්වරය ලොප්(හැලීම/ ඉවත්වීම) වී දෙවන පදයේ මුල් සිවරය හා ගැළපෙන සන්ධිය ස්වර සන්ධිය නම් වේ.
උදා - නැණැති
නැණ + ඇති = සන්ධි වන පද දෙක වෙන්කළ විට
නැ (ණ් + අ) + ඇති = පද දෙකෙන් පළමු පදයේ අග අකුරේ ඇති ස්වරය ලොප් වීම
නැ (ණ් + ඇ) ති = දෙවන පදයේ මුල ඇති ස්වරය සමග පළමු පදයේ අග අකුර එකතු වීම
නැ (ණැ) ති = සන්දි වීමෙන් පසුව
උදා -
  • දකුණැස = දකුණු + ඇස → දකු(ණ් + උ) + ඇස → දකු(ණ් + ඇ )ස → දකු(ණැ)ස
  1. ගමනාගමනය (ගමන+ආගමනය)
  2. සුරිඳු (සුර+ඉඳු)
  3. නිරිඳු (නර+ඉඳු)
  4. යනෙන (යන+එන)
  5. කර්ණාභරණ (කර්ණ+ආභරණ)
  6. උදරාබාධ (උදර+ආබාධ)
  7. සියැසින් (සිය+ඇසින්)
3. පරස්වර (පර ස්වර) ලෝප සන්ධිය
සන්ධි වන පද දෙකෙන් පළමු වන පදයේ අග ස්වරය හෙවත් පූර්ව ස්වරය ලොප්(හැලීම/ ඉවත්වීම) වී දෙවන පදයේ මුල් සිවරය හා ගැළපෙන සන්ධිය ස්වර සන්ධිය නම් වේ.
උදා - නැණැති
නැණ + ඇති = සන්ධි වන පද දෙක වෙන්කළ විට
නැ (ණ් + අ) + ඇති = පද දෙකෙන් පළමු පදයේ අග අකුරේ ඇති ස්වරය ලොප් වීම
නැ (ණ් + ඇ) ති = දෙවන පදයේ මුල ඇති ස්වරය සමග පළමු පදයේ අග අකුර එකතු වීම
නැ (ණැ) ති = සන්දි වීමෙන් පසුව

සිංහල අක්ෂර වින්‍යාසය




සිංහල වර්ණ මාලාව යනු ස්වර සහ ව්‍යංජන සමග සිංහල භාෂාවේ සියලුම අක්ෂර හෝඩියයි.
ස්වර (20)
අංඅඃ

ව්‍යංජන (40)
s ඝ

සිංහල යෙදුම්

ප්‍රස්ථාව පිරුළු

සිංහල භාෂාවේ විශේෂ ප්‍රයෝගයක් වශයෙන් ප්‍රස්ථා පිරුළු සැලකිය හැකියි. ප්‍රස්ථාව පිරුළ වශයෙන් ද මෙය ව්‍යවහාර වන අතර සමාජයේ යම් කරුණක් වඩාත් සාර්ථකව සන්නිවේදනය කිරීමට හැකි භාෂා ක්‍රමයක් වශයෙන් ද ප්‍රස්ථා පිරුළු සැලකිය හැකිය. සිංහල භාෂාවේ ප්‍රස්ථා පිරුළු රැසක් ව්‍යවහාර වන අතර ඇතම් පිරුළු හා බැදුණු ජනප්‍රිය, රසවත් ජන ප්‍රවාද ද පවතී.

  1. උරුලෑව බළලෙකු කරන්නට බැරි වීම - ඇතැම් වැඩ කල නොහැකි වීම
  2. කිරි ගහට ඇනීම - හරියටම හරි
  3. කුඩම්මාගේ ආදරය - ව්‍යාජ ආදරය
  4. කිඹුල් කඳුළු හෙලීම - බොරුවට අඬනවා
  5. කබරයාට තලනවා - නිෂ්පල දඬුවමක් දීම
  6. දීකිරට බළල්ලු සාක්කි
  7. නයාට ගහලා පොල්ල වරද්දගන්නවා -
  8. බළලා ලව්වා කොස් ඇට බානවා - අනිත් අය ලවා තමාගෙ වැඩ කරවා ගනීම.
  9. අතීසාරයට අමුඩ ගහනවා වගේ
  10. මුහුද හත් ගව්වක් තියල අමුඩ ගහනවා වගේ - යම් වැඩකදී අනවශ්‍ය ලෙස පූර්ව සූදානම
  11. පරංගියා කෝට්ටේ ගියා වාගෙයි - කෙටි මගක් තිබියදී දිගු මගකින් යාම (සරල ක්‍රියාවක් මහා පරිමාණයෙන් කරන්නට යෑම)
  12. වක්කඩේ හකුරු හැංගුවා වාගේ - නිෂ්ඵල දෙයක් කිරීම (අවසානයේ දී ප්‍රථිපලයක් නොලැබෙන)
  13. හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා වගේ
  14. අන්දරේ සීනි කෑවා වගේ

මෙසේ උගනින සිංහල භාෂාවේ ව්‍යකරණ නීතී හා යුදීම් පිළිබද ඉගෙනීම සිංහල කතා කරන බොහෝ දෙනෙකුට අද වන විට අපහසු කරුණක් වී ඇත.. 
පහත කැටි කර දක්වා ඇති සටහන් මගින් ඒ පිළිබද කරුණු මතක තබා ගැනීම වඩා පහසු වේ.




























Post a Comment

0 Comments