ඔබේ දැනුම වර්ධනයට වැදගත් (සාමාන්‍ය දැනුම) - [03]


 සිංහල සාහිත්‍ය සංග්‍රහය 

🔖සතර කන් මන්ත්‍රනය 

📌 අවධිය; කුරුණෑගල අවධිය 

📌 14 වන සියවස කුරුණෑගල රජ කල සතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජ දවස පන්සිය පනස් ජාතික පොත සිංහලයට පරිවර්තනය කෙරිණ 

📌 මුලාශ්‍ර වු ග්‍රන්ථය; පාලි ජාතක අට්ටකතාව 

📌 සිංහල ජාතක කතා පොතෙහි ලක්ශන;    

      🐰 ජාතක ගාථා ස්වල්පයක් තිබිම

      🐰 වෛයාකරන දක්නට නොලැබීම 

      🐰 අතිත කතාව අඛණ්ඩව ඉදිරිපත් කිරිම 


📌 එහි ඇති ජාතක කතා ගනන; 547 

📌 නියමිත ආකෘතිය;

      🐰 වර්තමාන කතාව 

      🐰අතිත කතාව 

      🐰සමෝදානය 


🥀 ජාතක කතා පොත ඇසුරින් ,,,,,,,,,,

📌 වෙන් වෙන්ව රචිත ජාතක 

      🐰උම්මග්ග ජාතකය 

      🐰උන්මදන්තිය

      🐰එළු උමන්දාව 

📌 ගී කාව්‍ය 

      🐰මුවදෙව්දාවත

      🐰සසදාවත

      🐰කව්සිලුමින 

📌 කාව්‍ය ග්‍රන්ථ 

      🐰කව්‍යශේකරය

      🐰කුස ජාතක කාව්‍ය 

      🐰ගුත්තිල කව්‍ය 

      🐰සද කිදුරු දා කව

      🐰නිමි ජාතකය

      🐰කව්මිනි කොඩොල 

📌 දීර්ඝතම ජාතකය; උම්මග්ග ජාතකය 

📌 රචනා කිරිමේ අරමුණ; මහෝශදයන්ගේ බුද්දි මහිමය විශද කිරිම


🔖ගුත්තිල වෙණ නද 

📌අවදිය; කෝට්ටෙ අවධිය 

📌 කෘතිය; ගුත්තිල කාව්‍ය 

📌 රචකයා; වෑත්තෑවේ හිමි 

📌 උපන් ගම; වයබ පලාතේ සත් කෝරළේ පහළ දොලොස් පත්තුවේ වෑත්තෑව ගමේ 

📌 පද්‍ය; 511 

📌 රචනා කිරීමට ඇරයුම් කලේ; සිරි පැරකුම් රජුට සේවය කල සලාවත ජයපාල 

📌 අරමුණ; තමා අකෘතන්‍ය ගෝලයක් නොවන බව තම ගුරු හිමියන්ට පැවසිම


🔖හානා හීය

📌 ජන කවිය, මිනිස් සන්තානය තුළ ඇති හැගිම් ප්‍රකාශ කිරිමට යොදා ගැනුණි 

📌 පරමත්ත ජෝතිකාවේ එන පාඨයක ජන කවිය පිලිබද දැක්වේ 

📌 කෘෂිකර්මාන්තය ආශ්‍රිත ජන කවි

      🔮ගොයම් කවි 

      🔮නෙලුම් කවි 

      🔮කුරක්කන් කවි 

      🔮පැල් කවි 

      🔮කමත් කවි 

📌රැකියා අශ්‍රිත කවි

      🔮පතල්කවි

      🔮බඹර කවි 

      🔮පාරු කවි 

📌 කෙලි සෙල්ලම් අශ්‍රිත කවි 

      🔮ඔංචිලි වාරම්

      🔮කල ගෙඩි නැටුම්

      🔮ඔලිද කෙලිය 

📌 ශාන්ති කර්ම අශ්‍රිත කවි

       🔮දෙවොල් මඩු 

       🔮 ගම්මඩු 

       🔮කොල්මුර 


🥀ජන කවියේ විශෙශ්ෂතා

        🔮ජන දිවිය හා බැදි පැවතිම

        🔮සරල උපමා ,රූපක භාවිත ය

         🔮භාව පූර්න වාග් මාලාව

       🔮විවිද විරිත් භාවිත ය 

🤫දැනමුතු කමට කී කවි ,,,,උපදෙස් දිම්ට් කි කවි...කියලාත් මේවාට කියනවා 


 📚👉..විභක්ති..👈📚

√ 💫ප්‍රථම විභක්ති. 👉(වාක්‍යයක අවසන් ක්‍රියාවෙන් ප්‍රශ්න කල විට උක්ත වන පදය ප්‍රථමා විභක්ති වේ.)

√ 💫කර්ම විභක්ති.💫 👉(වාක්‍යයක කර්තෘගේ ක්‍රියාවට යටත් වන පදය කර්ම විභක්ති වේ.)

√ 💫කර්ණ විභක්ති.💫 👉(කර්තෘට යමක් කිරීමට උපකාරී වන පදය කර්ණ විභක්ති වේ .)

√ 💫අවදි විභක්ති.💫 👉(යමක් වෙන්වීමේදී "කුමකින් වෙන් වන්නේද යන්න"එය අවදි විභක්ති වේ.)

√ 💫සම්බන්ධ විභක්ති.💫 👉(යමක අයිතිය දරන පදය සම්බන්ධ විභක්ති වේ.)

√ 💫සම්ප්‍රදාන විභක්ති .💫 👉(යමක් ප්‍රදාන කිරීමේදී එය ලබන්නා සම්ප්‍රදාන විභක්ති වේ .)

√ 💫ආධාර විභක්ති.💫 👉(යමක් දරා සිටින / තබා ගෙන සිටින පදය ආධාර විභක්ති වේ .)

√ 💫කර්තෘ විභක්ති .💫 👉("විසින්" නිපාතය සහිත අනුක්ත කර්තෘ පදය කර්තෘ විභක්ති වේ .)

√ 💫ආලපන විභක්ති .💫 👉(ආමන්ත්‍රණ කිරීමේදී හෙවත් අමතීමෙදී යොදා ගන්නා නාම පද ආලපන විභක්ති වේ .)


Post a Comment

0 Comments