ඔබේ දැනුම වර්ධනයට වැදගත් (සාමාන්‍ය දැනුම) - [01]

 

 ඔබට, ඔබගේ දුව පුතාට අවශ්‍ය වන ශ්‍රී ලාංකික /  ලෝක ඉතිහාසයේ වැදගත් සිදුවීම් හා ඒ සම්බන්ධ කරුණු අළෙලා සකස් කෙරූ සාමාන්‍ය දැනුම සංග්‍රහය


..ඉතිහාසය මතක තබා ගන්නා පහසු ක්‍රම..


√ ⛔සාර්ක් රටවල් .

  • 💫මා :👉මාලදිවයින.
  • 💫ලග :👉ලංකාව.
  • 💫ඉන්නේ :👉ඉන්දියාව.
  • 💫පාවෙන :👉පාකිස්තානය.
  • 💫බූතයෙක් :👉බූතානය.
  • 💫නේ :👉නේපාලය.
  • 💫බං :👉බංගලාදේශය. 


√ ⛔පංච මහා වාද.

  • 💫බංඩෝ :👉බද්දේගම.
  • 💫වරෙන් :👉වරාගොඩ.
  • 💫උඩන :👉උදන්විට.
  • 💫ගමේ :👉ගම්පොළ.
  • 💫පාටියට :👉පානදුරා. 


√ ⛔පෘතුගීසි ලංකාවේ ගෙන ගිය සටන්.

  • 💫මුදිත :👉මුල්ලේරියා.
  • 💫දම්මි :👉දන්තුරේ.
  • 💫බලන්න :👉බලන.
  • 💫රඹුටන් :👉රන්දෙනිවෙල.
  • 💫ගන්න :👉ගන්නෝරු. 


√ ⛔පෘතුගීසි සටන් නායකයෝ.

  • 💫අ :👉අපොන්සුද ලසර්දා.
  • 💫පේ :👉පේරෝ ලොපේස්ද සූසා.
  • 💫දොරේ :👉දොන් ජෙරනිමේද අසවේදු.
  • 💫කොක්ක :👉කොන්ස්තන්තිනූද සා.
  • 💫දිරල :👉දියෝගුද ලේනෝ කැස්ත්‍රෝ. 


√ ⛔ලංකාවට පැමිණි මිශනාරී සංවිධානය.

  • 💫ලන්ඩන් :👉ලන්ඩන්.
  • 💫බෑණා :👉බැප්ටීස්ට්.
  • 💫වෙස්වලාගෙන :👉වෙස්ලියන්.
  • 💫ඇමරිකාවට ගිහින්:👉ඇමරිකන්
  • 💫චාමර :👉චර්ච්.
👑 එක් එක් රාජධානිවල ආරම්භක පාලකයන්👑

  •     අනුරාධපුරය(අනුරාධග්‍රාම) - පණ්ඩුකාභය රජු
  •     පොළොන්නරුව   - 1වන විජයබාහු රජු
  •     දඹදෙණිය       - 3වන විජයබාහු රජු
  •     යාපහුව          -1වන බුවනෙකබාහු රජු
  •     කරුණෑගල   -2වන බුවනෙකබාහු රජු
  •     ගම්පොළ      -4වන බුවනෙකබාහු රජු
  •     කෝට්ටේ     -6වන බුවනෙකබාහු රජු
  •     මහනුවර       - සේනාසම්මත වික්‍රමබාහු රජු      
  •     යාපනය         - විජයකුලංකෛ රජු 

👑👑 මහනුවර රාජධානිය👑👑

  • සේනාසම්මත වික්‍රමබාහු
  • ජයවීර බණ්ඩාර
  • කරලියද්දේ බණ්ඩාර
  • 1වන රාජසිංහ රජු
  • 1වන විමලධර්මසූරිය රජු (නව රාජවංශයක ආරම්භකයා)
  • සෙනරත් රජු
  • 2වන රාජසිංහ රජු
  • 2වන විමලධර්මසූරිය රජු
  • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු(අවසන් සිංහල රජු) 

⚜️ නායක්කර් වංශික රජවරුන්⚜️

  • ශ්‍රී විජය රාජසිංහ රජ  (විජයගේ)
  • කර්ති ශ්‍රී රාජසිංහ රජු  (කිර්තිය)
  • රාජාධිරාජසිංහ රජු      (රාජාට)
  • ශ්‍රී වික්‍රම රාජසිංහ රජු  (විහිලුවක්) = ශ්‍රී ලංකාවේ අවසන් රජු 


   🔥 උඩරටට ආ ඉංග්‍රීසි දූතයන් 🔥

  • 1762-ජෝන් පයිබස් -කීර්ති ශ්‍රී රාජසිංහ රජු  (ජෝකි)
  • 1782- හියු බොයිඩ්       - රාජාධිරාජසිංහ රජු   ( හිරා)
  • 1795-රොබට් ඇන්ඩෲස් -රාජාධිරාජසිංහ රජු  ( රොබට් රජා)              

         

    🔥පංච මහා වාද🔥

  • 👉 1865 - බද්දේගම  (බණ්ඩෝ)
  • 👉  1865 -වරාගොඩ   ( වරෙන්)
  • 👉  1866 - උදන්විට     (උඩහ)
  • 👉  1871 -  ගම්පොළ    ( ගමේ)
  • 👉  1872 -පානදුරාවාදය (පාටියට) 


      🛐 ප්‍රාග් ඓතිහාසික වාසස්ථාන 🛐

  • මිනිහාගල්කන්දේ ඉදන් පතීගේ වෙරළෙ      බුදියන්නේ
  • බණ්ඩ හොරාටයි හැමදා කන්දේ දඩයම්          යන්නේ
  • සීගිරි අලිගල පොතාන පහතරටේ                 වේළෙන්නේ
  • කුරුවිට දොඹ කිතුලේ බෙලි පහතරටේ            පවතින්නේ
  • පාහියන්ගල මේ ලෙන් ටික තෙත් කලාපේ බව   දන්නේ 


  • ♣️ වෙරළාශ්‍රිත එලිමහන් වාසස්ථාන- මිනිහාගල්කන්ද, බූන්දල, පතිරාජවෙල
  • ♣️කදුකර එලිමහන් දඩයම් වාසස්ථාන - බණ්ඩාරවෙල, හෝර්ටන්තැන්න 
  • ♣️පහතරට වියළි කලාපීය ලෙන්- සීගිරිය, අලිගල ,පොතාන
  • ♣️තෙත්කලාපීය ලෙන්- බෙල්ලන්බැදිපැලැස්ස
  • ♣️පහතරට තෙත් කලාපීය ලෙන් - පාහියංගල, බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන



Post a Comment

0 Comments